පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් බවත්, වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල් සන්ධානයක් ලෙස පැමිණෙන්නේ එම තීරණය ගැනීමට එක පයින් සූදානම් බවත් වයඹ පළාතේ හිටපු මහ ඇමැති විදිහට එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත් ජයසේකර මහතා පැවසුවේය.
තමාට වයඹ මහ ඇමැති ධූරය සම්බන්ධයෙන් පැහැදිලි වුවමනාවක් ඇති බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීවේය.
මීට පෙරද අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වීමට පියවර ගෙන තිබිණ.










