දකුණේ ඇතමුන් ශ්‍රී මහා බෝධිය පසුකරගෙන යාපනයේ ඇතැම් ස්ථානවලට පැමිණෙන්නේ වෛරය වැපිරවීම සදහා යැයි ජනාධිපතිවරයා යාපනයේදී කළ කතාවට ප්‍රසාදය පළ කිරීමට ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පියවර ගත්තේය.Sri Lanka Latest News
”ජනාධිපතිතුමා ඒ කතාවෙන් කිව්වේ නාගදීපේ යන්න එපා කියලවත්, උතුරේ තියන පන්සලවලට යන්න එපා කියන එකවත් නෙවෙයි. එක පන්සලක් කේන්ද්‍ර කරගෙන, අපි දන්නවා ඒ කණ්ඩායම කවුද කරන්නේ කියලා. පහුගිය පොහොට්ටුව ආණ්ඩුවේ හිටපු කාලේ ඒ කණ්ඩායම මෙහෙයවපු කණ්ඩායමත් අපි දන්නවා. අපි ඒකට විරුද්ධ වුණා ඒ අවස්ථාවේ. ඒ කණ්ඩායම පිළිබදව තමයි ජනාධිපති කිව්වේ.ජනාධිපතිතුමා කොන්ද පණ තියෙන කතාවක් ඒ කරේ. යැයි පා. ම. ශානක්‍යයන්.රාසමානික්කම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.










