• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දොස්තරගේ අවුරුදු 12ක දුවට ‌වැටෙන් පැන ෆයිසර් එන්නත දීමෙන් පුත්තලමේ මහ කලබලයක්! දොස්තරට මාරුවක්! (VIDEO)

August 26, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
දොස්තරගේ අවුරුදු 12ක දුවට ‌වැටෙන් පැන ෆයිසර් එන්නත දීමෙන් පුත්තලමේ මහ කලබලයක්! දොස්තරට මාරුවක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක පුත්තලම මූලික රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයට වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනූෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇති මෙම දැරිය එම වෛද්‍යවරයාගේ දියණියක බවද ඇය සඳහන් කළාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද (26) ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵල මත අදාල වෛද්‍යවරයාට සහ පවුල් සෞඛ්‍ය සේවිකාවට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කීවාය.

පුත්තලමේ එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී මෙවැනි නීති විරෝධී හා සදාචාර විරෝධී සිද්ධියක් සිදුවීම ගැන තමා කනගාටුවන බවත් මෙවැනි සිදුවීම් ඉදිරියටද සිදුවීම වැළැක්වීම සඳහා තමා විශේෂ වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් වෛද්‍ය දිනූෂා පුනාන්දු මහත්මිය පැවසුවාය.

මේ අනුව එන්නත්කරණ කටයුතුවල යෙදෙන පුත්තලමේ සියලුම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පුළුල් දැනුවත් කිරීමක් 28 සිදුකිරීමට කටයුතු යොදා ඇතැයිද ඇය සඳහන් කළාය.

මේ සිද්ධියට අදාළ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව එම එන්නත්කරණ මධ්‍යස්ථානයේ සී.සී.ටී.වී කැමරාවේ සටහන් වී ඇති දර්ශනද පරීක්ෂාවට ලක් කර ඇත.

එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරයාගේ දියණිය එහි සිටි පොලිස් හා හමුදා නිලධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවතට ඉවතට යවනු ලැබූ අවස්ථාවේදී චෝදනාවට ලක්ව සිටින පවුල් සෞඛ්‍ය සේවිකාව ඇය නැවතත් කැඳවාගෙන විත් එන්නත ලබා දෙන ආකාරය එම සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙන බව පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

චෝදනා ලබා සිටින වෛද්‍යවරයාගෙන්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය කරුණු විමසා ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් එහිදී කිසිදු ප්‍රකාශයක් කර නැත.

අධ්‍යක්ෂවරිය ඒ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කළ අවස්ථාවේදී වෛද්‍යවරයා ” මැඩම් මට සමාවෙන්න” යනුවෙන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත.

වෛද්‍යවරයා කුමන මානසිකත්වයකින් දියණියට එන්නත ලබා දුන්නාදැයි තමාට ප්‍රහේලිකාවක් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවාය.

මෙම චෝදනාවට ලක්වූ වෛද්‍යවරයා හලාවත කොක්කාවිල රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා බව පැවසේ.

කෙසේ වෙතත් සිද්ධියවන අවස්ථාවේදී එම වෛද්‍යවරයා එන්නත්කරණ මධ්‍යස්ථානයේ සිට නැති බවත් ඔහු ඒ අවස්ථාවේදී සිට ඇත්තේ ඊට නුදුරින් වූ වෙනත් එන්නත්කරණ මධ්‍යස්ථානයක බවත් වාර්තා වේ.

චෝදනාවට ලක් වූ වෛද්‍යවරයාගේ දියණියට ලබාදී ඇත්තේ ෆයිසර් වර්ගයේ එන්නත් මාත්‍රාවක්ය.

මේ අතර කොක්කාවිල එන්නත්කරණ මධ්‍යස්ථානයට පිට පළාත්වලින් පැමිණි අයට එන්නත ලබා දුන් බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම මධ්‍යස්ථානය අසල උද්ඝෝෂණයක යෙදීම නිසා එහි නොසන්සුන් තත්වයක් ඊයේ (25) ඇතිවිය.

කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් අනුමැතිය ලබා දී ඇත්තේ වයස 18ට වැඩි පුද්ගලයන්ට පමණි. -ලංකාදීප

SendShareShare
Previous Post

ආණ්ඩුව අද ජනතාවට සහන වෙනුවට දීලා තියෙන දේ…

Next Post

පරාක්‍රම සමුද්‍රයත් ඉවරයි! රළපනාව ඩෝසර් කර ‘ජොගින් ට්‍රැක්’ එකක් හදයි! (VIDEO)

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියලට එල්ල වන පීඩනය අවම කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසයි.Sri...

Read more
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.