• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොටම එකඟ වුණාද? ප්‍රතිපත්ති පාවා දුන්නාද? අනුර ඇත්තටම ඉන්දියාවෙදි කිව්වෙ මොකක්ද? Sri Lanka Latest News

December 22, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
අනුරව පිළිගැනීමේ නිල උත්සවය ඇරඹේ! ඉන්දීය ජනපති සහ අගමැති මෝදි ඇවිත්! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සිදුකළ රාජ්‍ය සංචාරය අතරතුරදී මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය. (Sri Lanka Latest News)

අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමනි,
ගරු අමාත්‍යවරුනි,
නෝනාවරුනි, මහත්වරුනි
ජනමාධ්‍ය නියෝජනය කරන මිත්‍රවරුනි,

ආයුබෝවන්,වනක්කම්, නමස්තේ,

ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මා නියැළෙන පළමු විදෙස් සංචාරයේදී නවදිල්ලි නුවරට පැමිණීමට ලැබීම පිළිබඳ මා සැබැවින්ම සතුටට පත්වනවා.

මාහට කරන ලද ආරාධනය වෙනුවෙනුත් උණුසුම් පිළිගැනීම සහ සත්කාරකත්වය වෙනුවෙනුත් අතිගරු ජනාධිපතිනි ද්‍රෟපදි මුර්මු මැතිනියට සහ අතිගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට මා ස්තුතිවන්ත වනවා. දෙරට අතර ගැඹුරින් මුල් බැසගත් ශිෂ්ටාචාරමය සබඳතා සහ ශක්තිමත් ද්විපාර්ශ්වික සහයෝගීතාව ඉහළ නැංවීමට මෙම සංචාරය ඉවහල් වුණා.

මාගේ මෙම සංචාරය සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ස්ථාපිත වූ මැතිවරණ ක්‍රම හරහා දෙරටේම ජනතාව පැහැදිලිවම සිය ජනමතය ඉදිරිපත් කර ඇති පසුබිමක හා තිරසර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම් සහ සෞභාග්‍යයේ මාවත ඔස්සේ අප රටවල් මෙහෙයවීමට ජනවරමක් ලබාදී ඇති, දෙරටේම දේශපාලන වාතාවරණයෙහි වැදගත් සන්ධිස්ථානයකයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැන් තනි ජනවරමක් යටතේ මෙතෙක් තේරී පත් වූ වැඩිම නියෝජිතයින් සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තුව බවට පත්ව සිටින බව මා දන්වා සිටින්නේ සතුටින්. මගේ නායකත්වය යටතේ ජාතික ජන බලවේගයට ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලැබුණු මෙම අතිමහත් සහයෝගය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් වනවා. පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙර නුවූවිරූ ලෙස ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශ වූ ජන වරම අප රටේ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට හැකිවන දේශපාලන පරිවර්තනයක බීජ රෝපණය කර තිබෙනවා.

උතුර, දකුණ, නැගෙනහිර සහ බස්නාහිර දිශාවල පිහිටි සියලු පළාත්වල විවිධ ප්‍රජාවන් සහ විවිධ තරාතිරම්වල ජනතාව මෙම ජනවරමට දායක වුණා.
මගේ ජනතාව විසින් එවැනි වැදගත් වගකීමක් පවරන ලද නායකයෙකු ලෙස, ප්‍රජාතන්ත්‍රවාදයේ හරය පවතින්නේ විවිධ දේශපාලන මත සහ කණ්ඩායම්වල සහජීවනය තුළ බව මා පැහැදිලිවම වටහාගෙන සිටිනවා.

ධර්මයේ ඉගැන්වීම් බෙදාගැනීමේ සිට අපගේ සංවර්ධන ප්‍රගතියේ කොටස්කරුවෙකු වීම දක්වා ඉතිහාසය පුරාම ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ වර්ධනයේ සහ සංවර්ධනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා.

අද මගේ ඉන්දීය සංචාරයෙන් විද්‍යමාන වන්නේ අප අනාදිමත් කාලයක සිට භුක්ති විඳින මෙම සමීප සහ මිත්‍රශීලී සබඳතායි.
මීට මඳ වේලාවකට පෙර, අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා අපගේ නියෝජිත පිරිස් සමග අපගේ ද්විපාර්ශ්වික සාකච්ඡා අවසන් කළා. අප අපගේ සබඳතාවල වර්තමාන තත්ත්වය පිළිබඳ පුළුල් සමාලෝචනයක් කළ අතර ඉදිරියේදී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අපගේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ මං සහ ක්‍රම පිළිබඳවද අදහස් හුවමාරු කරගත්තා.

ශ්‍රී ලංකාවට ලබාදුන් නොසැලෙන සහාය වෙනුවෙන්, විශේෂයෙන්ම 2022 වසරේදී රට මුහුණ දුන් පෙර නොවූවිරූ ආර්ථික අර්බුදයේදී සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට ලබාදුන් ප්‍රබල සහයෝගය වෙනුවෙන් මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට සහ ඉන්දීය රජයට ස්තුතිය පළකළා.
ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකාවට හිමිවන විශේෂ ස්ථානයට අනුකූලව ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික වර්ධනය සඳහා ඉන්දියාවේ ඇති පූර්ණ කැපවීම පිළිබඳ අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහතික වුණා.

දෙරටේ පාර්ලිමේන්තු ආයතන අතර ඇති සහයෝගීතාව ඇතුළුව විවිධ මට්ටම්වල දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා සහ මා හඳුනාගත්තා.

දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව සහ ප්‍රධාන අංශවල ආයෝජන පිළිබඳවද අප සාකච්ඡා කළා. ආරක්‍ෂාව සහ ආරක්‍ෂණය, විදුලිබල සහ බලශක්තිය, පුහුණුව සහ ශක්‍යතා වර්ධනය, අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සමාජ ආරක්‍ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද අප අදහස් හුවමාරු කරගත්තා.

පාලනය, සේවා සැපයීම සහ සමාජ සුබසාධනය යන අංශ ඩිජිටල්කරණය කිරීමෙහිලා ඉන්දියාව ලබා ඇති සාර්ථකත්වය මා අගය කළා. ශ්‍රී ලංකාවේද ඊට සමාන පොදු ඩිජිටල් යටිතල පහසුකම් පද්ධති ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාවේ සහාය ලබාදෙන බවට අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා මට සහතික වූවා.
අප දෙරට අතර පවතින සංස්කෘතික බැඳීම් අපගේ සබඳතාවයට ශක්තිමත් පදනමක් සපයනවා. වඩාත් ශක්තිමත් පුද්ගල-පුද්ගල සම්බන්ධතා සඳහා මෙම බැඳියාවන් තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙන්, අප සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කළා.

කලාපීය සහ බහුපාර්ශ්වික සන්දර්භ තුළ, ගෝලීය දකුණේ ප්‍රමුඛතම රාජ්‍යයක් ලෙස ඉන්දියාවේ භූමිකාව මා අගය කළා. අයෝරා සංවිධානයේ ශ්‍රී ලංකා සභාපතිත්වයට ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ප්‍රකාශ කළා. බි්‍රක්ස් සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වීමට ශ්‍රී ලංකාව තුළ ඇති අභිලාෂයට ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය මා එතුමාගෙන් ඉල්ලා සිටියා.

සුවිශේෂ ආර්ථික කලාපයෙන් ඔබ්බට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීම සඳහා මහාද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ඉල්ලීමට අදාළව ද්විපාර්ශ්වික තාක්ෂණික සාකච්ඡා හැකි ඉක්මනින් කැඳවීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාගේ මැදිහත්වීමද මා ඉල්ලා සිටියා.

මෑතකදී පැවැත්වුණු ධීවර කටයුතු පිළිබඳ හයවැනි ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම කෙරෙහි ප්‍රසාදය පළ කරන අතර, තිරසර විසඳුමක් උදෙසා ධීවර ගැටලුව ආමන්ත්‍රණය කිරීමෙහිලා සහයෝගී ප්‍රවේශයක ඇති අවශ්‍යතාව පිළිබඳවද අප සාකච්ඡා කළා. දෙරටේම තහනම් භාවිතයක් වන පතුලේ ඇදගෙන යන දැල්පන්න ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලිං) මගින් සිදුවන යළි පිළිසකර කළ නොහැකි පාරිසරික හානිය හඳුනාගනිමින්, එම භාවිතය නැවැත්වීමටත් නීති විරෝධී, වාර්තා නොකරනලද, නියාමනය නොකරන ලද ධීවර කටයුතු නැවැත්වීමටත් පියවර ගන්නා ලෙස මා ඉල්ලා සිටියා.

පුහුණුවීම් හා ශක්‍යතා වර්ධනය සහ ද්විත්ව බදුකරණය වැළැක්වීම යන ක්ෂේත්‍රවලට අදාළව අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් අද දින හුවමාරු කරගනු ලැබීම පිළිබඳ මා සතුටට පත්වනවා.

අන්‍යෝන්‍ය වශයෙන් පහසු දිනයක ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙන ලෙසට මා අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමාට ආරාධනා කළා.
ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට මා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා.

එළැඹෙන වසර ගණනාවක් තුළ තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට මා තුළ කිසිදු සැකයක් නැති, ඉන්දියාව සමග ඇති සහයෝගීතාව අඛණ්ඩව වර්ධනය කිරීම සහ පුළුල් කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව විශාල වැදගත්කමක් ලබාදෙන බව නැවත අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. ස්තුතියි.

(ජනාධිපති මාධ්‍ය අංශය)

SendShareShare
Previous Post

කළුවර වැටුණට පස්සේ කොළඹ මේ පාරේ යනවා නම් පරෙස්සමෙන්! මොනවා වුණත් කීයටවත් නවත්වන්න නම් එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

225ම සුදුසුකම් හෙළිකරනු! හොරු-බොරු අල්ලන්න ලෑස්ති වෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.