• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඩඩ්ලිගේ හෝටලේ කඩන්න ගිහින් ලාල්කාන්ත ඇනගත්තාද? Sri Lanka Latest News

August 3, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ඩඩ්ලි සිරිසේන වටින මිනිහෙක්… -ලාල්කාන්ත VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලින් කලට මෙරට පුවත් මවන්නකු වන, මහා පරිමාණ සහල් මෝල් හිමියකු හා ව්‍යවසායකයකු ද වන ඩඩ්ලි සිරිසේන මේ වනවිට යළිත් කතාබහට ලක්ව ඇත්තේ, ඔහු හිමිකාරීත්වය දරන තරු පන්තියේ හෝටලයක් පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත කළ ප්‍රකාශයත් සමගය. Sri Lanka Latest News

මෙරට වැව් රක්ෂිත 23ක සීමා සලකුණු කිරීම සඳහා රජය නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර, ඊට අනුරාධපුර නුවර වැව, කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොළ දැදුරුඔය ජලාශය, මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරිවැව, මාතර කැකණදුර ඇල්ලකන්ද වැව ඇතුළු වැව් 23ක් ඇතුළත් වේ.

‘වැවේ මායිම වැවට දිය යුතුමයි. ඒ වැඩේ අනුරාධපුරයෙන් ආරම්භ කරනවා. එතකොට වැව්තාවුල් අස්සේ ඉන්න අත්පුඩි ගහපු අයටත් වැවෙන් එළියට යන්න වෙනවා. වන්දි ඉල්ලන්න එන්න එපා, වන්දි දෙන්න ඕනෙ රජයට තමන් වැව් තාවුල්ල අස්සට ආවාට’ යැයි අමාත්‍යවරයා එම ව්‍යාපෘතිය ගැන අදහස් දක්වමින් කියා සිටියේය.

‘ඩඩ්ලි සිරිසේන ද, අපිට එකෙක්වත් ලොකු නෑ’
එමෙන්ම, ජූලි 20 වැනිදා තඹුත්තේගම පැවැති උත්සවයකට සහභාගි වෙමින් වැව් රක්ෂිත නම් කිරීමේ වැඩසටහනට පොළොන්නරුව ඇතුළත් නොවීම ගැනද අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.

‘සමහරු අහනවා අර පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ තියෙනවාලු ඩඩ්ලිගේ හෝටලේ. ඒක දාලා නැහැලු මේ පාර මේ වැඩේට. ඉතින් ඕනෙ කෙනෙක් ඕනෙ එකක් කියාගත්තාවේ. වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ අපි ඒක තෝරගත්ත ක්‍රමවේදයක් තියෙනවා. මුදල් ප්‍රමාණය ඒකට අදාළයි. හැබැයි අපි අදියරෙන් අදියර යනවා. මේ අවුරුද්දේ ඔක්කොම වෙන්නෑ’ ඔහු පැවැසුවේය.

‘මොකද ඒ වැඩේට මේ අවුරුද්දේ අපට තියෙන්නෙ මිලියන 100යි. එතකොට මිලියන සීයෙන් ඔක්කොම කරන්න බෑ. හැබැයි ඕගොල්ලන්ටත් සහතිකව කියන්නම්, ඕගොල්ලොත් වැව් තාවුලුවල ඉන්නවා නම් ඊයෙ පෙරේදාත් මම කිව්වා හෝටල් කරගෙන ඉන්න අය ඉන්නවා නම්, මොනවා කරගෙන හරි ඉන්න අය ඉන්නවා නම් අයින් කරන්න කලින් යන්න. අයින් කරනවාමයි. ඒක ඩඩ්ලි සිරිසේනද, අපිට එකෙක්වත් ලොකු නෑ’ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැසුවේය.

ඇමැති ලාල්කාන්තට පෙරටුගාමීන්ගෙන් අභියෝගයක්
කෙසේ වෙතත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයකු වන ඉන්ද්‍රානන්ද ද සිල්වා අභියෝග කළේ, ‘හැකි නම් වැව් තාවුල්ලේ ඉදිකර ඇති සුදු අරලිය හෝටලය ඇතුළු අනෙකුත් හෝටල් ඉවත් කර පෙන්වන’ ලෙසය.

‘අපි ලාල්කාන්තලාට කියනවා කයිවාරු ගහගහා ඉන්නේ නැතුව පුළුවන් නම් එන්න පොළොන්නරුවට. ඇවිල්ලා සුදු අරලිය හෝටලය ඇතුළුව ඔය අනවසරයෙන් අල්ලන් ඉන්න මහා ධන කුවේරයන්ගේ හෝටල් ටික අයින් කරලා පෙන්වන්න’ ඔහු පැවැසුවේය.

‘සුදු අරලිය හෝටලය බේරගන්න අක්කර අඩි දහස් ගානක ජලය අපතේ’
එමෙන්ම, සුදු අරලිය හෝටලය ජලයෙන් යටවීම වළක්වා ගැනීමට අක්කර අඩි දහස් ගණනක ජලයක් නාස්ති කරන බවට ඉන්ද්‍රාන්න ද සිල්වා චෝදනා කළේය.
‘පොළොන්නරුවේ හැමෝම දන්නවා ඩඩ්ලි සිරිසේනගේ සුදු අරලිය හෝටලේ කොහොමද පරාක්‍රම සමුද්‍රය අල්ලන් ඉන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි ඒ සුදු අරලිය හෝටලයේ ජනතාව රැස්වෙන විනෝද වෙන ස්ථානයට වතුර පිරිච්ච ගමන් දොර දහය ඇරෙනවා’ ඔහු පවසයි.

‘හැමදාම පොළොන්නරුවේ ගොවියෝ පුදුමයට පත්වුණා කොහොම ද මේ වැහි දෙකෙන් තුනෙන් වැව් පිරුණේ, වැව් පිරිලා නෑ හැබැයි දොර දහය අරිනවා. දොර දහය ඇරියේ වෙන මුකුත් හින්දා නෙමයි ඩඩ්ලිගේ හෝටලේ, සුදු අරලිය හෝටලේ පිටිපස්ස පිරෙන හින්දා ඔහු ඉංජිනේරුවන්ට ජරාව දීලා හැමදාමත් දොර දහය ඇරලා අක්කර අඩි දාස් ගානක් අපතේ යැව්වා’

‘අපිට අයින් කරන්න තියෙන්නේ හෝටලය තියෙද්දි වැඩිපුර වැවට අල්ල ගත්ත කෑල්ලේ වැට විතරයි’
තඹුත්තේගම පැවැති උත්සවයේදී අදහස් දැක්වීමෙන් දින කිහිපයකට පසු, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මොනරාගල පැවති උත්සවයකදීද මේ සම්බන්ධයෙන් යළි අදහස් පළකළේය. එහිදී ඔහු කියා සිටියේ, හෝටලය ඉදිකර ඇත්තේ, වාරිමාර්ග කොටසක නොවන බවය.

‘දැනට වාර්තා වන විදිහට අයින් කරනවා නම් අපිට කරන්න තියෙන්නේ හෝටලය තියෙද්දි වැඩිපුර වැවට අල්ල ගත්ත කෑල්ලේ වැට ගලවන්න විතරයි. මං දන්නේ නැහැ හරිද නැද්ද කියලා. දැනට තියෙන තොරතුරු අනුව. මේ තොරතුරු අපිට තව දෙන්න. අපි දැන් වාර්මාර්ගෙට දීලා තියෙනවා තොරතුරු ඒ වෙනුවෙන් ගන්න. මට මැප් එක එවලා තියෙනවා. ඒ එවපු මැප් එකට අනුව අරලිය හෝටලය තියෙන කෑල්ල වාරිමාර්ගෙට අයිති එකක් නෙමෙයි. මට ඇවිල්ලා තියෙන තොරතුරු’ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේය.

‘අපේ කට්ටයත් කීපදෙනෙක් ඉන්නවා’
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත එහිදී මෙසේද පැවැසීය.
‘දැන් අනුරාධපුර නුවරවැව සුද්ධ කරන්න යනකොට මට වාර්තා වෙලා තියෙනවා. අපේ කට්ටියත් කීපදෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට මං කිව්වා ඔක්කොටම කලින් උඹලා ප්‍රෙස් එකක් තියලා අපි ස්වේච්ඡාවෙන් යනවා කියලා කියපල්ලා. අපේ එවුන්ට. අපි ජාතික වැඩනේ මේ කරන්නේ. අපිට අපේ එකාද වෙන දේශපාලන පක්ෂයක එකෙක්ද? අර ඩඩ්ලිද? එහෙම නැත්තම් ඩඩ්ලිගේ තව කවුරුහරිද? ඒවා මේවා අපිට අදාළ නෑ. ජාතික වැඩක් මේක. අපි කළේ නැත්නම් හොඳට මතක තියාගන්න ගොවි මහත්වරු ගොවි සංගම්, මේ අණ්ඩුව මේවා නොකළොත් වෙන එකෙක්වත් මේවා කරන්නේත් නෑ. ස්ථීරයි…’

ඩඩ්ලි සිරිසේන වැට ගළවයිද?
‘අරකගේ හෝටලේ මේකගේ හෝටලේ අපිට වැඩක් නෑ. හැබැයි අපි වැඩක් කරනකොට අපේ සීමාවට අදාළ ටික අපි සුද්ධ කරනවා. අපිට වැඩක් නෑ කවුද ඉන්නේ කියලා. ඒගොල්ලන්ට තියෙන්නේ කල්වේලා ඇතිවම යන්න. නිකං පොලිසියෙන් ගෙන්නලා, නිලධාරීන් ගෙන්නලා, වැටවල් කඩන්න බැකෝ දාලා, වෙන්න කලින් පලයල්ලා. ඒක තමා අපිට කියන්න තියෙන්නේ’ අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පැවැසීය.

පොළොන්නරුව අරලිය හෝටලය සම්බන්ධයෙන් මතුව ඇති මෙම සංවාදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අරලිය ව්‍යාපාරයේ හිමිකාර ඩඩ්ලි සිරිසේනගෙන් බීබීසී සිංහල විමසා සිටියේය.

‘ප්‍රශ්නෙ ඔයාට තියෙන නිසා ඒක ඔයාගේ ප්‍රශ්නයක්… මට ප්‍රශ්නයක් නෑ’
‘මම එහෙම කිව්වයි කියන්න’ යැයි ඩඩ්ලි සිරිසේන බීබීසී සිංහල වෙත පැවැසීය.
‘ප්‍රශ්න තියෙනවා නම් ඒක ප්‍රශ්න විදිහට විසඳ ගත්තට ඒකේ කිසි ගැටලුවකුත් නෑ’ ඔහු වැඩිදුරටත් පැවැසීය.

‘කොරල් පරයට හානි කළ අරලිය හෝටලයේ පාර’
මෙරට මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන හෝටල් ජාලයක හිමිකාරීත්වය දරයි.
උණවටුනේ පිහිටි අරලිය බීච් රිසෝර්ට් හෝටලය, නුවරඑළියේ අරලිය ග්‍රීන් සිටි හෝටලය, අරලිය ග්‍රීන් හිල්ස් හෝටලය සහ එහිම පිහිටි අරලිය රෙඩ් හෝටලය සහ පොළොන්නරුවේ සුදු අරලිය හෝටලයද ඔහු හිමිකාරීත්වය දරන හෝටල් සමූහයට අයත් වේ.

උණවටුනේ පිහිටි අරලිය බීච් හෝටලය ඉදිකිරිමේදී රූමස්සල, උණවටුන, බොනවිස්ටා කොරල් පරය ඇතුළු පරිසර පද්ධතියට හානි වූ බව ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් 2021 වසරේ සිය ෆේස්බුක් සටහනක දක්වා තිබිණි. එම හෝටලයට පිවිසීම සඳහා අඩි 20ක් පළල විශාල මාර්ගයක් ඉදිකිරීම හරහා එම හානිය සිදුව ඇති බවට ඔහු පෙන්වාදී තිබිණි.
ඔහුගේ ෆේස්බුක් සටහනේ උපුටා ගැනීම පහත පරිදිය.

‘උණවටුන මුහුදු තීරයට යාබදව ඉදිවන අරලිය හෝටල් සංකීර්ණය නිසා මෙම ප්‍රදේශයට අත්වන්නේ බරපතළ පාරිසරික විනාශයකි. ආතර් සී. ක්ලාක් විද්වතාණන් විසින් ලියන ලද බොහෝ පර්යේෂණ පත්‍රිකාවල රූමස්සල හා උණවටුන අවට ප්‍රදේශයේ විවිධ ගුරුත්වාකර්ෂණ තත්ත්වයන් හා එහි වෙනස් වීම සම්බන්ධව දක්වා ඇත. ඒ අනුව, තට්ටු 16ක පමණ උස ගොඩනැගිල්ලක් නිසා මෙම ප්‍රදේශයේ හා 2003 වර්ෂයේ අංක 1269/25 යටතේ අභය භූමියක් ලෙස නම් කරන ලද රූමස්සලට ඉදිරියේදී දැවැන්ත හානියක් සිදුවිය හැකිය. දැනටමත් අරලිය හෝටලයේ ඉදිකිරීම් කරගෙන යන අතර, බර යන්ත්‍ර භාවිතය නිසා ප්‍රදේශයම දෙදරුම් කෑමට ලක්වෙමින් ඇත.’

මල් කඩොල්, මූන මල්, දියදඟ යන ශාක ඇතුළු ශාක විශේෂ සියයකට අධික ප්‍රමාණයක් මෙන්ම හෝටලය ඉදිවූ පරිශ්‍රය තුළ ජාතික වශයෙන් අවදානමට ලක්ව ඇති ශාක විශේෂ කිහිපයක් දැකගත හැකි බවද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් එම සටහනේ දක්වා ඇත.

එම සටහන තැබූ ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් වර්තමානයේ පරිසර අමාත්‍යාංශයේ උපදේශකවරයෙකි.

බීබීසී සිංහල

SendShareShare
Previous Post

යෞවන සමිති-ග්‍රාම සංවර්ධන කමිටු-ප්‍රජා සංවර්ධන කමිටු-කාන්තා සමිති- මරණාධාර සමිති-විශ්‍රාමික සමිති-ගොවි-ධීවර සමිති-තේ සමිති-රබර් සමිති-අපනයන භෝග වගා සමිති ඇතුළට විතරක් නෙමෙයි රෝහල් කමිටුවටත් ජවිපෙ දේශපාලනය අරන් ඇවිත්! මෙහෙම ගියොත් පන්සලේ දායක සභාවත් තීන්දු කර විහාරාධිපති හිමියොත් ජවිපෙන්ම පත්කරාවි! රටට වෙන්න යන දේ සජිත් රත්නපුරේදී කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අතන මෙතන තැන තැන දකින ජෙරොම් සුව මෙහෙය දෑසින් දුටිමි! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.