හෙට දිනයේ අරලිය ගහ මැදුරට පැමිණ අගමැතිවරයාට විවිධ බලපෑම් එල්ල නොකරන ලෙසත්, අගමැතිවරයාට ඉවත් වීමේ තීන්දුව ගැනීමට ඉඩ ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් නගරාධිපතිවරුන් රැසකට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අද දිනයේදී නගරාධිපතිවරුන් රැසකට දුරකතන ඇමතුම් ලබා දෙමින් එසේ ප්‍රකාශ කොට ඇති ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ පිරිස්, තව මාස 6කින් නැවත වතාවක් අගමැතිවරයා බලයට පත් කළ හැකි බවද දැනුම් දී ඇති බව පැවසේ.
ජනාධිපති පාර්ශ්වය විසින් කළ මෙම ඉල්ලීමට අනුව නගරාධිපතිවරුන් කිහිප දෙනකුම හෙට අරලියගහ මැදුරට පැමිණීමට සිටි ගමන අත්හිටුවා ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම ඔවුන් සිය හිතවතුන්ට දැනුම් දී ඇත්තේ නිල වශයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ලබන වසරේ මුල භාගයේදී ජනාධිපතිවරයාට හිමි වන බැවින් ඊට පෙර නැවත වතාවක් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබා දී තවත් අන්තර් පාලන ආණ්ඩුවක් බිහිකිරීමට සැලසුම් කර ඇති බවකි.










