• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මධ්‍යම සංස්කෘතික අරමුදල අල්ලගෙන සජිත්ව කොටු කරන්න ගෝඨායි රනිලුයි දෙන්නම ට්‍රයි කළා! කිසිම වැරැද්දක් හොයාගන්න බැරි වුණා! අනුරගෙ ආණ්ඩුවත් දැන් ඒකම පටන් අරන්! බලමු මේ පාරවත් හරියයිද කියලා! I Sri Lanka Latest News

July 14, 2025
in Exclusive
Reading Time: 33 mins read
A A
මධ්‍යම සංස්කෘතික අරමුදල අල්ලගෙන සජිත්ව කොටු කරන්න ගෝඨායි රනිලුයි දෙන්නම ට්‍රයි කළා! කිසිම වැරැද්දක් හොයාගන්න බැරි වුණා! අනුරගෙ ආණ්ඩුවත් දැන් ඒකම පටන් අරන්! බලමු මේ පාරවත් හරියයිද කියලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව මේ වනවිට තමන්ට එල්ල වන ප්‍රතිරෝධයෙන් මිදීම සඳහා දියත් කරමින් සිටින එකම තුරුම්පුව ලෙස විපක්ෂය චෝදනා කරන්නේ හොරු ඇල්ලීමේ ක්‍රියාවලියය. දිනපතාම පාහේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසමද විපක්ෂයේ දේශපාලනඥයන්ට කැඳවීම් කරනු ලබන අතර, ඉඳහිට අත්අඩංගුවට ගැනීම්ද සිදුකරයි. අධිකරණය හමුවේ ඒවාට නඩු පැවරීම්ද සිදුකරනු ලබයි. මේ සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අර්ථකථන සමාජය ඇතුළේ මතුවෙමින් තිබෙන අතර, විපක්ෂය චෝදනා කරන්නේ ආණ්ඩුව එක්තරා දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව මෙම හොරු ඇල්ලීමේ ක්‍රියාවලිය දියත් කරමින් සිටින බවය. විපක්ෂයේ සියලු චරිත සිර ගෙදරට ගාල්කොට ඉදිරි මැතිවරණවලදී තනි අශ්වයකුගේ ධාවන තරගයකට ඉදිරිපත් වීමට ආණ්ඩුව කැසකවමින් සිටින බවද ඔවුන්ගේ අදහස වී තිබේ. එමෙන්ම ඔවුන් මේ වනවිට ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් සිටින්නේ කිසිදු පරීක්ෂාවකින් තොරව කන්ටේනර් නිදහස් කිරීම මෙන්ම තවත් යම් යම් දූෂිත සිදුවීම් කීපයක්ම ආණ්ඩුව ඇතුළේ සිදුවී ඇති බවකි. විපක්ෂයේ චරිත පසුපස දුවමින් ඒ පරීක්ෂණ ඉක්මන් කරනවා මෙන්ම ආණ්ඩුවට චෝදනා එල්ල වී ඇති කන්ටේනර් සම්බන්ධ සිද්ධිය පිළිබඳවද දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ. Sri Lanka Latest News

මේ සියල්ල මැද පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු උත්සාහ කොට අසාර්ථක වූ එක්තරා මෙහෙයුමක් වත්මන් ආණ්ඩුව විසින්ද ආරම්භ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, වෙන කිසිවක් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංස්කෘතික අරමුදල භාරව කටයුතු කරන සමයේ එහි මුදල් අවභාවිතාවක් සිදුව ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමය. මෙම චෝදනාව මුලින්ම එල්ල කළේ වෙන කවුරුවත් නොව, සජිත්ව දේශපාලන වශයෙන් විනාශ කිරීමේ අරමුණෙන් එජාපයේම ප්‍රධානීන්ය. ඒ අනුව මුලින්ම එම චෝදනාව පිළිබඳ පරීක්ෂණ ආරම්භ වූයේ 2019 බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව යටතේය. එහිදී මහින්ද අගමැති වීමත් සමගම එජාපයේ රනිල්ගේ පාර්ශ්වයෙන් මහින්දට පණිවුඩ පිට පණිවුඩ යවමින් කියා තිබුණේ සජිත්ට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලෙසටය. ඒ වනවිටත් සජිත් එජාපයෙන් ඉවත්ව සමගි ජන බලවේගය ගොඩනගා දීර්ඝ දේශපාලන ගමනකට අත්පොත් තබා තිබූ බැවින් කෙසේ හෝ සජිත්ගේ දේශපාලනය විනාශ කිරීම එජාප ප්‍රධානීන්ගේ අරමුණ විය. ඒ අනුව, මහින්දට ඔවුන් යැවූ පණිවුඩවලින් කියැවුණේ සජිත්ගේ කාලසීමාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, ඒ පිළිබඳ සොයන්නේ නම් එජාපයේ උදව් ලබාදිය හැකි බවත්ය. ඒ හරහා සජිත්ගේ දේශපාලනය අවසන් කළ හැකි බව ඔවුන් මහින්දට පෙන්වා දී තිබිණ.

මුලින් මුලින් මේ පණිවුඩය එද්දී මහින්ද කියා සිටියේ මධ්‍යම සංස්කෘකිත අරමුදලෙන් සජිත් මුදල් ගෙන වියදම් කොට ඇත්තේ පන්සල්, පල්ලි, කෝවිල් ඉදිකිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීමට බවත්, ආගමික කටයුත්තක් මුල්කරගෙන එම මුදල් වියදම් කොට ඇති හෙයින්, එය හොඳ කටයුත්තක් නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත නොහැකි බවත්ය. නමුත් දිගින් දිගටම එජාපයෙන් එල්ලවූ පීඩනය හේතුවෙන් අවසානයේදී මහින්ද සජිත් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමට එකඟ විය. ඒ අනුව අල්ලස් කොමිසමටත්, කෝප් කමිටුවටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කෙරිණි. ඒ අනුව පරීක්ෂණ වාර්තා දෙකක් මේ සම්බන්ධයෙන් නිකුත් වුවත් ඒ කිසිවකින් සජිත් මුදල් අවභාවිත කර ඇති බව අනාවරණ නොවූ අතර, ඒ චෝදනාවන්ගෙන් ඔහු නිදහස් කිරීමටත් පියවර ගෙන තිබිණි. එමෙන්ම අල්ලස් කොමිසමද විශේෂ ලිපියක් යොමුකරමින් කියා තිබුණේ අල්ලස් කොමිසම යටතේ කටයුතු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණ නොවන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ නොකිරීමට තීරණය කර ඇති බවය.

ගෝඨාගෙන් පසු බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාද කෝප් කමිටුව හරහා සජිත්ගේ දේශපාලනය අවසන් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල සම්බන්ධයෙන් සොයාබැලීමට විමර්ශනයක් ආරම්භ කළේය. එකල සජිත්ට පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පහර පිට පහර එල්ල කළේ වෙන කවුරුවත් නොව රනිල් වෙනුවෙන් ලොකුම කොන්ත්‍රාත්තුව ඉටුකළ බව කියැවෙන මහින්දානන්ද අලුත්ගමගේය. එමෙන්ම එවක කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාරද සිටියේ රනිල් සමගය. ඒ අනුව රනිල්ගේ වුවමනාවට මේ පිළිබඳ සොයාබැලීම සඳහා විශේෂ කමිටුවක් පත්කෙරුණු අතර, මඩ ගැසීමක් සහ අපහාස කිරීමක් විනා ඉන් එපිට කිසිවක් අනාවරණ කරගැනීමට එම කමිටුවට නොහැකි විය. සජිත්ට එරෙහිව මඩ ගසන්නට ගිය හිටපු ජනාධිපති ගෝඨාභයට උන්හිටි තැන් නැති විය. මහින්දගේද දේශපාලන ගමන අවසන් වී ඇත. අද රනිල් සිටින්නේ ජනාධිපතිවරණයෙන් පැරදී ගෙදර ගොස්ය. මහින්දානන්ද සිටින්නේ වසර 20කට සිරගතවය. රංජිත් බණ්ඩාර පාර්ලිමේන්තුවේ තියා ඉන්න හිටින තැනක්වත් සොයාගන්නට නැත. දැන් අනුර අතගසා ඇත්තේ ගෝඨාගෙන් සහ රනිල්ගෙන් පසු සජිත්ව ඉවර කරන තුන්වැනි මෙහෙයුම ක්‍රියාත්මක කිරීමටය. එය කොතැනින් අවසන් වේදැයි දැන්ම කිව නොහැක.

රනිල් කලින්ම දන්නවා

මෙහිදී ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචි වූ විශේෂම තොරතුර වූයේ අගමැතිනි හරිනි අමරසූරිය විසින් ඊට අදාළ කමිටුව පත්කිරීමට දින කීපයකට පෙර රනිල්ගේ මල් පාරේ පිහිටි කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇති බවකි. මේ දිනවල රනිල් තමන් සමග සමීපව දේශපාලනය කළ එජාපයේ, පොහොට්ටුවේ, ශ්‍රීලනිපයේ හිටපු මැති ඇමැතිවරුන් තනි තනිව ගෙන්වා සාකච්ඡා පවත්වමින් සිටින අතර, එහි එක් තැනකදී ආණ්ඩුව මේ දිනවල විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුපස එළවමින් සිදුකරන දේශපාලන මෙහෙයුම් පිළිබඳවද සාකච්ඡා වූ ආකාරයක් ආරංචිය. එහිදී ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත සහ සිරගත වීමට නියමිත යම් යම් හිටපු මැති ඇමැතිවරුන්ගේ නම් කීපයක්ද කියැවී ඇති අතර, හිටිහැටියේම සජිත්ගේ නමත් හිටපු එජාප ප්‍රබලයකුගේ කටින් පිටවන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඔහු කියා සිටියේ, ‘සජිත්ටත් ඉස්සරහට ලේසි වෙන එකක් නෑ. හෙට අනිද්දට එයාගේ සංස්කෘතික අරමුදලේ වෙච්ච දේවල් ගැනත් ආයෙමත් හොයන්න යන්නේ…’ යැයි කියාය.

මෙම සිදුවීම එදිනම අපටද වාර්තා වූ අතර, ඉන් දින කීපයකට පසු හරිනි විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කිරීම විශේෂ සිදුවීමකි. ඒ අනුව, රනිල්ගේ සාකච්ඡාවේදී කල්තියා මේ පිළිබඳ කතාබහට ලක්වීම හරහා ආණ්ඩුව සහ රනිල් අතර යම් ගනුදෙනුවක් සිදුවන්නේද යන ප්‍රශ්නය බොහෝ දෙනාට මතුව ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. අනෙක් අතට පසුගිය කාලයේදී ආණ්ඩුව අවස්ථා ගණනාවකදීම කියා සිටියේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඊට අදාළ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක කරනවා යැයි කියාය. බටලන්ද මිනීමරුවන්ට ජනාධිපති කොමිෂන් වාර්තාවට අනුව දැඩි දඬුවම් ලබාදෙනවා යැයි කියාය. නමුත් දැන් ඒ සියල්ල සීමා වී ඇත්තේ වචනයන්ට පමණි. එසේ තිබියදී වත්මන් ආණ්ඩුව සූදානම් වන්නේ සජිත්ව ඉලක්ක කර තුන්වැනි වතාවටත් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමටය.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

පොරොන්දු 22යි! තවම කරලා තියෙන්නේ එකයි! 10ක් ගැන කිසිම කතාවක් නෑ! අනුර මීටරේ හෙමින් හෙමින් වැඩ කරන්න පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

ඔන්න දුමින්ද දිසානායකත් එළියට ආවා! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.