• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට ගහන බදු හොඳයි..! තෙල් වංචාව-කැසිනෝ බද්ද-වාහන වංගුව ගැන කතා නෑ! ආර්ථික ඔස්තාර්ලා රටට හෙළිවෙයි! I Sri Lanka Latest News

August 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනිස්සුන්ට ගහන බදු හොඳයි..! තෙල් වංචාව-කැසිනෝ බද්ද-වාහන වංගුව ගැන කතා නෑ! ආර්ථික ඔස්තාර්ලා රටට හෙළිවෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්ථිකය සම්බන්ධයෙන් මනා දැනුමක් ඇති විශේෂඥයන් ලෙස පෙනී සිටින විපක්ෂයේ ඇතැම් ‘ආර්ථික ඔස්තාර්ලා’ සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ විවේචනයක් සමාජය තුළ මතුවෙමින් තිබේ.Sri Lanka Latest News

ඊට හේතු වී ඇත්තේ ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින මෙම චරිත ආණ්ඩුව විසින් ජනතාව පීඩාවට පත්කරමින් බදු පනවද්දී හෝ රටේ ආර්ථිකය බිඳවට්ටමින් ඇතැම් මහාපරිමාණ සමාගම් විසින් දැවැන්ත බදු වංචාවන් සිදුකරද්දී ඊට එරෙහිව වචනයක් හෝ කතා නොකොට මුනිවත රකිමින් සිටීමය.

උදාහරණයක් ලෙස මහා ආර්ථික ඔස්තාර්ලා වශයෙන් පෙනී සිටින මෙම පිරිස් පසුගිය කාලයේදී රනිල් වික්‍රමසිංහ රජය විසින් ජනතාව මත බදු පිට බදු ගසමින් සිටියදී පවා ජනතාව වෙනුවෙන් වචනයක් හෝ කතා නොකොට වික්‍රමසිංහ ආණ්ඩුව ආරක්ෂා කිරීමට විපක්ෂයේ සිට පියවර ගෙන තිබිණි.

එහිදී ඔවුන් එය සාධාරණීකරණය කරමින් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවන්ට අනුව එය සිදුකළ යුතුව ඇති බවත්, නොඑසේ නම් රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගත නොහැකි බවත්ය.

මීට අමතරව පසුගිය කාලයේ ලංකාවේ දැවැන්ත සමාගම් විසින් සිදුකරනු ලැබ ඇති බවට චෝදනා එල්ල වූ මහාපරිමාණ බදු වංචාවන් පිළිබඳ යම් යම් පාර්ශ්වයන් සාක්ෂි සාධක සහිතව තොරතුරු රටට අනාවරණ කළද මේ ආර්ථික ඔස්තාර්ලා ඒ සම්බන්ධයෙන් වචනයක් හෝ ප්‍රකාශ නොකිරීමට වගබලා ගත්හ.

උදාහරණයක් ලෙස රුපියල් බිලියන 6කට අධික මුදලක් ආණ්ඩුවට පාඩු කරමින් ප්‍රධාන පෙළේ සමාගම් 3ක් පිරිපහදු නොකළ පොල් තෙල් මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කොට තිබියදීත් මේ ආර්ථික ඔස්තාර්ලා ඒ පිළිබඳ වචනයක් හෝ කතා කළේ නැත.

මීට අමතරව පැවැති මෛත්‍රීපාල සිරිසේන රජය විසින් කොළඹ සිටි ඔෆ් ඩී්‍රම්ස් හෝටල් පරිශ්‍රයේ කැසිනෝ ආරම්භ කළ නොහැකි බවට කැබිනට් පත්‍රිකාවක් පවා ප්‍රකාශයට පත්කර තිබියදී මේ වනවිට එම ස්ථානයේ දැවැන්ත කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ ඊට අදාළ 45%ක ආදායම් බද්ද ගෙවනවාද යන්න සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැනනැගුණු අවස්ථාවේදී හෝ මෙම ආර්ථික ඔස්තාර්ලා ඒ පිළිබඳ වචනයක් හෝ කතාකර තිබුණේ නැත.

අදාළ කැබිනට් පත්‍රිකාව අහෝසි කොට කැසිනෝ ආරම්භ කිරීමට හැකිවන පරිදි අලුත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇද්ද, සියලු කැසිනෝ ශාලාවලට බලපාන පරිදි ලාභයෙන් 45%ක බද්දක් ගෙවිය යුතු බවට වන නීතිය මෙම කැසිනෝ ශාලාවට ද බලපාන්නේද යන්න සම්බන්ධයෙන් හෝ තවමත් පැහැදිලි ප්‍රකාශයක් නොමැති පසුබිමක ඊට අදාළ සමාගම් කැඳවා කිසිදු ප්‍රශ්න කිරීමක් හෝ සිදුකිරීමට මෙම ආර්ථික ඔස්තාර්ලා පියවර ගෙන තිබුණේ නැත.

එමෙන්ම පසුගිය සතියේදී ජෝන් කීල්ස් ආයතනය මගින් බී.වයි.ඩී. මෝටර් රථ ලංකාවට ගෙන්වීමේදී මෝටර් ධාරිතාව වෙනස් කොට බදු වංගුවක් ගසා ඇති බවට සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී සාක්ෂි සාධක සහිතව දැවැන්ත චෝදනාවක් එල්ල කරද්දී පවා මෙම ආර්ථික ඔස්තාර්ලා ඊට එරෙහිව වචනයක් හෝ කතාකොට තිබුණේ නැත.

බොහෝ පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ ඒ වෙනුවට මෙම ආර්ථික ඔස්තාර්ලා චෝදනාවන්ට ලක්වූ දැවැන්ත සමාගම් ආරක්ෂා කිරීමේ අරමුණෙන් කටයුතු කරන බවය. එහිදී එම පාර්ශ්වයන් චෝදනා කර තිබුණේ මැතිවරණ කාල සමයන්හිදී මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් බිලියන ගණනින් මුදල් ඒ සඳහා සන්තෝසම් ලෙස ලැබෙන නිසා එවැනි සමාගම්වලට එරෙහිව අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවය.

ඒ අනුව ඔවුන් ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට මහාපරිමාණ සමාගම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද එම පාර්ශ්ව පෙන්වා දෙති.

එමෙන්ම මෙම පාර්ශ්වයන් තවදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය කාලය පුරා මෙම ආර්ථික ඔස්තාර්ලා රනිල් වික්‍රමසිංහ රජයටත්, මහාපරිමාණ සමාගම්වලටත් කඩේ යමින් කටයුතු කිරීම නිසා විපක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කිරීමට ජනතාව පියවර ගෙන ඇති බවකි.

ඒ අනුව එම ආර්ථික ඔස්තාර්ලාගේ ජනතාව පිළි නොගන්නා ආර්ථික න්‍යායන් වෙනුවට ජනතාව පිළිගන්නා ආර්ථික න්‍යායක් සහ ජනතාව පිළිගන්නා ආර්ථික විශේෂඥයන් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ ප්‍රබලයන් කටයුතු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

SendShareShare
Previous Post

‘මව්රට’ තමයි රටට හෙළිදරව් කළේ! බදු වංගු ගහලා ජෝන් කීල්ස්ලා ලංකාවට ගෙනාපු.. රේගුවෙන් නවත්තපු BYD වාහන ගැන තවත් ලොකු හෙළිදරව්වක්! සජබෙ හර්ෂ ද සිල්වා ගැනත් වාහන ආනයනකරුවන් දැඩි කනස්සල්ල පළකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජ’පුරට ආ අලුත් සභාපති! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.