• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සූරියවැව මන්දපෝෂණය ගැන රටටම කියපු දොස්තර චමල් සංජීවගේ වැඩ තහනම් කරයි!

November 2, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
සූරියවැව මන්දපෝෂණය ගැන රටටම කියපු දොස්තර චමල් සංජීවගේ වැඩ තහනම් කරයි!
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේ ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය කරමින් මාධ්‍යයට කරුණු ඉදිරිපත් කළ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් ඔහුගේ වැඩ තහනම් කර ඇත.

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපතිවරයා ලෙස වෛද්‍ය ජී.ජී. චමල් සංජීව සිදුකරන ලද මාධ්‍ය ප්‍රකාශයක් පදනම් කොට මාධ්‍ය ආයතනවලින් පළ කරන ලද ප්‍රවෘත්තියක් හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කර ඇති බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

රජයේ ලියාපදිංචි වෘත්තීය සමිති ව්‍යාපාරයක සභාපතිවරයා ලෙස ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂණයේ සහ එක්රැස් වීමෙ නිදහස ආරක්ෂා කරගැනීමට පවතින විධිවිධානවලට යටත්වද, ආයතන සංග්‍රහයේ ඇති වෘත්තීය සමිති අයිතිය යන පරිච්ඡේදය යටතේ පවතින අයිතිවාසිකම්වලට යටත්වද 1999 අංක 56 දරන කාර්මික ආරවුල් සංශෝධන පනතට යටත්වද, ඉන් ඔබ්බට වෛද්‍යවරයකු ලෙස මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහාද ඔහු කටයුතු කර ඇති බවද එම වෘත්තීය සමිති ව්‍යාපාරය පෙන්වා දෙයි.

මෙම වැඩ තහනම් කිරීම දැඩි ලෙස හෙළාදකින වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ලබාගැනීමට පෙර නිසි සුදුසුකම් සහිත පරීක්ෂණ සභාවක් හරහා කරුණු විමසා බලා විනිශ්චය කරන තෙක් මෙම තීරණය අත්හිටුවන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට දන්වා සිටී.

lankasara

වෛද්‍ය චමල් සංජීව එදා මාධ්‍ය වෙත කළ හෙළිදරව්ව.

බලධරයිනි ගමන ගිහින් බලන්න! සූරියවැව දරුවන්ගෙන් 80%කට මන්දපෝෂණය!

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පෙරේදා (19දා) සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ ජනතාව පිළිබඳව සිදුකළ සමාජ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ. මෙහිදී වෛද්‍යවරුන් පිරිස විසින් ගම්මානයේ පදිංචි ජනතාවගේ නිවෙස් වෙත ගොස් එහි සිටින දරුවන්ගේ සෞඛ්‍ය තත්වය හා පෝෂණ තත්වය පිළිබඳව සොයා බැලීමක නිරත වූ අතර එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

අප කළ නිරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණ තත්ත්වයන් පිළිබඳව කරුණු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජනතාව සමග අපි කතා කළාම අපට අනාවරණය වුණු එක් කරුණක් තමයි ගෙවුණු මාස හයක කාලයක සිට තමයි ජනතාව මේ තත්වයට පත්වෙමින් තිබෙන්නේ කියන එක. එහිදී දෙමාපියන් අපත් සමග කිව්වේ සතියකට දවස් දෙක තුනක් තමයි කුළියකට යන්න තියෙන්නේ. ඉතින් ඒ ලැබෙන මුදල ලයිට් බිල්, වතුර බිල් ගෙවුවම ඉවරයි. ඉතුරු වෙන කීයකින් හරි බඩවියත රැකගන්න හාල් පොල් ටිකක් ගන්න කොට මස් මාලු බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි ඒඅය කියන්නෙ. මේ ගමේ ඇවිද ගිය අපට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුනේ මාසෙකට දවස දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක්. හැමෝම කිව්වේ බිත්තර මස් මාළු කන්න තියා එදිනෙදා ජිවත්වීම පවා මේ වන විට අසීරු වී තිබෙන බවයි.

ගම්මානයේ පදිංචි වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ සෞඛ්‍ය කාඩ්පත් අප වෙන වෙනම නීරක්ෂණය කළා. එහිදී දැකගන්න ලැබුනේ දරුවන්ගෙන් සියයට තිහක් විතර මේ වන විට උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයට පත් වෙලා තිබෙන බවත්, සියයට පනහක් මද මන්ද පෝෂණ තත්වයට පත්ව ඇති බවත් ඉතිරි සියයට විස්සද මන්ද පෝෂණ තත්ත්වයට ළඟාවෙමින් තිබෙන බවයි. බොහෝ පවුල්වල දරුවන් තුන්දෙනයි. තුන් දෙනාම මන්ද පෝෂණ තත්වයේ තමයි පසු වෙන්නේ. ඉතින් ඒ ළමයි වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හරහා වෙනම ආහාර වැඩසටහන් පැවැත්වීමට උපදෙස් ලබා දී ඇති නමුත් ජනතාව පවසන්නේ ඒ සඳහා යෑමට තරම්වත් පසුබිමක් මේ පවුල් වෙත නොමැති බවයි. ඉතින් බලධාරීන් මේ වෙලාවේ කළ යුත්තේ ගමේ ඉන්න මේ දුප්පත් ජනතාවට කොහෙට හරි එන්න කියලා වැඩසටහන් කරන එක නෙමේ නිලධාරීන් ගමට ගිහින් මේ ජනතාවගේ පෝෂණ තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගැනිමයි.

කොළඹ ඉදන් බොහෝ නිලධාරීන් අපි දකිනවා ගම ගැන කතා කරනවා ඇහෙනවා. අපි මේ ගමට ගියාම මේ ජනතාව පුදුම වේදනාවකින් කතා කළේ. ඒ නිසා අපි ආරාධනා කරනවා හැමෝටම එන්න මේ අසරණ මිනිස්සු වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සකස් කරන්න මැදිහත් වෙන්න කියලත්. අපිට දැනගන්න ලැබුණා සූරියවැව ඇතැම් පාසැල්වල උදෑසන රැස්වීමේදී ළමයි විශාල ප්‍රමාණයක් නිසි පෝෂණයක් නොමැතිකම නිසා ක්ලාන්තය දමා ඇද වැටෙන බව. ඒකට හොඳම නිදසුන තමයි පසුගිය දවසේ සූරියවැව නමඩගස්වැව මහා විද්‍යාලයේ උදෑසන රැස්වීම මේ වන විට නවතා දමා තිබෙනවා දරුවන් ක්ලාන්තය හැදී බිම ඇදවැටීම නිසා. ඒ විතරක් නෙමේ පාසලේ ගුරුවරු විසින් පාසලේ වෙනම ආහාර බැංකුවකුත් පවත්වාගෙන යන බවට අපට තොරතුරු අනාවරණය වුණා. එහිදී ගුරුවරු විසින් වැඩිපුර පාසලට කෑම පාර්සලය දෙක බැගින් ගෙනත් ආහාර තබන ස්ථානයේ ගබඩා කර තබන අතර ආහාර නොමැති දරුවන්ට ඉන් කෑම පාර්ශලයක් ලබා ගැනීමට ඉඩකඩ සකස් කර තිබෙනවා. ඉතින් මේ තත්වය කඩිනමින් වෙනස් කළ යුතුයි.

SendShareShare
Previous Post

මන්ත්‍රීවරු පිරිවරා සජිත් මරදාන විරෝධතාවයේ ආ හැටි! (VIDEO & PHOTOS)

Next Post

ටීචර් කෙනෙක්ගෙන් කඩා ගත් ලක්ෂ එකහමාරක මාලයයි හොරයි අල්ලාදුන් යුද්ධ හමුදා සැරයන්ගේ සේවය අගයයි!

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.