නීති විරෝධී මත් පැන් භාවිතයෙන් ජනතාව මුදා ගැනීම සදහා අඩු ආදායම් ලාභීන් ඉලක්ක කර ගනිමින් අඩුමිල මත්පැන් බෝතලයක් හදුන්වා දීම කෙරෙහි රජය අවධානය යොමු කර තිබේ. Sri Lanka Latest News
ඒ මගින් සුරා බදු ආදායමද ඉහළ දමා ගැනීමට හැකි වේ යැයි රජය අපේක්ෂා කරයි.
නමුත්, රජයේ මෙම යෝජනාවට පාර්ශ්ව රැසක් සිය විරෝධය ප්‍රකාශ කර තිබේ.
ඇතැම් පාර්ශ්ව පවසන්නේ, අඩුමිල මත්පැන් බෝතලයක් හදුන්වා දීමෙන් කසිප්පු වැනි නීති විරෝධී මත් පැන් කරා මිනිසුන් ඇදී යාම වළක්වා ගත නොහැකි බවයි. ඊට හේතුව, කසිප්පු නිෂ්පාදකයන්ට ඉතාම පහසුවෙන් එම අඩුමිල නිෂ්පාදනය සමග තරඟ කළ හැකි වී ම යි.
එමෙන්ම, අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් හදුන්වා දීමට නියමිත මෙම අඩුමිල මත් පැන් බෝතලයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද ඔවුන්ගේ විරෝධය පල කර තිබේ.
ඔවුන් පවසන්නේ, මත්පැන් පරිභෝජනය කුමනාකාරයෙන් හෝ ප්‍රවර්ධනය කිරීමට තම සංගමය එක හෙලා විරුද්ධ වන බවයි.










