මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා අද (30) උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා. Sri Lanka Latest News
එම වෘත්තීය සමිති එකතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි සඳහන් කළේ අද දහවල් 12ට එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිත බවයි.
මේ සම්බන්ධව සහය පළකරමින් විවිධ වෘත්තීය සමිති නියෝජනය කරන රාජ්‍ය ආයතන 300ක් පමණ උද්ඝෝෂණයට එක්වන බවයි වාර්තා වන්නේ.