අද (03) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පැවසීය. (Sri Lanka Latest News)
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කළේ සුජිත් නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කළේ අර්චුනා රාමනාදන් මහතාගේ මෙම හැසිරීමට හේතුව ඔහුගේ යම් මානසික ව්‍යාකුළත්වයක් බවයි.










