1980 සිය 2025 වසර දක්වා ලංකාවේ ඇතුන් සම්බන්ධයෙන් ගත් සුවිශේෂී ඡායාරූප ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීමට වයිල්ඩ් ටස්කර්ස් ඔෆ් ශ්‍රී ලංකා ආයතනය කටයුතු සැලසුම් කර ඇත.Sri Lanka Latest News
මෙම ප්‍රදර්ශනය ලබන 22 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ පිහිටි ජාතික කෞතුකාගාරයේ ‘ලෝටස් ගැලරි’හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ලංකාවේ ප්‍රකට ඡායාරූප ශිල්පීන් 40 දෙනකු විසින් ගෙන ඇති අතිදුර්ලභ ඡායාරූප විශාල ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශනයට තැබීමට සංවිධායක මණ්වලය විසින් සැලසුම් කොට ඇත.














