සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතාය.Sri Lanka Latest News
ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.
‘‘ජනාධිපතිවරයා ඉන්දියාවේ සහ චීනයේ සංචාරයක නිරත වුණා. සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගේ එම සංචාරවලට සුබ පතනවා. ජනාධිපති අනුර දිසානායක මහතා එම විදෙස් සංචාරවලින් රටට රැගෙන පැමිණි ආර්ථික සහ සමාජීය ශක්තිය රටේ ජනතාවට ඉතාමත් වැදගත්. ඒ වගේම ලංකාව හුදකළා කරන්නේ නැතිව තවත් විදෙස් රටවල් සමඟ තිබෙන සම්බන්ධතා පුලුල් කර ලංකාවේ ජනතාවගේ ජන ජිවිතය ඉහළට ගෙන යන්න වැඩපිළිවෙලක් සකස් කරන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පසුගිය කාලවල සිටි ජනාධිපතිවරුන්ට විදෙස් සංචාර සදහා යන්න සිද්ධවුණෙත් මේ කාරණය සඳහා තමයි. ඒ බවත් අපි ආණ්ඩුවට මතක් කර දෙන්න කැමැතියි.
ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතාගේ චීන සංචාරයකදී එළඹුන ගිවිසුම් පිළිබඳව රටේ ජනතාව දැන ගන්න කැමැතියි. පළමු වතාවට මාධ්‍ය සම්බන්ධව ගිවිසුමක් අත්සන් කරන බවට වාර්තා වෙනවා. මාධ්‍ය සම්බන්ධයෙන් යම් රටක් සමග ගිවිසුම්ගත වීම හරහා එම රටේ ප්‍රතිරූපය ගොඩනැගිමට ලංකාවේ මාධ්‍යවලට දිගින් දිගටම ක්‍රියාත්මක වෙන්න ඉදිරියේදී සිද්ධවෙන්න ඉඩ තිබෙනවා. ලංකාවේ මාධ්‍ය තුළ යම් රටක් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරිම සිදුවෙන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මධ්‍ය සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුම් රටට ඉදිරිපත් කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම ජනවාරි පළමුවැනිදා ආණ්ඩුව විසින් ආරම්භ කළ ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය කියන්නේ පරිසරය පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් පමණක් නෙවෙයි. ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය කියන්නේ පරිසරය පිරිසිදු කිරිමේ ක්‍රියාවලියට එහා ගිය වැඩපිළිවෙලක් බව ආණ්ඩුව ප්‍රකාශ කළත් එවැනි වැඩපිළිවෙළක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ වගේම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අරමුණ නිර්මාණය වුණ ආකාරය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වගේම වාහන ලංකාවට ගෙන්වන පිරිස් ක්ලින් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට මුදල් යොදවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ සිට වාහන ගෙන්වන්න අවසරය ලබාදෙන්න යන බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් පුවත් තොරතුරු වාර්තා කරලා තිබුණා. ඒ පුවත්වල සත්‍ය අසත්‍යතාවය පිළිබඳව රජය ප්‍රකාශයක් කළ යුතුයි.
ඒ වගේම රජය විදුලි බිල අඩු කිරිමට එකඟ වුණේ නෑ. නමුත් සමගි ජනබලවේගය , විදුලි පාරිභෝගිකයන් සහ සිවිල් සංවිධානවල බලපෑම මත තමයි විදුලි බිල අඩුකරන්න ආණ්ඩුවට සිද්ධ වුණේ. මෙය ආණ්ඩුව කැමැත්තෙන් සිදුකළ දෙයක් නෙවෙයි. විදුලි බිල අඩුකිරිම සදහා නිර්දේශ ඉදිරිපත් කරන්නේ මහජන උපයෝගිතා කොමිසම.
මහජන උපයෝගිතා කොමිසම නිර්මාණය කරන්නේ සමගි ජන බලවේගය නියෝජනය කළ ආණ්ඩුවක්. ඒ ආයතනය තමයි විදුලි බිල අඩුකරන ලෙස නිර්දේශ ලබා දෙන්නේ. ඒ වගේම ඉන්ධන මිල සංශෝධනය කිරිම පිළිබඳවත් මහජන උපයෝගිතා කොමිසමට බලය තිබුණා. එය පසුකාලිනව ක්‍රියාත්මක කරන්න නොහැකි වුණා. ඒ සඳහා හේතු වුණේ 2004 ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණය කරලා ආණ්ඩු පෙරලන්න කටයුතු කළ නිසයි. ඒ නිසා මෙය නිසියාකාරව ගැසට් කර ගන්න නොහැකි වුණා. ඒ අනුව 2009 දී මහජන උපයෝගිතා කොමිසන් සභාවත් සක්‍රීය කරලා මේ වනවිට පවත්වාගෙන යනවා. මහජන උපයෝගිතා කොමිසන් සභාව සදහා පත් කිරිම් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යස්ථාදායක සභාවත් අපේ පක්ෂයේ පිරිස් ආණ්ඩු කරන කාලයේ තමයි රටට හදුන්වා දුන්නේ. මේ ආයතන නිර්මාණය කරපු කණ්ඩායම් වලට , මෙවැනි පනත් ගෙන ආ මන්ත්‍රීවරුන්ට , එවැනි පනත් ගෙන ඒමට කටයුතු කළ අනෙකුත් සංවිධානවලට ගෞරවය හිමි විය යුතුයි. ඒ නිසා විදුලි බිල අඩුවිමේ සහතිකය මහජනතාවට සහ ඒ සදහා පනත් නිර්මාණය කළ , ඒ සදහා වන ආයතන බිහි කළ , එම ආයතන පවත්වාගෙන යන පිරිසට හිමි විය යුතුයි. එය ආණ්ඩුවට හිමි විය යුතු දෙයක් නෙවෙයි.
ඒ වගේම රටේ සහල් හිගයක් පවතිනවා. සහල් හිගයක් තිබෙනවානම් ආණ්ඩුව වී මිලදී ගැනිමෙන් සහල් හිගය නැති වෙන්නේ නෑ. වි මිලදි ගන්නේ ආණ්ඩුවද පෞද්ගලික අංශයද කියන කාරණය මත වී හිගය වහන්න බෑ. සහල් හිගයි නම් වී හිගයි ඒ සදහා කළ යුත්තේ ලංකාවේ වී වගා කරන ප්‍රමාණය වැඩි කළ යුතුයි. නැත්නම් ලංකාවට අවශ්‍ය සහල් ප්‍රමානණය ආනයනය කළ යුතුයි. ආණ්ඩුව වී මිලදී ගත්තාට හිගය වලක්වා ගන්න බෑ.
වී මිලදි ගැනිමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වන්නෙ සහල් මිල අඩු කිරිමයි. නමුත් ලංකාවේ වගා කරන වී වලින් ලබාගන්න සහල්වල මිල 2026 ජනවාරි මාසය වනවිට අද පවතින මිලට වඩා මිල වැඩි වීමේ ප්‍රවණතාවයක් පවතිනවා. මේ අනාවැකිය හරියන්නත් පුලුවන්. වරදින්නත් පුලුවන්.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් පැවැතුනා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සමගි ජන බලවේගය නිර්මාණය වෙන්න පෙර තිබුණ අපේ මිනිස්සු ඉන්න පක්ෂය. නමුත් අද වනවිට එක්සත් ජාතික පක්ෂය කුඩා දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම දේශපාලන සුනාමියට අනෙකුත් පක්ෂ හසුවෙනකොට ශක්තිමත්ව රැදි සිටි එකම දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය පමණයි. ආණ්ඩුව බලය ලබාගැනිම සදහා ජනතාව අන්දමින් විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ගත කරන්න උත්සහ කළ මොහොතක පවා ජනතාවගේ විශ්වාසය දිනාගෙන විපක්ෂය බවට පත්වුණ එකම දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය පමණයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු විය යුතු බව පාක්ෂිකයන් විශ්වාස කරනවා. ඒ වගේම විවිධ සංවිධාන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවීම පිළිබඳව කරුණු ඉදිරිපත් කරලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ගෞරවය ආරක්ෂා කරගනිමින් දක්ෂිනාංශික දේශපාලන බලවේගයක් රටේ බලය ලබාගැනිමට තමයි සාකච්ඡා ආරම්භ කළේ.
ඒ වගේම වර්තමාන ආණ්ඩුව බලය ලබාගත්තේම වාමාංශික කතා තොගයක් සමාජගත කරලා. ඒ වාමාංශික කතා සමාජ ගත කලේ බලය ලබාගැනිම සදහා පමණයි. එතනින් පසුව ඔවුන් ක්‍රියාත්මක කරන්නේ ධනවාදි වැඩපිළිවෙළක්. ඒ නිසා වාමාංශික කතා අහලා ධනවාදි ආණ්ඩුවක් නිර්මාණය කරනවාද ? නැත්නම් ධනවාදි අදහස් ගැන අවබෝධයකින් ධනවාදය පිළිගන්න ආණ්ඩුවක් නිර්මාණය කරනවාද කියන කාරණය පිළිබඳව ජනතාව සිතා බැලිය යුතුයි. ජනතාවට අවශ්‍ය වන්නේ අඩු බදු බරක් තිබෙන , රටට ආදායම් වැඩිපුර පැමිණෙන , යහමින් හිතන විදිහට වියදම් කරන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගා ගැනිම. ඒ වැඩපිළිවෙළ සකස් කරන්න පුලුවන් වෙන්නේ ධනවාදි වැඩපිළිවෙළක් තිබෙන දේශපාලන ව්‍යාපාර වලට පමණයි. සමගි ජනබලවේගය දක්ෂිනාංශික දේශපාලන භාවිතයක් තිබෙන ව්‍යාපාරයක් නිසා එක්සත් ජාතික පක්ෂය සමග එකතුවිම වැදගත්. නවක මන්ත්‍රීවරයෙක් විදිහට පක්ෂ දෙකේ සාකච්ඡා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම වර්තමාන ආණ්ඩුව බලයට පැමිණෙන ආවස්ථාවේදී වාමාංශික අදහස් වලින් රටේ ජනතාවගේ ඔලු ටික විනාශ කරලා දැම්මා. මේ රටේ ප්‍රධාන අර්බුදයට හේතුව සමාජවාදි අදහස්. සමාජවාදි අදහස් නිසා තමයි රට ඉදිරියට ගෙනයන්න නොහැකි වෙලා තිබෙන්නේ. එය විශාල අභියෝගයක් වී තිබෙනවා. ඒ නිසා වාමාංශික අදහස් වලින් මිදිලා සැබැ තත්ත්වය කෙසේද කියලා බලන්න අවශ්‍යයි. ඒ සදහා රටේ තරණ තරුණියන්ට සමගි ජනබලවේගය සමග එකතු වෙන්න හැකියාව තිබෙනවා. පළාත් පාලන මැතිවරණයේදී සියයට 25 ක තරුණ නියෝජනයක් සමගි ජනබලවේගය ලබාදෙන්න සුදානම්. ඒ සදහා ඉදිරිපත් වෙන්න. තමන්ගේ තිබෙන දක්ෂතා පෙන්වලා රටට වැඩක් කරලා පෙන්වන්න සමගි ජනබලවේගය සමග එකතුවෙන්න. ධනවාදි අදහස් තිබෙන යහපත් ආර්ථිකයක් ගොඩනගා ගැනිමට අවශ්‍ය රටක් ගොඩනැගිමට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.
ඒ වගේම ජනාධිපතිවයා ප්‍රකාශ කරලා තිබුණා ලබාගත් බලය තවත් වසර ගණනාවකට බිදදමන්න නොහැකියි කියලා. බලය ලබාගත්ත සැම කෙනෙක්ම හිටියේ ඔය සිතුවිල්ලේ. බලය ලබාගැනිමට පෙර බලය හැරදා යන්නේ කවදාද කියන සිතුවිල්ල නායකයෙකුට එනවානම් ඔහුට රටක් පාලනය කරන්න පහසුයි. රට ගොඩගැනිමට
ගන්න ඇතැම් තිරණ වලදී රිදවිම් සිදුවෙන්න පුලුවන්. ඒ තිරණ ගත්තේ නැත්නම් රටකට ඉදිරියට යන්න බෑ. නමුත් ජනාධිපතිවරයා කියන්නේ වසර 15 ක් 20 තව බලයේ රැදි ඉන්නවා කියලා. වර්තමාන රජය තින්දු ගන්නේ බලය පවත්වාගැනිම උදෙසා මිසක රට ගොඩනැගිම උදෙසා නෙවෙයි. 2025 දී රටේ ආර්ථිකය ගෙන එන මට්ටම ගැන , 2030 දී රටේ ආර්ථිකය ගෙන එන මට්ටම ගැන කියන්න ආණ්ඩුවට පුලුවන්. ඒ අනුව ජනතාව බලය දෙනවාද නැද්ද කියලා ජනතාවට තිරණයක් ගන්න කියලා තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුත්තේ. නමුත් වර්තමාන ආණ්ඩුවේ අදහස වසර 20 ක් බලයේ රැදි සිටිමනම් එයින් රටට කිසිදු යහපතක් සිදුවන්නේ නෑ. වර්තමාන ජනාධිපතිවරයාගේ ඒකාධිකාරි අදහසක් තිබෙන බව මෙයින් පෙනී යනවා.
ඒ වගේම ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබඳව කතා කළා. රටේ ජනාධිපතිවරයෙකු ගන්න තින්දුවලින් ඇතැම් පාර්ශ්ව වලට බලපැමක් සිද්ධ වෙනවා. ඇතැම් තිරණ වලින් රටකට පාඩුවක වෙන් පුලුවන්. ව්‍යාපාරිකයන්ට එම තිරණ බලපාන්න පුලුවන්. ජනාධිපතිවරයාට විවිධ මාෆියාවලට විරුද්ධව කටයුතු කරන්න සිද්ධ වෙනවා. රටක ජනාධිපති කියන්නේ රාජ්‍ය රහස් රැසක් සතු පුද්ගලයෙක්. ජනාධිපතිවරයෙක් විශ්‍රාම ගත්තාට පසුවත් ආරක්ෂා කරගැනිම රටේ ජනතාවට වගකිමක් තිබෙනවා. ජනාධිපතිවරයාගේ හෝ ඒ පවුලේ පිරිසගේ ආරක්ෂාව පිළිඳව වගකිමක් රාජ්‍යයට තිබෙනවා. එය සමගි ජනබලවේගය විශ්වාස කරනවා.










