ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කළේය. Sri Lanka Latest News
නමුත් ඉරානය සමග ගැටුමක් ඇතිකර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවූවත් සිය හමුදා සාමාජිකයන්ගේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක වීමට ඇමෙරිකාව දෙවරක් නොසිතන බව ඔස්ටින් මහතා පැවසුවේය.
ඩමස්කස් නුවර ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලයේ එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් ඔස්ටින් මහතා මෙම අදහස් ප්‍රකාශ කළේය.