• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික රෝහලේ MRI ස්කෑන් 4න් 3ක්ම කැඩිලා! ප්‍රතිජීවක- නිර්වින්දන-වේදනා නාශකවල බරපතළ හිඟයක්! හෘදය රෝගීන්ගේ බෙහෙත්වලට ලක්ෂයකට වඩා යනවා! නිදහස් සෞඛ්‍ය කියන්නේ ඉස්පිරිතාලෙන් තුන්ඩු ලියලා එළියේ ෆාමසිවලින් බෙහෙත් ගන්න එකද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 7, 2025
in Exclusive
Reading Time: 19 mins read
A A
ජාතික රෝහලේ MRI ස්කෑන් 4න් 3ක්ම කැඩිලා! ප්‍රතිජීවක- නිර්වින්දන-වේදනා නාශකවල බරපතළ හිඟයක්! හෘදය රෝගීන්ගේ බෙහෙත්වලට ලක්ෂයකට වඩා යනවා! නිදහස් සෞඛ්‍ය කියන්නේ ඉස්පිරිතාලෙන් තුන්ඩු ලියලා එළියේ ෆාමසිවලින් බෙහෙත් ගන්න එකද? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ සුබ සාධන රාජ්‍යයේ වැදගත් අංගයක් වන සෞඛ්‍ය පද්ධතියේ බරපතල කඩා වැටීමක් ඇති බවත් ජාතික රෝහලේ ඇති එම්.ආර්.අයි. ස්කෑන් යන්ත්‍ර 4න් 3ක් ක්‍රියාවිරහිත වී ඇති බවත් හෘද රෝගින්ට රෝහල් තුළින් දෙන සේවාවට අමතරව ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා ගන්න ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න සිදුව ඇති බවත් ප්‍රතිජීවක, නිර්වින්දන, වේදනානාශක ඖෂධවල ද බරපතල හිඟයක් ඇති බවත් පෞද්ගලික ඔසුසල්වල පවා මේ ඖෂධ හිගය වැඩි ව ඇති බවත් අප රටට ලැබූ උසස් දායාදයක් වන නිදහස් සෞඛ්‍ය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පිළියන්දල මාකන්දන සංකල්ප විහාරාධිපති කැස්බෑව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද මා හිමියන් වෙත කොළඹ සහිත සල්පිටි කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමෙන් අනතුරුව උන්වහන්නේ පිළිගැනීම වෙනුවෙන් පිළියන්දල මාකන්දන සංකල්ප විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමිනි.

ගිලන් වූ රෝගීන්ට කලට වේලාවට සේවාවක් ඉටු විය යුතු බවත් නිදහස් සෞඛ්‍ය යනු රජයේ රෝහලෙන් තුන්ඩු අරගෙන පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් බෙහෙත් ගැනීම නොවන නිසා මේ නිදහස් සෞඛ්‍ය අනිවාර්යෙන්ම රැකගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බුද්ධිගලනය නැවතත් වැඩි වෙලා

මෑතකදී තරුණ හා මැදිවයස් අයගේ මරණ ප්‍රමාණය 25%කින් වැඩිව ඇති බවත් බෝ නොවන රෝග එයට හේතු වී ඇති නිසා ජීවන රටාවන් සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් වෙනුවෙන් හැඩ ගැස්විය යුතු බවත් රට ගොඩනගන්න නම් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් අවශ්‍ය බවත් ඔවුන් රට ආරක්ෂා කර රට සංවර්ධනය කර නිෂ්පාදන ධාරිතාව වැඩි කළත් මේ මොහොත වන විටත් බුද්ධිගලනය වැඩි බවත් උගතුන් බුද්ධිමතුන් රට අතහැර යන බවත් මිනිමරු සංස්කෘතිය රට වෙලාගෙන ඇති බවත් නාදුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතුයි

මේ ඝාතන සංස්කෘතිය වර්ධනය වන නිසා මේ සාහසික මිනිමරු, පාතාල කල්ලි, මත්ද්‍රව්‍ය කල්ලි මැඩ පවත්වා මිනිසා ජීවත් කරවන රටත් සමාජයක් බිහි කිරිමට ශක්තිමත් නීතිය හා ආරක්ෂක පද්ධතියක් ඇති කර ජාතික ආරක්ෂාව වන මහජන ආරක්ෂාව තහවුරු කිරීම රාජ්‍ය, රාජ්‍ය නොවන සිවිල් සියලු දෙනාගේම වගකීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද මා හිමියන්ගේ චරිතයෙන් ගත හැකි පාඩම් බොහෝයි

දහම් අධ්‍යාපනය ඇති කර සමාජයේ පුරවැසියන් යහපත් දිවි මගකට යොමු කරන්නට විශාල වැඩකොටසක් ඉටු කළ බවත් උන්වහන්සේ සහ තමා අතර සමීපතම සම්බන්ධතාව ඇති වූයේ නිවාස හා ඉදිකිරීම්, සමෘද්ධි, සංස්කෘතික අමාත්‍යාංශයේ තනතුරු රැසක් හොබවමින් අතිවිශාල ආගමික, සමාජ මෙහෙවරක උන්වහන්සේ නිරත වූ බවත් උන්වහන්සේ තුළ විශිෂ්ට යහපත් ගුණාංග පැවැති බවත් ඒ අතර කෙළෙහිගුණ දැක්වීම, සෘජු හා සත්‍යවාදීම අදහස් ඉදිරිපත් කිරීම දැක්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උන්වහන්සේ සෑම විටම සෑම මොහොතකම ජන මතයට සංවේදීව ජනතාවට හිතෛශීව ජනතාව පෙරටු කර ගෙන ජනතාව කේන්ද්‍ර කර ගෙන අතිමහත් සමාජ සේවාවක් ඉටු කරන්නට කටයුතු කළ බවත් නිවාස ඇමතිවරයා ලෙස තමා කටයුතු කළ කාලයේ දී මාකන්දන බලප්‍රදේශයේ එකවර නිවාස 500ක් ප්‍රතිසංස්කරණය කර අංග සම්පූර්ණ නිවාස බවට පත් කර උදාකළ ගමක් බවට ගොඩනගන්නට උන්වහන්සේ නායකත්වය ලබා දුන් බවත් සිසු දහම් සෙවන දහම් පාසල් ශාලා වැඩසටහන මුළු රට පුරාවටම ක්‍රියාත්මක කිරීමේ නායකත්වය පවා ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මිනිසා ජීවත් කරවීම මිනිසාගේ පරම යුතුකමයි

හොද දේ හොද හැටියටත් නරක දේ නරක හැටියටත් දකින්න සැමටම හැකියාවක් අවබෝධයක් තිබිය යුතු බවත් ධම්මපදයට අනුව සරු දේ නිසරු හැටියටත් නිසරු දේ සරු හැටියටත් දකින කිසිම අයකුට සරු දෙයක් ඉටු කර ගන්න නොහැකි බවත් එම නිසා අද වැනි යුගයක අප රට අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක උග්ගොඩ ධම්මින්ද මා හිමියන්ගේ ආගමික සමාජ සේවාවේ ගැබ්වූ ප්‍රතිපත්ති වැදගත් බවත් මිනිසා ජීවත් කරවීම මිනිසාගේ පරම යුතුකම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඉතියෝපියා.. රුවන්ඩා.. අප්‍රිකාවේ නායකයෝ තුන්දෙනෙක් එක්ක අනුරව සන්සන්දනය කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ-අගමැතිවරුන් හත්දෙනෙකුගේ දේශපාලන රහස් ගබඩාවක් සැඟව යයි! I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.