ඉකුත් පෙබරවාරි මාසයේ තමන් කී පරිදිම විදුලිබල වැඩි කිරීම වැරදි දත්ත මත පදනම් වූවක් බව මේ වනවිට ඔප්පු වී ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest News
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලය විදුලි බල වැඩි කිරීම සදහා වැරදි දත්ත ඉදිරිපත් කොට ඇති බවත්, විධිමත් පරීක්ෂණයකින් එය තහවුරු වන බවත්ය.
‘එදා මේ අය 66%කින් විදුලි බිල වැඩි කරන්න තීන්දු කළාම මම කිව්වේ 30%කින් බිල වැඩි කරන්න කියලයි. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. 3%කින් විදුලිබිල අඩු කරන්න කියලා කිව්වාම දැන් මණ්ඩලය 14%කින් විදුලි බිල අඩු කරන්න හදන්නේ ඒකයි.’ යනුවෙන් ඒ මහතා කීය.










