ගම්පහදී වරක් බිත්තර ප්‍රහාරයකට මුහුණ දුන් සිදුවීම හා සමාන සිදුවීමකට අද දින ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මුහුණ දුන්නේය.
ඒ පස්යාලේ පැවැති රැස්වීමකදීය.
එහිදී රණවිරුවකු යැයි කියාගත් පුද්ගලයකු විජිත හේරත් මහතා කතා කරමින් සිටියදී දිගින් දිගටම බාධා කරමින් හැසිරෙන ආකාරයක් දැකගත හැකි විය.
පසුව විජිත හේරත් ගේ ඉල්ලීම මත පොලිස් නිලධාරීන් එම පුද්ගලයා රැස්වීම් භූමියෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය.










