• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍ය ක්ෂේත්‍රයේ නම් දැරූවන් රැසකගේම මුල් ගුරුවරයා! සමුගත් විශිෂ්ටයා වෙනුවෙන් මහින්ද සටහනක් තියයි!

August 29, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මාධ්‍ය ක්ෂේත්‍රයේ නම් දැරූවන් රැසකගේම මුල් ගුරුවරයා! සමුගත්  විශිෂ්ටයා වෙනුවෙන් මහින්ද සටහනක් තියයි!
Share on WhatsAppShare on Facebook

තමාටම ආවේණික වූ භාෂා ශෛලයකින් සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම සිය මාධ්‍ය කටයුතු මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා මාධ්‍ය කලාව අලුත් මාවතකට ගෙන යාමට උත්සහ දැරූ විශිෂ්ටයෙක් බවත්, ඔහුගේ වියෝව අසා තමන් බලවත් ශෝකයට පත්වූ බවත් සදහන් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‌විශේෂ නිවේදයක් නිකුත් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

දශක හයක්පුරා මෙරට පුවත්පත් කලාවට විශිෂ්ට සේවයක් ඉටුකළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ හදිසි අභාවය අසා මම බලවත් ශෝකයට පත්වූයෙමි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ බහුශ්‍රැතයෙකු වන එල්මෝ ගුණරත්න මහතා සම්මානනීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. එල්මෝ ගුණරත්න මහතා නීති ශිෂ්‍යයෙක්ව සිටිය දී එය පසෙකලා 1954 දී ජනමාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ ස්වදේශිය සමාගමෙන් ප්‍රකාශයට පත්කළ “සිංහල ජාතිය” සහ “ගාඩියන්” පුවත්පත්වල අධිකරණ වාර්තාකරුවෙකු ලෙසය.

එල්මෝ ගුණරත්න මහතාගේ මාධ්‍ය දිවියේ හැරවුම් ලක්ෂය ලෙස සැළකෙන්නේ 1955 දී ලේක්හවුස් ආයතන‍යට සම්බන්ධ වීමය. සිළුමිණ, ජනතා, ඩේලි නිවුස් සහ සන්ඩේ ඔබ්සවර් පුවත්පත්වල පොලිස් හා දේශපාලන වාර්තාකරුවෙකු ලෙස එදා ඔහු දිගු ගමනකට මුල පිරුවේ ය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ජනමාධ්‍ය සංගමයේ ශිෂ්‍යත්වයක් ලැබ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් පුවත්පත් කලාව හැදෑරීමට යන එල්මෝ ගුණරත්න මහතා එහි අධ්‍යාපනය ලබන අතරතුර “රොයිටර්”,”නිවුස් ඔෆ් ද වර්ල්ඩ්” හා “මැන්චෙස්ටර් ගාඩියන්” පුවත්පත්වල වාර්තාකරුවෙකු ලෙස සේවය කිරීමට අවස්ථාව උදාකර ගත්තේය.

ලේක් හවුස් ආයතනයේ ප්‍රකාශිත පුවත්පත් රැසක ඉහළ තනතුරු දරමින් සිටිය දී 1973 වසරේ එම ආයතනය රජයට පවරා ගැනීමත් සමඟ ඊට විරෝධය දක්වමින් එල්මෝ ගුණරත්න මහතා එහි සේවයෙන් ඉවත් විය.

තායිලන්තයේ බැංකොක් හී පළවන “මෝනින් එක්ස්ප්‍රස්” පුවත්පතේ කලක් සේවය කළ එල්මෝ ගුණරත්න මහතා මෙරට මාධ්‍ය කටයුතුවලට නැවත සිය සක්‍රීය දායකත්වය ලබා දෙමින් 1978 දී “ටයිම්ස්” ආයතනයේ “ඩේලි මිරර්” පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස වැඩ භාරගත්තේය.

පසුකාලීනව ඔහු ටයිම්ස් ආයතනයේ සියලුම සිංහල ප්‍රකාශනවල විධායක කර්තෘවරයා ලෙසත් සිංහල සහ ඉංග්‍රීසි ප්‍රකාශනවල කළමනාකාර කර්තෘ ලෙසත් කටයුතු කිරීම පුවත්පත් කලා ඉතිහාසයේ නොමැකෙන වාර්තාවකි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ නම් දැරූවන් රැසකගේම මුල් ගුරුවරයා වූයේ ද එල්මෝ ගුණරත්න මහතාය.

තමාටම ආවේනික වූ භාෂා ශෛලයකින් සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම සිය මාධ්‍ය කටයුතු මෙහෙයවූ එල්මෝ ගුණරත්න මහතා මාධ්‍ය කලාව අලුත් මාවතකට ගෙන යාමට උත්සහ දැරූ විශිෂ්ටයෙකි.

අවුරුදු 89 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූ එල්මෝ ගුණරත්න මහතාට උතුම් නිවන් සුව අත්වේවා! යැයි ප්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ වියෝවෙන් ශෝකයට පත් හර්ෂ ගුණරත්න, තුෂාර ගුණරත්න සහ රජිව් ගුණරත්න යන දරුවන් ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

SendShareShare
Previous Post

එළියේ අවුල්! ෆයිසර් හමුදාවටම පවරයි!

Next Post

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගැලවෙයි? අලුත් සන්ධානයක් හදන්න තීන්දු කරයි!

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper