• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අතිභයානක අවිආයුධත් එක්ක තුන්වන ලෝක යුද්ධයට සියල්ල ලෑස්තියි!

January 31, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අතිභයානක අවිආයුධත් එක්ක තුන්වන ලෝක යුද්ධයට සියල්ල ලෑස්තියි!
Share on WhatsAppShare on Facebook

කිලෝමීටර් ගණනාවක් දුරට දිවෙන මෙම මහා තැනිතලාවේ සෑම තැනකම බිම වසාගෙන ඇත්තේ සුදුවන් අයිස් කැබලිය. ශීත ඍතුවේ උච්චතම ස්ථානයට පැමිණ ඇති හෙයින් ශීතල කිසිදු ආකාරයකින් දරාගන්නට නොහැකිය. එහෙත් මේ කිසිවක් නොතකන යම් මිනිසුන් විශාල පිරිසක් ඝනකම් හිම කබා පැලඳගෙන මේ හිම තලාවේ දිවා රාත්‍රිය ගතකරන්නේ තම දෙනෙත් පැය 24 පුරාම දල්වාගෙනය. ඔවුන් සෑම එකෙකු අතම ඇත්තේ ලොව ඉතා නවීන අවි ආයුධය. ඒ අතර මෙම හිම තැන්නේ තැනින් තැන නවතා ඇති හමුදා ට්‍රක් රථ, යුද ටැංකි, රොකට් විදින රථ සහ මිසයිල ප්‍රහාරක යුද රථද ඉතා දරුණු බියකරු චිත්‍රයක් මවාපායි. කොයි මොහොතක හෝ මහා බියකරු යුද්ධයක් ඇතිවේ දැයි සිතිය නොහැකි වටපිටාවක් දස අතින්ම නිර්මාණයවී ඇත. දැනට දින ගණනාවක සිටම මෙම බියකරු යුද දසුන් දකින්නට හැකිවී ඇත.

ඔබට මෙසේ ප්‍රකාශ කර සිටියේ චිත්‍රපටයක් චිත්‍රණය කරන දසුනක් නොවේ. මෙය සැබෑම අයුරින් මේ දිනවල දැකිය හැකි දසුනකි. අප රටට සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි රුසියාවට ආසන්න යුක්රේනයේ දේශසීමාව අසලින් මේ දසුන් දැකිය හැකිය. එනම් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට සැරසෙන පුවතක් ගැන මේ දිනවල ලොව පුරා කතාවන්නට ගත්තේය. මෙය දැන් යම් ආකාරයකට සත්‍යයක් වන ලකුණු පැහැදිලිවම දක්නට ඇත. මේ අනුව මේ දිනවල රුසියානු හමුදා සාමාජිකයන් ලක්ෂයක පමණ පිරිසක් අවි ආයුධ සන්නද්ධව යුක්රේනයේ දේශසීමාවට පැමිණ ඇත. එසේම එම ප්‍රදේශය තුළ හමුදා අභ්‍යාසයන්ද සිදුකරමින් පවතී. දැනට වසර කිහිපයක සිට රුසියාව සහ යුක්රේනය අතර පැවැති දේශපාලනික අර්බුදකාරී තත්ත්වය හේතුකරගෙන මෙවැනි යුද පසුබිමක් නිර්මාණයවී ඇති. කෙසේ හෝ තත්ත්වය එසේ වුවත් මෙතෙක් රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුව නැත.

තත්ත්වය කෙසේ වෙතත් මෙවැනි යුද්ධයක් යම් හෙයකින් ඇතිවුවහොත් එය ඉතා බරපතළ එකක් වනු ඇත. එසේ වන්නේ රුසියානු බලවතාට එරෙහිව එවිට නැඟීසිටින්නේ ඇමෙරිකානු බලවතා වන හෙයිනි. එනම් යුක්රේනයට සහාය දක්වන ප්‍රධානතම බටහිර රට වන්නේ ඇමෙරිකාවය. එසේම එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් රුසියාවට එරෙහි වීමට නේටෝ සංවිධානයේ තවත් බටහිර රටවල් කිහිපයක්ම දැන් තම පූර්ණ කැමැත්ත ප්‍රකාශ කර ඇත. මේ හෙයින් මෙම තත්ත්වය ඉතාමත් බරපතළ බියකරු එකක් වනු ඇත. එසේම එය තුන්වැනි ලෝක මහා යුද්ධයක් දක්වාම දිග්ගැසීමට ඉඩ ඇති බවද දේශපාලන සහ යුද විචාරකයෝ අනාවැකි ප්‍රකාශ කරති.

කෙසේ හෝ මෙම යුදමය අර්බුදය ගැන වඩාත්ම අවධානයෙන් පසුවන්නේ ඇමෙරිකාවය. මෙයට දින කිහිපයකට පෙරදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍ය වෙත සුවිශේෂ ප්‍රකාශයක් සිදුකළේය. ඔහු එහිදී මෙසේ අවධාරණය කර ඇත.

‘රුසියාව සිදුකරන මේ ක්‍රියාව නිකන්ම අල්ලලා ඉවත දාන්න පුළුවන් එකක් නෙවෙයි. ඇමෙරිකාව සමග අනෙකුත් නේටෝ සංවිධානයේ රටවල් මේ තත්ත්වය ගැන දැඩි අවධානයකින් පසුවෙනවා. සමහර පාර්ශ්ව කියනවා රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන්නේ නැහැ කියලා. ඒත් මට හිතෙනවා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ ආක්‍රමණය සිදුකරයි. කියලා. ඔහුට යුක්රේනය සමග කළ යුතු යම් කාර්යයක් තිබෙනවා. ඔහු යුක්රේනයට ඇතුළු වෙයි කියන එකයි මගේ පුද්ගලික විශ්වාසය. යම් හෙයකින් පුටින් මේ දේ සිදුකළහොත් ඔහුට එරෙහිව සම්බාධක පැනවීම අපි සිදුකරනවා. එසේම මෙම ආක්‍රමණය සිදුවුවහොත් දැවැන්ත ප්‍රතිවිපාක ඇතිවන තත්ත්වයක් උදාවෙනවා. සමහර විට මෙය දෙවැනි ලෝක මහා යුද්ධයට පසු සිදුවන විශාලතම යුද්ධය වන්නටද පුළුවන්.’

මෙම යුද අර්බුදයේදී දැන් වාර්තා වන සුවිශේෂ පුවත වන්නේ මේ වන විටත් ඇමෙරිකාව විවිධ යුද අවි ආයුද වර්ග රාශියක් යුක්රේනයට ගුවන් මගින් එවා ඇති බැව්ය. නවීනතම අවි ආයුධ, රොකට් වෙඩි, ප්‍රති ගුවන් යානා ප්‍රහාරක අවි, ඩ්‍රෝන ප්‍රහාරක යානා, නූතන ඉලෙක්ට්‍රොනික අවි ආයුධ, රාත්‍රී මෙහෙයුම් යුද උපකරණ සහ තවත් යුද මෙවලම් රැසක් මේ වන විට ඇමෙරිකාව විසින් යුක්රේනයට ලබාදී ඇතැයි පැවසෙයි. එහෙත් මේ වන විටත් ඇමෙරිකාව සහ යුක්රේනය එම සැපයුම් ප්‍රබල රහසක් ලෙස රැකගෙන ඇති අතර, කිසිදු පුවතක් හෙළිදරව් කර නැත. එසේම හදිසි අවස්ථාවකදී යුක්රේනයට පිටත් කර හැරීම සඳහා ඇමෙරිකානු සොල්දාදුවන් 10,000ක භාණ්ඩ ආදිය සකස් කරගනිමින් සිටිති. එනම් එවිට ඔවුන් ඕනෑම මොහොතකදී ගුවන් මගින් යුක්රේනයට පැමිණෙනවා ඇත. මේ ආකාරයට ඇමෙරිකාව මෙම අර්බුදයේදී තමන්ගේ මිත්‍ර රටවල් සමගද එක්වී සංවිධානාත්මක සැලසුමක් සකස් කර ඇත. අනෙකුත් රටවල් සියල්ලම යුරෝපයේ රටවල් වෙති.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යුක්රේනය අයත්ව තිබුණේ රුසියාවටය. එනම් රුසියාවේ පාලනය යටතේ පැවැති අතර 1991 වසරේදී රුසියාවේ බිඳවැටීමත් සමග යුක්රේනය වෙනම ස්වාධීන දේශයක් බවට පත්විය. ඒ අනුව පසුගිය වසර 30ක් පුරා යුක්රේනය සම්පූර්ණයෙන්ම වෙනම රටක් ලෙස ස්වාධීනව කටයුතු කළේය. එලෙස කාලය ගෙවීගෙන යද්දී රුසියාවේ වත්මන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පාලනය යටතේ 2014 පෙබරවාරි මාසයේදී දෙරට අතර යුද අර්බුදයක් ආරම්භ වූවේය. එනම් පසුගිය වසර අටක ආසන්න කාලයක් පුරා විවිධ යුද ගැටුම් ඇතිවුණේය. එය එක්තරා ආකාරයකින් ප්‍රබල බිහිසුණු අර්බුදයක් වූ අතර, දැනට මෙම දෙරට යුද්ධය හේතුවෙන් දෙරටෙහි හමුදා සාමාජිකයන් සහ සිවිල් වැසියන් 10,000ක් පමණ මරණයට පත්ව ඇත. එමෙන්ම තවත් 50,000ක පමණ පිරිසක් තුවාල ලබා ඇත. දැනට වසර 08ක් පුරා කඩින් කඩ ඇතිවන මම යුද්ධය හඳුන්වන්නේ ‘රුස්සෝ – යුක්රේනියන් වෝ’ ලෙසිනි.

කෙසේ හෝ මෙවර මෙම යුද්ධය ඇතිවුවහොත් තත්ත්වය ඉතා භයානක වනු ඇත. මෙලෙස රුසියානු හමුදා ප්‍රහාරයකට ලැහැස්ති වීමේ ප්‍රධාන හේතුව කුමක්ද? එය නම් යුක්රේනය මෙවර ප්‍රබල යුරෝපීය සංවිධානයක් වන නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබීමය. මේ නිසා එයට රුසියාව බලවත් ලෙස විරුද්ධය. රුසියාව යනු යුරෝපයට සහ ආසියාවට අයත් දේශසීමාවක ඇති රටකි. මෙය පෙර රුසියාවට පාක්ෂික වූ යුක්රේනයේ තිබුණු පාලනය තන්ත්‍රය පලවාහැරීමට ඇමෙරිකාව ඇතුළු බටහිර රාජ්‍ය පාලනයන් කටයුතු කළේය. දැන් යුක්රේනයේ වත්මන් ජනාධිපතිවරයා වන වොලොඩිමීර් සෙලෙන්ස්කි යනු ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට හිතවත් ජනාධිපතිවරයෙකි. මේ තත්ත්වය යටතේ වත්මන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙම යුද අර්බුදයට නිරන්තරයෙන්ම මැදිහත් වීම සිදුකරයි. පුටින් කොයි මොහොතක හෝ යුක්රේනයට ඇතුළු වනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ එහෙයිනි.

ලෝකයේ ප්‍රබලතම යුද හමුදා තුන වන්නේ ඇමෙරිකාව, චීනය සහ රුසියාවයි. මේ ආකාරයට යුද්ධයක් ඇතිවුවහොත් එය තුන්වැනි ලෝක මහා යුද්ධයක්ම වනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පොන්නම්බලම්ගේ පුතා උතුර හොල්ලයි! මහ සෙනගක් සමග යාපනයේ පාරට බහියි! (VIDEO)

Next Post

රාජ්‍ය සේවකයන්ගේ පඩිය 25%කින් කපයි! ගෙවපු ‌දීමනාත් දින 10ක් ඇතුළත ගෙවන්න කියයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.