වාරික මුදල් නොගෙවීම මත මූල්‍ය සමාගමක් විසින් බස් රථය අත්පත් කරගනු ලැබීම හේතුවෙන් සිත් තැවුලට පත්ව, කැලණි ගඟට පැන්න බව කියන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ව්‍යාපාරික පුතකුගේ මළ සිරුර දින 6කට පසු වැල්ලම්පිටිය කොටුවිල කළු පාලම යට කැලණි ගඟේ පාවෙමින් තිබියදී හමු වූ බව වැල්ලම්පිටිය පොලීසිය කියයි. (Sri Lanka Latest News)
මෙලෙස මියගොස් ඇත්තේ, දොම්පේ තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි, ව්‍යාපාරිකයකු වූ, චන්ද්‍ර තාරක බණ්ඩාර නමැති, 42 හැවිරිදි, දෙදරු පියෙකි.
මියගිය තැනැත්තා දොම්පේ ගිරිදර අමනබැද්ද පාලම අසලින් ඉකුත් 22 වැනිදා කැලණි ගඟට පැන අතුරුදන් වූ බවට එම ව්‍යාපාරිකයාගේ පියා වන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා දොම්පේ පොලීසියට පැමිණිලි කර තිබිණි.ඒ අනුව, එම සිරුර වැල්ලම්පිටිය පොලීසිය විසින් පෙරේදා (28 වැනිදා) සොයා ගනු ලැබීය.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායක මහත්මිය ඉදිරියේ මියගිය පුද්ගලයාගේ පියා සහ බිරිය පැමිණ මළ සිරුර හඳුනාගනු ලැබුවේ, දකුණු අතේ ගැට ගසා තිබූ පිරිත් නූල්වලින් සහ ඇඟිල්ලක ඇතිව තිබූ ආබාධයකින් බව පොලීසිය කියයි.
මේ අතර, මෙම ව්‍යාපාරිකයාට අයත් යතුරුපැදියක්, ආරක්ෂිත හිස් වැස්ම සහ පාවහන් යුගළ දොම්පේ පොලීසිය විසින් හංවැල්ල පාලම අසල තිබී ඉකුත් 22 වැනිදා සොයාගනු ලැබීය. ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගන්නා විට බෙහෙවින් නරක් වී තිබිණි යැයි වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරියෙක් පැවැසීය. පුතා සියදිවි නසාගන්නා බව කිහිප වරක්ම ප්‍රකාශ කර තිබූ බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පොලීසියට පවසා ඇත.
gossiplankanews










