මින්පසු කිසිදු ආකාරයක හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.
අප කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති සමග කළ සාකච්ඡා සාර්ථක වීමෙන් පසු යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවන බවට ඔවුන් පොරොන්දු වූ බව ය.
ඒ අනුව, විදුලිය බිඳ වැටීමක් සිදු නොවනු ඇතැයි ඔහු පැවසීය.
කෙසේ වෙතත්, පසුගිය දා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න පිළිබඳව විමර්ශනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මේ අතර, යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකාව සමග ඇති කර ගත් ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී එළඹෙන සඳුදා දිනයේදී සාකච්ඡා කරන බව ද ඔහු වැඩිදුරට ත් පැවසීය.










