• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේට් එකෙන් ලෝ ෆැකල්ටි ආවා! තනියම දේශපාලන පක්ෂයක් හැදුවා! රාජපක්ෂලට සපෝට් එක දුන්නා! නරකම කාලේ ඡන්දේ ඉල්ලුවා! තනියෙන්ම පාර්ලිමේන්තු ගියා! ජය වී රට ගොඩ යන්න බැරිද? Sri Lanka Latest News

December 3, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
මේට් එකෙන් ලෝ ෆැකල්ටි ආවා! තනියම දේශපාලන පක්ෂයක් හැදුවා! රාජපක්ෂලට සපෝට් එක දුන්නා! නරකම කාලේ ඡන්දේ ඉල්ලුවා! තනියෙන්ම පාර්ලිමේන්තු ගියා! ජය වී රට ගොඩ යන්න බැරිද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිලිත් ජයවීරට බැරිද? මේක හොඳ ප්‍රශ්නයක්. දිලිත් ජයවීරට ඇත්තටම බැරිද? ඔව්. දිලිත් ජයවීරට බෑ කියන එක තමයි මේ ඡන්ද ප්‍රතිඵලය දැක්කට පස්සේ ඕනෙ කෙනෙක්ට හිතෙන්නේ. ඒකට හේතුව පහුගිය මැතිවරණ දෙකෙන්ම දිලිත් ජයවීරට හිතූ සහ බලාපොරොත්තු වුණු ජයග්‍රහණ ලැබුණේ නැහැ. දිලිත් ජයවීර මුලින්ම දේශපාලනයට එන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී. ඔහු ජනාධිපතිවරණයට එන්න පෙර දේශපාලනයට ඍජුව මැදිහත් වුණු අවස්ථා අපිට දකින්න ලැබුණේ නෑ. අහන්න ලැබුණෙත් නෑ. නමුත් ඔහු වක්‍ර ආකාරයෙන් දේශපාලනයට මැදිහත් වුණු, දේශපාලනයත් එක්ක ගනුදෙනු කරපු, දේශපාලනයත් එක්ක හිටපු කෙනෙක්. එතකොට දිලිත්ට මොකද මේ වුණේ? ජනාධිපතිවරණයේදී දිලිත් ජයවීරට කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලයක් නෙවෙයි ලැබුණේ. ඔහුට මුළු රටෙන්ම ලබාගන්න පුළුවන් වුණේ ඡන්ද ලක්ෂ 2කට වඩා අඩු ප්‍රමාණයක්. මහ මැතිවරණයේදීත් එහෙමයි. ලක්ෂ 2කට වඩා අඩු ප්‍රමාණයකින් ඔහුට නතර වෙන්න සිදුවුණා. එතකොට ඡන්ද ලක්ෂ 2ක්වත් ගන්න බැරි දිලිත්ට අපේ රටේ දේශපාලනයට බලපෑම් කරන්න පුළුවන්ද?
දිලිත් ජයවීර දේශපාලනයට එන්නේ අමුතු වෙලාවක. මේකට ගැළපෙන හොඳම උදාහරණය තමයි අපේ ගම්වල ළිං කැපිල්ල. අපි දන්නවා අපේ ගම්වල ළිඳක් කපනකොට සාමාන්‍යයෙන් පෑවිල්ල කාලේ ළිඳක් කපන එකටයි, වැහි කාලේ ළිඳක් කපන එකටයි අර්ථික දෙකක් තියෙනවා. වැහි කාලේ ළිඳක් කැපුවොත් ඉක්මනට වතුර ලැබෙනවා. වැහි කාලේ ළිඳ කැපුවොත් ළිඳ කපන අයට පහසුයි. මිල මුදල් අතිනුත් ඒක ලාභයි. වෙහෙසත් අඩුයි. හැබැයි පෑවිල්ල කාලේ ළිඳක් කපනකොට වතුර ලැබෙන්න ගොඩක් පරක්කු වෙනවා. ඒකට හේතුව දිය උල්පත් දක්වාම ළිඳ කැපුවොත් විතරයි වතුර ලැබෙන්නේ. හැබැයි ගොඩක් වෙලාවට ගම්වල මිනිස්සු පුරුදු වෙලා තියෙනවා අමාරුවෙන් හරි පෑවිල්ල කාලේ ළිඳ කපන්න. ඒකට හේතුව පෑවිල්ල කාලේ ළිඳක් කපලා වතුර ලැබුණොත් එහෙම ඒ පෑවිල්ල කාලේ කපපු ළිඳ කොච්චර ලොකු ඉඩෝරයකදී වුණත් හිඳෙන්නේ නැති වීම. (Sri Lanka Latest News)

දිලිත් ජයවීරත් අපිට පේන්නේ පෑවිල්ල කාලේ ළිඳක් කපපු කෙනෙක් වගේ. මොකද දිලිත් ජයවීරට මේ වැහි කාලේ තිබුණා 2019 වෙනකල්. ඔහුට පහසුවෙන්ම පාර්ලිමේන්තුවට යන්න, පහසුවෙන්ම කැබිනට් අමාත්‍යවරයෙක් වෙන්න, පහසුවෙන්ම දේශපාලනයට එන්න ඕනේ තරම් ඉඩකඩ වෙන්වෙලා තිබුණා. එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඔහුගේ මිත්‍රයා. අනෙක් පැත්තෙන් මහින්ද රාජපක්ෂ ඔහුට බොහොම හිතවත්. ලංකාවේ තිබුණේ ගෝඨාභය රාජපක්ෂ බඹරයක් වැල්ලේ කැරකුවත් කැරකෙන තත්ත්වයක්. එහෙම තත්ත්වයක් යටතේ කිසිසේත්ම දිලිත් ජයවීර දේශපාලනයට එන්න උත්සාහ කළේ නෑ. ඔහුගේ ඉතාම ළඟ හිතවතෙක් වෙච්ච අලි සබි්‍ර පාර්ලිමේන්තුවට යනකොටත් දිලිත් ජයවීර ඊට පිටිපස්සේ ඉඳගෙන උදව් කළා මිසක දිලිත් ජයවීර ඒ වෙනුවට පාර්ලිමේන්තුවට යන්න උත්සාහ කළේ නෑ.

හැබැයි මොකක්ද මේ අවාසිසහගත තත්ත්වය යටතේ දිලිත් ජයවීරට හැදිච්ච අමුතු අමාරුව? මොකද අපි හැමෝටම පෙනෙමින් තිබුණා දක්ෂිණාංශික දේශපාලන කඳවුර කඩාවැටෙන බව. මහින්ද රාජපක්ෂගේ හිතවතුන්ට එළව එළවා පහර දෙන බව. ඔවුන්ට කිසිසේත්ම දේශපාලන ජයක් නොලැබෙන බව අපට පෙනෙමින් තිබුණා. ඒක පාර්ලිමේන්තුවේ හිටපු 58 දෙනෙක් දැක්කා. ඔවුන්ට ඉතා හොඳ අවබෝධයක් තිබුණා මේ වෙලාවේ දේශපාලනයේ හැසිරීම ගැන. මේක පාඩුයි, මේක නරකයි, මේකෙදී ගොඩ යන්න බෑ කියලා දැන දැනත් ඇයි දිලිත් සටනට ආවේ?

ඒ තමයි, පෑවිල්ල කාලේ ළිඳ කපන මිනිස්සුන්ගේ තියරි එක. ඒ කියන්නේ දිලිත් දන්නවා මේ අසීරු වෙලාවේ තමන් විසින් හදාගන්නා දේශපාලන ස්ථාවරත්වය සීරුමාරුවට ජයග්‍රහණයක් දක්වා මාරු කරගන්න අමාරු නෑ කියන එක. ඒ තරමටම දිලිත් දේශපාලන සාක්ෂරතාව සහිත කෙනෙක්. සමහර විට දිලිත් තරම් හොඳට දේශපාලනය කියවගන්න පුළුවන් කෙනෙක් ලංකාවේ දේශපාලන කරළියේ තවදුරටත් නැතුව ඇති කියලා අපට හිතෙනවා.

එතකොට දිලිත් විතරක් පාර්ලිමේන්තු ගිහිල්ලා, තනි මිනිහෙක්ට ලංකාවේ දේශපාලනයට බලපෑම් කරන්න පුළුවන්ද? දිලිත්ට එහා පැත්තේ ඉන්නේ සම්පූර්ණ තුනෙන් දෙකේ බලයක් සහිත ජනාධිපතිවරයා පවා ඉන්න කිසිම සභාග ආණ්ඩුවක් රහිත කිසිම සම්මාදමකින් තොරව තමන්ගේ බලය පිහිටුවපු ප්‍රබල දේශපාලන පක්ෂයක්. හැබැයි මතක තියාගන්න මේ වගේ ප්‍රබල දේශපාලන පක්ෂයක් එක්ක තනි මිනිහෙක් පාර්ලිමේන්තුවට ආවා මීට කලිනුත්. ඒ තමයි රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්. දිලිත් ජයවීරත් පාර්ලිමේන්තු ආවේ ජාතික ලැයිස්තුවෙන්. රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනකොට කාටවත් අදහසක්වත් තිබුණේ නෑ රනිල්ට ලංකාවේ දේශපාලනයට යමක් කරන්න පුළුවන් කියලා. නිකන් පුටුවේ පාළුවට ඉඳගෙන ඉන්න විතරයි රනිල්ට පුළුවන් වුණේ. ඒත් පුටුවේ පාළුවට ඉඳගෙන ඉන්න පාර්ලිමේන්තු ආපු රනිල්, අන්තිමට ගේම ගැහුවේ ජනාධිපතිවරයා බවට පත්වෙලා. එහෙනම් තනි මිනිහෙක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනාධිපතිවරයෙක් වෙච්ච ඡන්දෙකින්වත් තොරව ජනාධිපතිවරයෙක් වෙච්ච නිකන්ම බන්දේසියේ දාලා ජනාධිපතිකම හම්බවෙච්ච ලංකාවේ දේශපාලකයෝ ඉන්න බව ඔබ මතක තබාගත යුතුයි. ඒ නිසා දිලිත්ගේ මේ තනි ගමන අවතක්සේරු කරන්න අපි කාටවත් අයිතියක් නෑ. දිලිත්ටත් එහෙම කරන්න බැරි නෑ සහ දිලිත් කියන්නෙත් එහෙම කරන්න බැරි මිනිහෙකුත් නෙවෙයි. දිලිත් කියන්නෙත් තමන්ගේ උපක්‍රමශීලීත්වය උපරිමයටම පාවිච්චි කරන ලංකාවේ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රය උඩුයටිකුරු කරපු මාර්කටින් දන්න දක්ෂයෙක්. හොඳ ව්‍යවසායකයෙක්. හොඳ කළමනාකරුවෙක්. දෙරණ හදලා, ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රය උඩුයටිකුරු කරපු දිලිත්ට ඊට වඩා සෙල්ලමක් දාලා පාර්ලිමේන්තුවේ වෙන ගේමක් ගහන්නත් පුළුවන් බව අපි දන්නවා. දිලිත් කියන්නේ සත පහකට විශ්වාස කරන්න බැරි මිනිහෙක්. ඒ නිසා දිලිත් මොන සෙල්ලමක් දායිද කියලා හිතාගන්න බෑ.

එතකොට රනිල් විතරද මෙහෙම උදාහරණ තියෙන්නේ? නෑ ආසන 3ක් විතරක් තිබිලා පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් සහ තුනෙන් දෙකක බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත්ත ජවිපෙත් මේකට එක උදාහරණයක්. මීට වඩා තවත් උදාහරණ ලංකාවේ දේශපාලන ඉතිහාසය හොයලා බලද්දී අපිට දකින්න අහන්න ලැබෙනවා.

මීට කලිනුත් ඉතිහාසයේ මේ වගේම දේශපාලන පෙරළි සිදුවුණු අවස්ථා තියෙනවා. අපි ඒ ගැන හොයලා බලනකොට පේන්න තියෙන එකක් තමයි 1970 මහ මැතිවරණය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආසන 91ක් ලබාගන්නවා. කලින් තිබුණු ආසන 41ට තව ආසන 50ක් එකතු කරගනිමින් විශිෂ්ට ප්‍රතිඵලයක් දිනාගනිද්දී ඒ වතාවේ එජාපයට ලැබෙන්නේ ආසන 17ක් විතරයි. ඩඩ්ලි සේනානායකගේ මූලිකත්වයෙන් තමයි ඔවුන් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. විශාල ආසන පසුබෑමක් එක්ක ඔවුන් දැවැන්ත පරාජයක් ලබනවා මේ මැතිවරණයේදී. තුන්වැනි තැනටයි පත්වෙන්නේ. එන්.එම්. පෙරේරා ලංකා සමසමාජ පක්ෂයෙන් ඇවිල්ලත් ආසන 19ක් දිනාගනිමින් දෙවැනි ස්ථානයට පත්වෙනවා. ඔවුන්ට මේ මැතිවරණය හිතාගන්න බැරි තීන්දුවක් බවට පත්වෙන්නේ.
හැබැයි ඊළඟට 1977දී මේක උඩුයටිකුරු කරමින් ආසන 140ක් දිනාගන්නවා ජූනියස් රිචඩ් ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම. ආසන 123ක් ඔවුන්ට පුළුවන් වෙනවා වැඩි කරගන්න. මේ අවුරුදු 7 ඇතුළෙදී. ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නව පක්ෂයක් විදියට ඡන්දෙට ඇවිල්ලා ආසන 18ක් දිනාගනිද්දී බලයේ හිටපු සිරිමාවෝ බණ්ඩාරනායකගේ කණ්ඩායමට පුළුවන් වෙන්නේ ආසන 8ක් විතරක් දිනාගන්න. ඔවුන්ට ආසන 83ක් අහිමි වෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ හැටි. මේවා කොහොම කොහොම වෙයිද කියන්න බැහැ. ඒ නිසා දිලිත් ජයවීර කියන්නේ නිකන්ම නිකන් සෙල්ලමට ඡන්දේ ඉල්ලන මිනිහෙක් නෙවෙයි කියලා අපි දන්නවා. දිලිත් කියන්නේ ගාල්ලේ ඉපදිලා ඇලෝසියස් ඉස්කෝලෙට ගිහිල්ලා, පොඩි තැනින් පටන් අරගෙන කොළඹ ආපු මනුස්සයෙක්. මේට් එකෙන් කොළඹ ඇවිල්ලා මේට් එක තාම බිත්තියේ එල්ලගෙන ඒ මේට් එකට පවා ගරු සැලකිලි දක්වන මිනිහෙක්. දිලිත්ගේ අම්මා තාත්තා රාජ්‍ය සේවකයෝ. දිලිත් ඉංග්‍රීසියෙනුයි සිංහලෙනුයි දෙකෙන්ම ඉගෙනගත්ත කෙනෙක්. දිලිත්ට හැලිබොරේන්ජ් පොවලා මෝර ගුළි දීලා පිජාම ඇඳුම් අන්දලා නිදිකරවලා, ඉංග්‍රීසි භාෂාව ඉගෙනගන්න මැඩම් කෙනෙක් ගාවට යවලා, නිකන් හිටපු නැති අම්මයි තාත්තයි දහම් පාසලේදී දිලිත්ට දහම් අධ්‍යාපනයත් දීලා තියෙනවා. දිලිත් උසස් පෙළ කරන්නේ ආර්ට්වලින්. ගේමක් ගහලා ලෝ ෆැකල්ටි යනවා. ලෝ ෆැකල්ටියේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න දිලිත් තනියම ෆයිට් කරනවා.

ගෙදර යන ගමන් හාඩ්වෙයාර් එකකට ගිහින් රෙදි රෝලක් අරගෙන කරේ තියාගෙන ගෙදර ගිහිල්ලා ඒකේ බැනර් එකක් ඇඳලා ලෝ ෆැකල්ටි එකේ එල්ලලා ලෝ ෆැකල්ටි එකේ නොතිබ්බ දේශපාලන පක්ෂයක් හදලා දේශපාලනය කරපු දිලිත්ට දේශපාලනය කියන්නේ අරුමයක් නෙවෙයි. දිලිත් දේශපාලනයට එන්න කලින් කරන්න පුළුවන් හැම සෙල්ලමක්ම දාලා තියෙනවා. දෙරණ පටන් අරගන්නෙත් දිලිත්ගේ වුවමනාවට මිසක රටේ වුවමනාවකට නෙවෙයි. දිලිත් දිලිත්ගේ වුවමනාව රටේ වුවමනාව බවට පත්කරපු කෙනෙක්.

දිලිත්ට ඕනේ තරම් චෝදනා තියෙනවා. නමුත් දිලිත්ට කරපු චෝදනා කිසි එකක් ඔප්පු කරගන්න තාම කාටවත් බැරිවෙලා තියෙනවා. දිලිත් මාධ්‍ය ආයතනයක් හදලා ඒ මාධ්‍ය ආයතනයට ඇඟිලි ගහන්නේ නැතුව, මාධ්‍ය ආයතනයට මාධ්‍ය ආයතනයේ පාඩුවේ යන්න දීලා නිදහසේ ආතල් එකේ ඉන්න මිනිහෙක්. දිලිත් හැමදාම කියන්නේ මම මගේ ආතල් කුඩු කරගන්න කැමැති නෑ කියලා. ඒ නිසා අපි හොඳාකාරවම දන්නවා දිලිත් මේ වෙලාවෙත් දිලිත්ගේ ආතල් කුඩුකරගන්න කැමැති නෑ. දිලිත් දැන් මේ කරන්න හදන්නෙත් අපිට හිතාගන්න බැරි සෙල්ලමක්. දිලිත් කොහෙන් නවතීද කියලා කාටවත් කියන්න බෑ. අපි අනාවැකියක් කියනවා. කවදා හරි දවසක ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය හදන්න දිලිත්ට පුළුවන්. ඒ, ඇඩ්වර්ටයිසින්වලින් නෙවෙයි. දිලිත්ගේ දේශපාලන සහභාගිත්වයෙන්. මේ තමයි දිලිත් සෙල්ලම පටන්ගත්ත තැන. දිලිත් පරදින්න සෙල්ලම් කරන මිනිහෙක් නෙවෙයි. දිලිත් වැරැදි වෙලාවට තුරුම්පු අදින මිනිහෙකුත් නෙවෙයි. දිලිත් බාල කොළ සෙල්ලමට දාලා තුරුම්පු හංගගෙන ඉන්නේ හරි තැනදී ගහන්න කියලා අපි හොඳටම දන්නවා. එදාට යට අත සෙපෝරු වුණත් නැතත් දිලිත්ට කිසි ගැටලුවක් නැතුව මේ සෙල්ලමේදී කුට්ටම අනන්න අවස්ථාව එන එක ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. දිලිත් කියන්නේ ලේසියෙන් අවතක්සේරු කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. දිලිත්ගේ තනි ආසනය ආසන ගානකට වැඩි කරගන්න දිලිත්ට බැරි නෑ. හැබැයි දිලිත්ට පළමු දේ වෙන්නේ තියෙන චෝදනාවලින් නිදහස් වෙන එක. ඒක කරගන්න ලංකාවේ අමාරු වෙන්නේ නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මුලු රටම ප්‍රතික්ෂේප කරපු සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට අලුත් ජනවරමෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් හදන හැටි අගමැතිනි හරිනි පාර්ලිමේන්තුව‌ට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉසුරුපාය ඉදිරිපිට වෙච්ච ගැටුමේදී උද්ඝෝෂකයන් අල්ලා පොලිසියට බාර දුන් නාඳුනන පුද්ගලයා කෝ? අතුරුදන්ද? මොන පොලිසියෙද තියාගෙන ඉන්නේ? මාධ්‍ය හමුවක් කැඳවා සංවර්ධන නිලධාරීන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

Load More
චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.Sri Lanka Latest...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.