භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය.Sri Lanka Latest News
අමාත්‍යවරයා මේ බව කීවේ ජා- ඇල මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මහපොළ අධ්‍යපන හා වෙළද ප්‍රදර්ශන භූමියේදීය.
” වැට් බද්ද 18% කින් වැඩිවනවිට පාරිභෝගිකයාගේ පැත්තෙන් විශාල වශයෙන් තමාට පීඩනයක් ඇති බවත් පැවසූ ඔහු කීවේ කෙසේ වෙතත් මේ අවස්ථාවේදී රට පවතින තීරණාත්මක අවධිය නිසා සියලු දෙයට වඩා රාජ්‍ය ආදායම වටිනා බවයි.
ඒ කෙසේ වෙතත් අතරමැදියන් බදු වැඩිවීමක් ගැන අසන්න ලැබුණ සැනින් බඩු මිල විශාල වශයෙන් වැඩි කරන්න ගන්නවායැයි කී අමාත්‍යවරයා පාරිභෝගික අධිකාරිය හා වෙළද අමාත්‍යංශය ඉදිරි සති කිහිපය තුළ මේ ගැන මැදිහත් වීමක් කරනවා යැයිද පැවසීය.










