ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගී වීමට ගිය ලංකාවේ අමාත්‍යවරුන් වන අලි සබ්‍රි මහතාත්, විජයදාස රාජපක්ෂ මහතාත් නවාතැන් ගෙන ඇත්තේ ඉතා ඉහළ මිල ගණන් ගෙවිය යුතු අතිසුඛෝපභෝගී ඉන්ටකොන්ටිනෙන්ටල් හෝටලයේ බව සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කොට ඇත.
මෙම හෝටලය ජිනීවා කොමිසමට ආසන්නයේ Chem du Petit-Saconnex 7-9 හි පිහිටා ඇති බව සදහන්ය.
එහි උදෑසන ආහාරවේල හෝ නොමැතිව දිනක වියදම ස්විස් ෆ්‍රෑන්ක් 563කි.
එය අමෙරිකානු ඩොලර් 586ක් වන අතර ලංකාවේ මුදලින් 210,301කි.
ලංකාව බංකොලොත් වී ඇති බවට ලෝකයටම ප්‍රකාශ කර සිටියදී මෙවැනි වියදමක් දරා නවාතැන් ගැනීම ගැටලුවක් බවද එම පුවත්පත වාර්තා කොට ඇත.










