අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපකය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන්ව නිබේ. (Sri Lanka Latest News)
මෙසේ අතුරුදන් වී ඇත්තේ කොළඹ ගුණසිංහපුර මහල් නිවාසවල පදිංචිව සිටි ෆාතිමා ෆස්නා 20 නමැති තරුණියක්බව ද පොලිසිය සඳහන් කරයි. ඇය පිටකොටුවේ පාසලක ස්වේච්ඡා ගුරුවරියක ලෙස කටයුතු කර ඇතැයි ද හෙලි වී තිබේ.
ගුණසිංහපුරයේ වෙසෙන පිරිසක් ඔවුන්ගේ ඥාතීන් වෙසෙන තිහාරිය නිවසකට ඊයේ (02) දහවල් පැමිණ ඇති බවත්, මෙම තරුණිය ද එම පිරිස සමග පැමිණි ආගන්තුක තරුණියක බව හෙලිවී ඇත.
මෙම තරුණිය ඇතුළු හත්දෙනකු ඊයේ පස්වරුවේ අත්තනගලු ඔයේ දිය නෑමට ගොස් ඇති අවස්ථාවේ මෙම තරුණිය ගල්තලාවක් මත සිට ලිස්සා ඇදවැටී ඇතැයි සඳහන්ය.
තමන් පිහිනීමට නොදන්නා බව කියමින් බේරා ගන්නැයි ඇය කෑ ගසද්දීම දියේ ගිලී ගසාගෙන ගොස් ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ප්රදේශවාසීන් හා එක්ව පොලිසිය තරුණිය සොයාගැනීමට අද පස්වරුව වන තුරුම උත්සාහ ගත්තත් පලක් පලක් වී නැත.
නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා තරුණිය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කෙරෙන බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.
dinamina










