ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව පවසයි.Sri Lanka Latest News
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන අද (17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබීය.
එහිදී සිදුකල සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇත.
මේ වනවිට අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.










