බැසිල් රාජපක්ෂ මහතා හට ලබා දෙන අමාත්‍ය ධූරය සම්බන්ධයෙන්ද පසුගිය දින කිහිපය පුරා විවිධ ආරංචි මාර්ග පැතිර ගියත් මේ වනවිට ඒ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් දිව්රුම් දීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ සදහා සියලු පාර්ශ්වවල එකගතාව මේ වනවිට පළව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව අමාත්‍ය ධූරය ගැසට් කිරීමෙන් පසු බොහෝදුරට බැසිල් රාජපක්ෂ මහතා පළමුව අමාත්‍ය ධූරයේ දිව්රුම් දෙනු ඇති බවට නිල නොවන ආරංචියක්ද මේ වනවිට පැතිර යමින් තිබේ.
එසේ වුවහොත් පළමුව අමාත්‍ය ධූරයේ දිව්රුම් දී හෙට (08) දිනයේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිව්රුම් දෙනු ඇති බවද එම නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.










