වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් සිදු කළේය.Sri Lanka Latest News
ඒ, ජාතීන් අතර අසමගිය ඇති කිරීම සඳහා සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරීව ව්‍යාජ ප්‍රකාශයක් සිදුකරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් සහ කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් ය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,
“අවුරුදු 5යි මාස 6ක්. පුළුවන් තරම් මාව පීවාඩව පත් කළා. ඊයේ නිදහස් වුණේ මම නෙමෙයි. යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලුම දෙනා. මේ වැරැද්ද වෙන කාටවත් සිදු නොවෙන්න මට කරන්න වැඩ කොටසක් තිබෙනවා. මට විරුද්ධව කටයුතු කළ සියලුදෙනාට විරුද්ධව මම පැමිණිල්ලක් දැම්මා. මාව අත්අඩංගුවට අරගෙනයි පැමිණිලි සොයාගෙන ගියේ. මට මගේ දරුවන්ට සහ බිරිඳට විශාල පීඩනයක් එල්ල කළා.”










