• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සියලු දෙනා ලෑස්ති වෙන්න! ලබන ජූලියේ භයානක සුනාමියක්! ජපානයේ බාබා වැන්ගා ප්‍රබල අනාවැකියක් කියයි! ලෝකයේම මාධ්‍ය ප්‍රසිද්ධිය දෙයි! Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
සියලු දෙනා ලෑස්ති වෙන්න! ලබන ජූලියේ භයානක සුනාමියක්! ජපානයේ බාබා වැන්ගා ප්‍රබල අනාවැකියක් කියයි! ලෝකයේම මාධ්‍ය ප්‍රසිද්ධිය දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක ඉතිහාසය ගත්කල ඉතා සුවිශේෂ දස්කම් දැක්වූ අපූරු මිනිසුන් ගැන විවිධ වාර්තා රැසක් දැකිය හැකිය. එහිදී ඔවුන් තම දස්කම් දක්වා ඇත්තේ විවිධාකාර ක්ෂේත්‍රයන් හරහාය. එනම් මේ ආකාරයට දැකිය හැකි එක් සුවිශේෂ ක්ෂේත්‍රයක් වූයේ අනාගතය උදෙසා විවිධ අපූරු අනාවැකි පළකිරීමයි. මේ ආකාරයට විස්මිත අනාවැකි පළකර ලෝකය පුරා ප්‍රචලිත වූ එක්තරා ප්‍රධාන චරිත දෙකක් ගැන අසන්නට ලැබෙයි. ඒ ආකාරයේ මිනිසුන් ලොව පුරා සිටියත් මොවුන් දෙදෙනා ඒ සියල්ලන්ටම වඩා ඉහළින්ම සිටිනු ලබයි. අද ලෝකයේ බොහෝ දෙනකු හඳුන්වන පරිදි ඔවුන් නම් 1503 සිට 1566 වසර දක්වා ජීවත් වූ ප්‍රංශ ජාතික මිචෙල් නොස්ට්‍රඩාමස් සහ 1911 සිට 1996 වසර දක්වා ජීවත්වූ බල්ගේරියානු ජාතික කාන්තාවක් වන බාබා වැන්ගාය. මොවුන් දෙදෙනාම සමාජය තුළ සලකනු ලබන්නේ ගුප්ත විද්‍යාඥයන්, ජ්‍යොතිෂවේදීන් හා අනාවැකිකරුවන් ලෙසිනි.
මෙවැනි වටපිටාවකදී මෙම මිනිසා සහ කාන්තාව වසර ගණනාවක් පුරා ලොවට හෙළිකළ විස්මිත අනාවැකි රැසක්වූ අතර, ඒවායින් බොහොමයක්ම සත්‍ය වූ ආකාරයද දක්නට හැකි විය. එම වතගොත ලෝකයේ බොහෝ දෙනකු දන්නේය. මෙවැනි ඉතිහාසගත පසුබිමක් තිබියදී පසුගියදා වත්මන් ලෝකය තුළදී අපට අසන්නට ලැබුණු තවත් සුවිශේෂ චරිතයක් විය. මෙම කතාව අපට ඇසෙන්නේ ජපානය තුළිනි. ‘ජපානයේ බාබා වැන්ගා’ යැයි හඳුන්වනු ලබන එක්තරා කාන්තාවක් ගැන මෙම කරුණු ප්‍රකාශ වෙයි. එනම් ඇයද යම් ගුප්ත බලයක් ඇති අනාවැකි ප්‍රකාශ කරන්නියක ලෙස ප්‍රකටව ඇත. ඇය පසුගිය කාලයක් පුරා ප්‍රකාශ කරන ලද අනාවැකි ගණනාවක්ම සත්‍යයන් බවට පත්වූ හෙයින් ඇයට ‘ජපානයේ බාබා වැන්ගා’ යන අන්වර්ථ නාමයද පටබැඳිණි. ජපන් ජාතිකයකු වන මෙම ගුප්ත විශේෂඥවරියගේ සැබෑ නාමය වන්නේ රියෝ ටැට්සුකිය. දැනට 70 වැනි වියෙහි පසුවන ඇයගේ තවත් දීර්ඝ තොරතුරු පසුව සොයා බලමු. එනම් ඇය විසින් මෙයට දින කීපයකට පෙරදී ප්‍රකාශ කර ඇති එක්තරා විස්මිත ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ. මෙම ගුප්ත අනාවැකිය කුමක්දැයි සොයා බලමු. Sri Lanka Latest News

‘මෙම 2025 වසරේ ජූලි මාසයේදී ජපානය ප්‍රධාන කරගෙන තවත් රටවල් කීපයක් සඳහාද බලපානු ලබන දැවැන්ත සුනාමියක් ඇතිවෙනවා. මෙය පිලිපීනය, තායිවානය, ඉන්දුනීසියාව සහ තවත් යාබද කලාප කිහිපයකටද බලපානවා. මෙය 2011 වසරේදී ජපානයට බලපෑ සුනාමියටත් වඩා විශාල භයානක විපතක්. සමහර විට ඉන්දියාව ආශ්‍රිත සාගර කලාපයටත් බලපෑ හැකියි. මේ සුනාමිය මගින් ජීවිත හා දේපළ හානි විශාල වශයෙන් සිදුවිය හැකියි. මම පුරෝකථනය කර 2011දී ජපානයට ඇතිවුණු සුනාමියට වඩා තෙගුණයකින් විශාල වූ සුනාමියක් 2025 ජූලිවලදී ඇතිවිය හැකියි….’

ගත සිත කීරිගැසී යන රියෝ ටැට්සුකීගේ අනාවැකිය ඇයගේ වදනින් එසේ ප්‍රකාශ කෙරී තිබිණි. ලෝකයේ බෝහෝ රටවල විවිධාකාරයේ අනාවැකිකරුවන් සිය දහස් ගණනින් දක්නට හැකිය. එහෙත් මොවුන්ගෙන් බහුතරයකගේම අනාවැකි මිත්‍යාවන් හෝ පුස්සක් හෝ බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේද එවැනි ආකාරයේ ‘කෙබර’ දෙසාබාන අනාවැකිකරුවන් සහ ජ්‍යොතිෂකරුවන් ඇත. එවැනි පුද්ගලයන්ගේ බේගල් නිසා මිනිසුන් එම පිරිස් තඹයකට මායිම් කරන්නේද නැත. මෙය සමස්තයක් ලෙස ලෝකයේ බොහෝ රටවලට පොදුය. එහෙයින් යම් අනාවැකි සත්‍ය අයුරින් ප්‍රකාශ කරන ලද අනාවැකිකරුවන් ගැන ලෝකය දැඩි උනන්දුවක් දක්වයි. මෑත කාලයේ එවැනි එක් සුවිශේෂ චරිතයක් වූයේ ඉහත අප කතාකළ රියෝ ටැට්සුකී නමැති ජපන් කාන්තාවයි. ඇය ලෝ වටා ප්‍රචලිත වන්නට සහ ගරුත්වයට පාත්‍ර වන්නට ඇය ප්‍රකාශ කළ සත්‍යයක් වූ අනාවැකි මොනවාද? ඒවා කිහිපයක් සොයා බලමු.

● 1981 වසරේදී ජපානයේ නන්කායි ප්‍රදේශයේ සිදුවූ විශාල භූමිකම්පාව පුරෝකථනය කිරීම. ඇය විසින් 1980 වසරේදී එම ව්‍යසනය ගැන අනාවැකිය ප්‍රකාශ කර තිබූ අතර, වසරක පමණ කාලයකදී එය සත්‍යයක් බවට පත්විය.

● 1991 වසරේදී ලෝක ප්‍රකට රොක් සංගීත කණ්ඩායමක් වන ‘ක්වීන්’ හි නායකයා වන ප්‍රකට ගායක ෆ්‍රෙඩී මර්කරි ඒඩ්ස් රෝගය හේතුවෙන් මියයන බවට ඇය අනාවැකියක් පළකළාය. එම පුරෝකථනය සත්‍යයක් කරමින් ඔහු 1991 නොවැම්බර් 24 වැනිදා මරණයට පත්විය.

● 2011 මාර්තු මාසයේදී ජපානයේ බොහෝ ප්‍රදේශවලට බලපානු ලැබූ විශාල සුනාමිය ගැන පුරෝකථනය කිරීම. මෙය සිදුවූයේ අතිවිශාල භූමිකම්පාවක්ද සමගය. මෙම ව්‍යසනය ‘තෝහොකු භූමිකම්පාව සහ සුනාමිය’ ලෙස හඳුන්වා තිබිණි. මැග්නිටියුඩ් අංශක 9.1ක අතිවිශාල බලයකින් යුත් මෙම භූමිකම්පාව හේතුවෙන් ජීවිත 20,000කට අධික ප්‍රමාණයක් අහිමි විය. ඩොලර් බිලියන 360ක දැවැන්ත දේපළ හානියක් සිදුවිය. රියෝ ටැට්සුකී විසින් මෙම ව්‍යසනය ගැන අනාවැකිය එයට වසර දෙකකට පෙරදී ප්‍රකාශ කර තිබිණි. ඇය ලොව වටා විශාල ලෙස ප්‍රකට වූයේ මෙම අනාවැකිය හේතුවෙනි.

● 2019-2020 වසරවලදී ලෝකයම අතිභයානක වෛරසයකට ගොදුරු වීම පුරෝකථනය කිරීම. එම ව්‍යසනය නම් කොවිඩ් – 19 වසංගතයයි. මෙම ව්‍යසනය සිදුවීමට ප්‍රථම ඇය ඒ බැව් පුරෝකථනය කර තිබුණාය.

● 1997 වසරේදී එංගලන්තයේ ඩයනා කුමරියගේ මරණය ගැන අනාවැකියක් පළකිරීම. රියෝ ටැට්සුකී එම අනාවැකිය ප්‍රකාශ කර තිබුණේ එය සිදුවීමට වසර 05කට පමණ පෙරදීය

මෙම අනාවැකිවලට අමතරව ජපානයේ සිදුවූ ගිනි කඳු පිපිරීම් සහ ජල ගැලීම් ගැනද ඇය කිහිප වතාවක්ම සත්‍ය වූ අනාවැකි ප්‍රකාශ කර ඇත. ජීවිත 6000කට වඩා බිලිගත් ජපානයේ කෝබේ ප්‍රදේශයේ සිදුවූ භූමිකම්පාව ගැනද රියෝ ටැට්සුකී සත්‍ය ලෙස පුරෝකථනය කර තිබිණි. මේ ආකාරයට ඇයගේ අනාවැකිවල නිවැරැදි බව හේතුවෙන් ඇය ලොව වටා පිළිගැනීමට ලක්විය.

ඔබ දැන් මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. එසේ නම් මෙලෙස ලොව ආන්දෝලනයට පත්කළ රියෝ ටැට්සුකී නම් අනාවැකිකාරිය කවරෙක්ද? ඇයගේ සැබෑ ජීවිත කතාව සොයා බලමු. අතීතයේ විසූ නොස්ට්‍රාඩමාස් හෝ බාබා වැන්ගා මෙන් ඇය ගුප්ත විද්‍යාඥයකු හෝ ජ්‍යොතිෂවේදියකු හෝ නොවේ. රියෝ ටැට්සුකී යනු වසර ගණනාවක් පුරා, එනම් තමන්ගේ තරුණ වියේදී සිටම වෘත්තියෙන් චිත්‍ර ශිල්පිනියකි. ජපානයේ සාම්ප්‍රදායික කාටූන් සහ විකට චිත්‍ර ශිල්පයක් ලෙස සැලකෙන ‘මැංගා ආර්ට්’ නමැති චිත්‍ර ශෛලිය ඇය ප්‍රගුණ කර ඇත. මෙම අපූරු විස්මිත අනාවැකිකාරිය මෙලෙස තමාගේ චිත්‍ර ශිල්පීය දිවිය ගතකරමින් සිටියදී ඇය තමන්ගේ නින්දේදී දකින විවිධාකාර සිහින ගැන දැඩි ලෙස අවධානය යොමුකරන්නට ගත්තාය. ලොව වෙසෙන මිනිසුන්ගෙන් බහුතරයකටම තමන් නින්දේදී දකින සිහින අමතක වී යන අතර, මතකයෙහි රැඳෙන්නේ නැත. එහෙත් රියෝ ටැට්සුකී එවැනි අයකු නොවූ අතර, ඇයට තමන් දකින සිහින බොහොමයක් මතකයේ සිටියි. විශේෂයෙන් භයානක ව්‍යසනයන් වැනි දර්ශන ඇයගේ මතකයේ ප්‍රබලව රැඳෙයි. මෙය යම් අයුරකින් ඇයගේ මනස දියුණු වී තිබීමක් හෝ යම් ගුප්ත වූ බලවේගයක් හෝ වන්නට ඉඩ ඇතිය. එම දසුන් සිහිනෙන් දැක නොනවතින ඇය, එම දසුන් පසු දිනකම චිත්‍රයට නගන්නීය. ‘මැංගා’ චිත්‍ර ශෛලිය ආශ්‍රිත කරගෙන ඇය එය සිදුකරන්නීය. 2011දී සිදුවූ මහා ජපන් සුනාමිය, ඩයනා කුමරියගේ මරණය, කොවිඩ් වසංගතය වැනි සත්‍ය වූ සිදුවීම් රැසක් ඇය සිහිනෙන් දැක ඇති අතර, ඒවා එම කාලවලදී ඇය චිත්‍රයට නගා ඇත. කෙසේ හෝ සිදුවීම සත්‍යයක් වන්නේ ඉන් පසුව ප්‍රකාශ වන කාලවකවානුවලදීය. ඇයගේ මෙම විස්මිත හැකියාව නිසා ඇය දැනට ලෝකය පුදුමයට පත්කර ඇත.

‘ජපානයේ බාබා වැන්ගා’ යන විරුදාවලිය ලත් රියෝ ටැට්සුකී නම් විස්මිත අනාවැකිකාරිය දැනට 70 වැනි වියේ පසුවන්නීය. ඇය ලෝකයේ සත්‍ය වූ ව්‍යසනයන් ගණනාවක් ගැන අනාවැකි රැසක් ප්‍රකාශ කර ඇති අතර, 2025 ජූලි මාසයේදී ජපානයේදී ඇති වන්නේ යැයි පැවසෙන මහා භූකම්පනය සහ සුනාමියද අලුත්ම පුරෝකථනයයි. කෙසේ හෝ මෙම ගතසිත කීරිගැසෙන අනාවැකිය ගැන ජපානයේ ප්‍රකට භූ විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටින්නේ එවැනි ව්‍යසනයක් සිදුවීමට මෙතෙක් කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නොමැති බවයි. එසේ වුවත් ජපානය ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී කලාපයක් වන පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති බැවින් එවැනි ව්‍යසනයන් සුලබ වන බවයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අපරාධකරුවන් ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා! පුබුදු කා ගැනද මේ කියන්නේ? Sri Lanka Latest News

Next Post

ජවිපෙ දෙවැනි කැරැල්ලේදී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරයි මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානයි කාර්යාලය ඇතුළෙදිම මැරුවේ මෙහෙමයි! වෙඩිතිබ්බේ විජය කුමාරතුංගව මරපු වෙඩික්කරුමයි! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

යාපනයේ මිනිස්සු පිස්සු වැටෙයි! විජේ එනවා! ලොකු දෙයක් වෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Exclusive

අරක්කුවලින් හොර පාරෙන් පක්ෂ අරමුදල්වලට ගිය කෝටි 102ක් තලපති විජේ මහාභාණ්ඩාගාරයට හරවයි! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

බෞද්ධ සමාජය තුළ විවාදාපන්න කරුණු සාකච්ඡා කිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වයට පත් පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි මින් ඉදිරියට යූටියුබ්...

Read more
සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.