ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපා සංගම් ඉහළ පෙළේ තානාපති කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් අද කොළඹදී සිදුවිය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ කොළඹ පිහිටි නිල නිවසේදී මෙම හමුව සිදුව තිබේ.
මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, ශානක්‍යයන් රාසමාණික්කම්, මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඩයිකලනාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන් සහ ගෝවින්දන් කරුණාකරම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සහ සමකාලීන දේශපාලන තත්ත්වය පිළිබදව මෙහිදී සාකච්ජා වී තිබේ.










