පක්ෂ විපක්ෂ සියලු දේශපාලන පක්ෂ මෙන්ම මෙරට සියලු තානාපති කාර්යාල පවා පිළිගනු ලබන ජාත්‍යන්තර මට්ටමේ ප්‍රකට මත විමසුම් ආයතනයක් මගින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සිදුකරනු ලැබූ මත විමසුමක ප්‍රතිඵල පසුගිය සඳුදා දිනයේදී නිකුත් කර ඇති බවත්, එම ප්‍රතිඵලයන්ට අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටින පක්ෂය බවට අනාවරණ කොට ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක සමගි ජන බලවේගය බවත් ආචාර්ය නාලක ගොඩහේවා මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News
.ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය 39%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගනු ඇති බව එම මත විමසුම මගින් අනාවරණ කොට ඇති බව කී ඒ මහතා ජාතික ජන බලවේගය 20%ක ප්‍රතිශතයක් ලබා ගනු ඇති බව පෙන්වා දී ඇතැයිද කියා සිටියේය.
කෙසේවෙතත් මේ දිනවල රැල්ලක් පවතින බව පෙන්වන පක්ෂ ඉදිරියේදී කඩා වැටෙනු ඇති බව කී ඒ මහතා ආර්ථිකය ගොඩ නැගීමට හැකි කණ්ඩායම සිටින පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බවද කියා සිටියේය.










