• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කපනවා කපනවා දිගට හරහට කපනවා! ලංකාවේ එහෙම වුණත් ලෝකයේ නම් එහෙම වෙන්නෙ නෑ…! Sri Lanka Latest News

August 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලොව විවිධ රටවල හිටපු ජනාධිපතිවරුන්ට එම රටවල ව්‍යවස්ථාවෙන් හිමිවන වරප්‍රසාද සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විග්‍රහක් ඉදිරිපත් කර තිබෙනවා. සිය යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගම්මන්පිල මහතා දැක්වූ එම විග්‍රහයෙන් කොටසක් පහත පළවේ.

වෙන රටවල ජනාධිපතිවරුන්ට පෙන්ෂන් ගියාට පස්සේ මොනවද හම්බවෙන්නේ?
ඇත්තෙන්ම අපේ රටේ 1986 විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ගෙනාවෙම ලෝකය පුරා අනිත් රටවල විශ්‍රාමික ජනාධිපතිවරුන් සම්බන්ධයෙන් ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳ පුළුල් අධ්‍යනයක් කිරීමෙන්. ලෝකයේ සෑම රටකම වගේ ජනාධිපතිවරු ඉන්න රටවල විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ප්‍රතිලාභ පිළිබඳ පනතක් තියෙනවා. අනිත් රටවල ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති නම් ජනාධිපතිටත් තියෙනවා, අගමැතිටත් තියෙනවා. ඇයි මේක දෙකට බෙදිලානේ. දැන් අපේ රටේ ආණ්ඩුවේ ප්‍රධානියයි, රාජ්‍යයේ ප්‍රධානියයි දෙන්නම ජනාධිපති. හැබැයි ඉන්දියාවේ රාජ්‍යයේ ප්‍රධානියා ජනාධිපති, ආණ්ඩුවේ ප්‍රධානියා අගමැති. දැන් මහා බි්‍රතාන්‍යයේ එහෙම නම් රාජ්‍යයේ ප්‍රධානියා රජතුමා. රජතුමා ඉතින් ජීවිත කාලෙම ඉන්න නිසා විශ්‍රාම කතන්දරයක් නෑ.

දැන් මේ ජනාධිපති ක්‍රමයේ මහ ගෙදර කොහෙද?

ඇමෙරිකා එක්සත් ජනපදයෙනේ ඔය ක්‍රමය පටන් ගත්තේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මුලින්ම බලන්න ඕනේ ඇමෙරිකාව දිහා. දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ තියෙනවා 1958 විශ්‍රාමික ජනාධිපති හිමිකම් පනත. අර අපේ පනත වගේම පනතක්. 1958 සම්මත කරලා තියෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාට නිල නිවසක් හිමිවෙනවා. කාර්යාල පහසුකම් හිමිවෙනවා. කාර්ය මණ්ඩලයක් හිමිවෙනවා. මැරෙනතුරාටම ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක අංශයෙන් ඒ කියන්නේ මොකක්ද? ීැජරුඑ ීැරඩසජැ. ඒකෙන් ආරක්ෂාව හිමි වෙනවා. ඒ වගේමයි මොනවද, ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප එතුමා රාජ්‍යයට ලබාදුන්නු වෙනත් සේවයකට ලැබෙන විශ්‍රාම වැටුපට පරිබාහිරවයි ලැබෙන්නේ. අපි දන්නවා ගෝඨාභය ජනාධිපතිතුමා අපේ රටේ හිටිය හමුදා නිලධාරියෙක්. එතකොට හමුදාවෙන් විශ්‍රාම ගත්තේ 1992. එදා ඉඳන් ලැබෙනවා විශ්‍රාම වැටුපක්. ඊට අමතරව තමයි ජනාධිපති විශ්‍රාම වැටුප.

ඇමෙරිකාවේ ඉන්නවනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාට කලින් හිටිය ජනාධිපතිතුමා, ජෝ බයිඩන්. එයා මුලින්ම සෙනෙට් සභිකයෙක්. අපේ රටේ විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ දැන් විශ්‍රාම වැටුප නැතිකරන්න යනවනේ. ලෝකය පුරාම ඒකත් තියෙනවා. සෙනෙට් සභිකයා කියන්නේ එහේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමානයිනේ. සෙනෙට් සභිකයෙක් විදිහට ඔහුට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඊට කලින් ඔහු උප ජනාධිපති වෙලා හිටියනේ. එතකොට ඒ උප ජනාධිපති ධුරයේ සිටීම සම්බන්ධයෙන් ඔහුට විශ්‍රාම වැටුපක් ලැබෙනවා. ඒ දෙකටම අමතරව තුන්වැනුව ජනාධිපති ධුරයේ විශ්‍රාම වැටුප ලැබෙනවා.

හරි ඇමෙරිකාවේ තත්ත්වයනේ ඔය ඔබතුමා කිව්වේ. දැන් ලංකාවේ ජනාධිපති ක්‍රමය ගොඩක් වෙලාවට සමානයි කියන්නේ ප්‍රංශයේ ක්‍රමයට. ප්‍රංශයේ කොහොමද වෙන්නේ?
ඔය ටික ඔය විදිහටම ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකුටත් ඒ ආකාරයෙන්ම හිමි වෙනවා. ඊට අමතරව ඔහු මියයන තුරාවට ඔහු ව්‍යවස්ථාදායක සභාවේ, අපෙත් තියෙන්නේ. ව්‍යවස්ථාදායක සභාවේ ස්ථාවර සාමාජිකයෙක් බවට පත්වෙනවා. විශ්‍රාමික ජනාධිපතිවරයා එයාට ඒක එයා කැමැති නම් විතරයි.

ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා ඔය සමිති සමාගම්වල immediate past president කියලා එක්කෙනෙක්වත් තියාගන්නවනේ?

ඔව්. දැන් මගේ පාසලේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සංසදයක් තියෙනවා. මොකක් හරි අර්බුදයක් මුහුණ පෑවම එතැනින් තමයි උපදෙස් ගන්නේ. ඇයි අත්දැකීම් බහුල අයනේ ඉන්නේ. ඒ වගේ දෙයක් තමයි. ඉතා හොඳ දෙයක් එතකොට මේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ අත්දැකීම. ඔය එංගලන්තයේ රජාව නඩත්තු කරනවනේ. මේ අය කියන්නේ රජාගෙන් තමයි අපේ රටට ඕනේ ස්ථාවරභාවය, ගලායෑම සහ අත්දැකීම ලැබෙන්නේ. දැන් අගමැතිවරයා අවුරුදු හතරෙන් හතර මාරු වුණාට අලුත් කෙනෙක් ආවම ඇමෙරිකාවේ ජනාධිපති මෙහෙමයි, පුටින් එක්ක ගනුදෙනු කරන්න ඕනේ මෙහෙමයි, මෝදිගේ චරිතය මෙහෙමයි කියලා අලුත් අගමැතිවරයාට උපදෙස් දෙන්නේ එංගලන්තයේ රජතුමා. දැන් චාල්ස් රජතුමායි, ස්ටාමර් අගමැතිවරයයි අතර සතිපතා රැස්වීමක් තියෙනවා. එතැනදී තමයි මේ අගමැතිවරයාට අවශ්‍ය අත්දැකීම බෙදාහරින්නේ. ඉතින් මේක ඉතා හොඳ වැඩක්.

ඇමෙරිකාව සහ ප්‍රංශය කියන්නේ ලෝකයේ තියෙන දියුණු රටවල්. අපි එහෙම තත්ත්වයක නෙවෙයිනේ ඉන්නේ. ඉතින් තුන්වැනි ලෝකයේ රටවල මෙහෙම ජනාධිපතිවරු නඩත්තු කරන්නේ නැතුව ඇති කියලා තමයි මට හිතෙන්නේ?
අපි මුලින්ම බලන්න ඕනේ දියුණු වෙච්ච රටවල් දියුණු වෙන්න තීරණ ගත්ත කට්ටියට සැලකුවේ කොහොමද කියන එක. අපිට ඕනේ දියුණු රටක් වෙන්න මිසක් නොදියුණුකමක ගිලිලා ඉන්න නෙවෙයිනේ. ඒක එක. දෙක, ලෝකයේ සංවර්ධිත මට්ටම කුමක් වේවා, යුරෝපයේ ආසියාවේ වේවා හැම රටේම වගේ හිටපු ජනාධිපතිවරු බලාගන්නවා. ඔබ ඇහුව නිසා ආසියාවේ දියුණු වෙමින් පවතින රටවල්වලට එමුකෝ. අපි ගත්තොත් එකක් පිලිපීනය. පිලිපීනයේ ජනාධිපතිතුමා ගැන මෑතකාලීන ලොකු සංවාදයක් ආපු නිසා මම පිලිපීනයට යන්න හිතුවා. අනිත් රටවලත් ඇති. මම මේ මතක දේවල් කියන්නේ ඔබට. පිලිපීනයේ ජනාධිපතිවරයාටත් අනිවාර්යයෙන්ම ඇමෙරිකාවේ, ප්‍රංශයේ වගේම නිල නිවස, ආරක්ෂාව, කාර්යාල පහසුකම්, කාර්ය මණ්ඩල පහසුකම්, විශ්‍රාම වැටුප, ජනාධිපති වැටුපම ඒ විශ්‍රාම වැටුප විදිහට ලැබෙනවා. ඇමෙරිකාවේදී ලැබෙන්නේ කැබිනට් මණ්ඩල සාමාජික, ඒ කියන්නේ ඇමැතිවරයෙක්ගේ, දැන් ඇමෙරිකාවේ ඇමැතිවරයාට කියන්නේ ලේකම්වරයා කියලානේ.Cabinet Secretary’. අමාත්‍යවරයා තමයි. අමාත්‍යවරයෙක්ගේ වැටුප තමයි විශ්‍රාමික ජනාධිපතිට හම්බවෙන්නේ.

ප්‍රංශයේ සහ පිලිපීනයේදී අර වැටුප ජනාධිපතිවරයාගේ වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප තීරණය වෙන්නේ. පිලිපීනයේ එක කොන්දේසියක් තියෙනවා. ජනාධිපතිතුමාව විශ්වාසභංගයකින් ඉවත් කළා නම් හෝ රජයෙන් වැටුප් ලබන වෙන තනතුරකට ඊට පසුව පත් වුණොත් හෝ ඔහුට විශ්‍රාම වැටුපට හිමිකම් ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදිහට දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගත්තට පස්සේ ආයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණානේ. එතකොට එහෙම වෙනත් තනතුරකට රජයේ පත් වුණොත්, රජයෙන් වැටුප් ලබන, විශ්‍රාම වැටුප ඒ තනතුර දරන කාලයට ලබා දෙන්නේ නෑ. අනිත් පහසුකම් ටික ලැබෙනවා.

ඊළඟට අපි එමු ඉන්දුනීසියාවට. මම මතක දේවල් තමයි කියන්නේ. ඉන්දුනීසියාව මම තෝරගත්තේ එතැනත් හරි අපූරු දෙයක් තියෙනවා. අපි කිව්ව පිලිපීනය, ප්‍රංශය, ඇමෙරිකාව දෙන ඒ පහසුකම්, ඔය ඇමෙරිකානු, ප්‍රංශ ආකෘති දෙක බලාගෙන තමයි ලෝකයේ අනිත් රටවල් මේක කරන්නේ. මේ තියෙන දේවල් ඒ විදිහටම විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලැබෙනවා. ඊට අමතරව තව වැදගත්ම දෙයක් තියෙනවා. ඒ ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ පවුලේ අයට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබාදෙනවා මොකක් වුණත් ඉන්දුනීසියාවේ. ඇත්තටම ඔය විශ්‍රාමික ජනාධිපතිවරයෙක් කියන්නේ 70න් ඉහළ කෙනෙක්නේ. ඔහු ජීවතුන් අතර ඉන්නවා කියන්නේ වයස්ගතව ඉන්නේ. ප්‍රවාහන පහසුකම් වගේ දේවල් දුන්නත් ලොකුවට කොහෙවත් යන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සෞඛ්‍ය පහසුකම් හරිම වැදගත්. ඊළඟට තමන්ට විතරක් තිබිලා තමන්ගේ වයස්ගත බිරිඳට කරගන්න බැරිවුණාම ඒක මානසික පීඩනයක් වෙන්න පුළුවන් නේ. ඒ නිසා මේක බිරිඳටත් දීලා තියෙනවා.

තව රටවල් දෙකක් තියෙනවා මට කතාකරන්න ඕනේ. ජනාධිපති ක්‍රමය නෑ ඒ රටේ. හැබැයි අපිත් එක්ක බොහොම සමීප රටක් තමයි බි්‍රතාන්‍යය. ලංකාවේ අණපනත් තියෙන්නේ බි්‍රතාන්‍ය සම්ප්‍රදාය අනුව. බි්‍රතාන්‍යයේ කොහොමද මේ තත්ත්වය වෙන්නේ?
අඩු වැඩි වශයෙන්. අපි කිව්වා රජතුමා ඉන්නේ සදාකාලිකවනේ. එතකොට එතුමාට මැරෙනකම්ම ඒ පහසුකම් ලැබෙනවා. අගමැතිවරයා විශ්‍රාම ගත්තම අගමැති වැටුපෙන් භාගයක් ලැබෙනවා. ඊට අමතරව කාර්ය මණ්ඩලය, කාර්යාල, ප්‍රවාහන පහසුකම්, ආරක්ෂාව ජීවිත කාලය පුරාවටම ලැබෙනවා.

ඊළඟ රට තමයි ඉන්දියාව. ඉන්දියාවේ කොහොමද තත්ත්වය?
ඉන්දියාවෙත් ඒ වගේමයි. ඉන්දියාවේ තව සුවිශේෂ දෙයක් තියෙනවා. ඉන්දියාවේ විශ්‍රාමික අගමැතිවරයකුටත් ඒ වගේම ආරක්ෂාව, 14 දෙනෙක්ගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ලැබෙනවා. කාර්යාල වියදම්, කාර්යාල වියදම් කිව්වම ප්‍රවාහනය, ලිපිලේඛන, සන්නිවේදන වියදම් ආදිය ලැබෙනවා. ජනාධිපතිවරයා විශ්‍රාම ගියාට ලියුම් එනවා. විවිධ ආරාධනා එනවා. උත්සවවලට යන්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉන්දියාවේ අගමැති ගත්තොත් ඔහු ඉතා විශේෂ තර්කයක් ගෙනාවා. එකක් තමයි, බොහෝ වෙලාවට තනතුරෙන් ගෙදර ගියාම තමයි චෝදනා එන්නේ. දැන් බලන්න මහින්ද මහත්තයා ජනාධිපති ධුරයේ ඉන්නවාට වඩා විවිධ චෝදනාවලින් දමලා ගැහුවේ ජනාධිපති ධුරයෙන් ගියාට පස්සේ. එතකොට තමන්ව ආරක්ෂා කරගන්න කාර්ය මණ්ඩලයක් නඩත්තු කරගන්න, කාර්යාලයක් නඩත්තු කරගන්න බැරි නම්, තමන්ගේ කීර්තිනාමය රැකගැනීම සඳහාම ඒවාට අවශ්‍ය ප්‍රතිපාදන හදාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ තර්කය පදනම් කරගෙන තමයි ඉන්දියාවේ විශ්‍රාම ගත්ත අලුතනේ චෝදනා එන්නේ. ඉන්දියාවේ අගමැතිවරයෙක් විශ්‍රාම අරගෙන පළමු අවුරුදු පහ තුළ කාර්යාල වියදම අසීමිතයි. ඒ කියන්නේ සීමාවක් නෑ මෙච්චරයි කියලා, අයවැයේ මෙච්චරයි කියලා සීමාවක් නෑ. ඒ අයට යන වියදම ආණ්ඩුව දරනවා. අවුරුදු පහ ඉවර වුණාට පස්සේ ඒකට විශ්‍රාමික අගමැතිවරයෙක්ගේ වාර්ෂික ගාන මෙච්චරයි කියලා වාර්ෂිකව අයවැයෙන් තීරණය කරනවා.

ලෝකේ හැම රටකම මේ විදිහට ජනාධිපතිවරුන්ට විශ්‍රාම ගියාට පස්සේ ප්‍රතිලාභ දීලා තියෙනවා. හැබැයි ලංකාවේ මේ පහුගිය මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨයක් වුණේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට දෙන විශ්‍රාම වැටුපේ ඉඳන්ම අහෝසි කරන්න ඕනේ කියන එක. කොහොමද ලංකාවේ මේ වගේ සටන් පාඨයක් ගොඩනැගුණේ?
ඔය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප විතරක් නෙවෙයි, මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපත් අහෝසි කරන්නනේ යන්නේ. ඒකත් ඒ ආකාරයෙන්මයි, ලෝකය පුරාම මන්ත්‍රීවරුන්ටත් විශ්‍රාම වැටුප් ලබාදෙනවා. ඔබ ඇහුවේ ඇයි ඒ කියලා. ඔබ දන්නවා මාලිමාව බලයට ආවේ රට ලොකු අර්බුදයක තියෙන වෙලාවේ. මේ අර්බුදයෙන් ගොඩයන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා ඒක ගැන කතා කරන්න මේ අයට හැකියාවක් නෑ. දැනුම නෑ. දැනුම හොයාගත්තත් අත්දැකීම් නෑ. දැන් යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය හදන්න එපැයි. ඔබ නගර සභාවක්වත් පාලනය කරලා නැති නම් රටක් පාලනය කරන්න පුළුවන් කියන එක ඒත්තු ගන්වන්න හරි අමාරුයි. ඒ නිසා මේ අය මොකද කළේ, මේක මම නෙවෙයි කියන්නේ බුදු හාමුදුරුවෝ, මිනිසා ස්වභාවයෙන් වෛරීසහගතයි, ස්වභාවයෙන් තණ්හාසහගතයි, ස්වභාවයෙන් ඔය ඊරිසියාව ඒ වගේ දේවල් තියෙනවා. අපි කියන්නේ ලෝභ, දෝස, මෝහ කියන තුන්දොර තියෙනවනේ. බුදු හාමුදුරුවෝ උඩුගම් බලා පීනීමක් විදිහට දකින්නේ මොකක්ද? ඒවා දමනය කරගැනීම. ඒක ලේසි වැඩක් නෙවෙයි. සාමාන්‍ය ස්වභාවය රැල්ලට යන එක. මාලිමාව සූක්ෂ්මව පාවිච්චි කළේ අපේ ජනතාවගේ ඒ චෛතසික. ඒ කියන්නේ, අපිව ඊරිසියා කරන්න පෙලඹෙව්වා. බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයාට හම්බවෙලා තියෙන නිල නිවස. මේ නිල නිවස පාපන්දු ක්‍රීඩාංගණයක් තරම් විශාලයි කිව්වා. ඇයි මේ නාකි ජෝඩුව බලාගන්න නාමල් පුතාට බැරි? හේමා අම්මාව බලාගන්න සජිත් පුතාට බැරි? අපි අපේ අම්මලා, තාත්තලා බලාගන්නවා වගේ බැරි ඇයි? කියලා ඇහුවා.

අපේ සමන්ත විද්‍යාරත්න ඇමැතිතුමා ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමක් තිබුණා බදුල්ලේ වැලිගෙපොළ. එතැනදී ඔහු ප්‍රවෘත්ති කියන ආකාරයෙන් කියනවා, පළමුවැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ තීරණය කරලා, රෑ මධ්‍යම රාත්‍රී 12 සිට මේ සියල්ල අහිමි කරනවා. එහෙම කියද්දි ඔළුවට එනවා, මේක අමානුෂිකයි නේද? මේ රටකට දෙයක් කරපු වැඩිහිටි නායකයෝ මහරෑ එළියට දාන එක. ඊට පස්සේ කිව්වා, නෑ රෑ 12ටම දාන්නේ නෑ. උදේ වෙනකන් ඉඳලා දරුවෝ ගෙන්නලා, දරුවන්ට භාර දෙනවා කියලා. මේ හැදුවේ මේ අයට අර ඔළුවට කතා කරන්න හැකියාවක් නැති නිසා, ඔළුවට කතා කරද්දි කොහේද උඹලට ඔය ගැන අත්දැකීම් තියෙන්නේ කියලා පෙරළා ප්‍රශ්න කරන්න පුළුවන් නිසා පපුවට කතා කළා. ඒ නිසානේ අර කිව්වේ 2012.12.12 ලැම්බෝගිනි 19ක් බෑවා. ඇයි මේ ලැම්බෝගිනි කියන්නේ? කිව්වා නම් බෙන්ස් 19ක් බෑවා කිව්වා, අපි දන්නවා බෙන්ස් එක අපේ ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් තියෙන්නේ, ආ ප්‍රාඩෝ එක, ප්‍රාඩෝ එක අපේ ගමේ මුදලාලිටත් තියෙන්නේ, ඕක මොකක්ද කියලා. කවුරුවත් ලැම්බෝගිනි කියන එක දැකලා නෑ. එතකොට මවා ගන්නවා නිකන් නයිට් රයිඩර්ගේ කාර් එක වගේ උඩින් එනවා ඇති, ‘කම් හියර්’ කිව්වම ළඟට එනවා ඇති, ‘ඕපන් ඩෝර්’ කිව්වම දොර ඇරෙනවා ඇති කියලා.

ඊළඟට කිව්වනේ චිචීගේ බල්ලගේ කරේ තියෙන්නේ දම්වැල පවුම් 90ක රත්තරන් දම්වැලක් කියලා. රත්තරන් අශ්වයෙක් තමයි චිචීගේ පෙම්වතියට උපන්දිනයට තෑගි දුන්නේ එංගලන්තයෙන් විශේෂයෙන් ගෙනාවා කියලා. ඉතින් ඔය වගේ දේවල් කළේ තරුණ ළමයින්ට එතකොට හිතෙනවා ‘අනේ මට බයිසිකලයක් ගන්න සල්ලි නෑ, මුන් බලන්නකෝ ලෝකයේ ප්‍රකෝටිපතියන්ට විතරක් තියෙන ලැම්බෝගිනි කියලා අමුතු ජාතියේ කාර් එකක් අරගෙනනේ. මුන් නම් එළවන්නමයි වටින්නේ…’ කියලා.
දැන් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීතුමෙකුත් ඒ කාලේ ඇඬුවා ලැම්බෝගිනියක් මතක් කරලා. ජගත් මනුවරණ ඇමැතිතුමා. ඔහු මම හිතන්නේ හොඳම නළුවා සම්මානය දිනාගත්ත නළුවෙක්. ඉතින් ඔහු තාත්වික රංගනයක් කළා. ඒ හරහා ජනතාවට ඊරිසියාවක් ඇති වුණා. අපේ සල්ලිවලින් මුන් සැප විඳිනවා, මුන් මේ සල්ලිවලින් සැප විඳින නිසා තමයි අපි දුක් විඳින්නේ. අපි වගේම ජීවත් වෙන්න කැමැති නායකයෝ ටිකක් ආවොත්, අපේ පන්තියේ, මෙවැනි දෙයක් අපිට වෙන්නේ නෑ කියන හැඟීම ඇති කළා. ඒ කියන්නේ මේ ආණ්ඩුව බලයට පත්වීමේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියම මහා දැවැන්ත මනෝ මෙහෙයුමක්. සී.අයි.ඒ. සංවිධානයේ පමණයි මුළු ලෝකෙම මෙවැනි උසස් මට්ටමේ මනෝ මෙහෙයුමක් සැලසුම් කිරීමේ හැකියාව මා දන්නා තරමින් නම් තියෙන්නේ, ඔය මොසාඩ් සංවිධානය සමහර ඔපරේෂනල් දේවල්වලදී දක්ෂ වුණත්, මෙවැනි මනෝ මෙහෙයුමක් කරන්න ඒ අය කවදාකවත් සමත් වෙලා නෑ.

Udaya Gammanpila

SendShareShare
Previous Post

පොලිසිය හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පස්සේ පන්නයි! I Sri Lanka Latest News

Next Post

පොලිස් නිලධාරීන් 4 දෙනෙක් ඡායාරූප මාධ්‍යවේදී කුමනන්ගෙන් පැය 7ක් ප්‍රශ්න කිරීම! රට ආයෙත් යන්නේ රාජපක්ෂ යුගයකටද? Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.