• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයට පාට එකතු කරපු කලාකරුවෝ රටම ඇන්දුවාද?

July 4, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
අරගලයට පාට එකතු කරපු කලාකරුවෝ රටම ඇන්දුවාද?
Share on WhatsAppShare on Facebook

එහෙම නැත්නම් අරගලය පාවා දුන්නාද? මේ කලාකරුවන් අපි තවත් විශ්වාස කරනවාද?

‘සිංහලයට බොහෝ විට යමක් මතක තියෙන්නේ හරියටම දවස් දෙකක් නැත්නම් තුනයි. ලොව දරුණුම ත්‍රස්තවාදියා යන නරක ලේබලය ගසාගත්… මනුස්ස හැඟීම් නැති… සිංහලයව ‘නයාට අඳුකොළ’ වාගේ වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්, සිංහලයා ගැන එහෙම කතාවක් කොහේකදෝ තැනක කියා තිබුණු බව ඒ කාලේ ප්‍රචලිතව තිබුණා මතකයි.

ඇත්තටම ඒ කියමනෙහි යම් සත්‍යතාවයක් තියෙනවදැයි කියලා කවුරු හරි ඇහුවොත් ‘නැහැ…’යී කියලා නම් ඔළුව දෙපැත්තට වනන්න හිතට එකඟව නම් බැහැ.., මොකද කියනවා නම් ඒ කියාපු කතාව සනාථ කරන විදියෙ ඕනෑ තරම් සිදුවීම් ඇස්පනාපිටම ඔප්පු වෙලා තියෙනවා.

ලෝකයටම එපා කරපු ම්ලේච්ඡ මිනිහෙක් කියපු පරණ කතාවක් මෙතැනදී මතක් කෙරුවේ තවත් ඒ වාගේ සිදුවීමක් ඇහැට පෙනෙන්න, හිතට දැනෙන්න ගත්ත නිසයි.., ගෝල්ෆේස් අරගලය පැත්තට පොඩ්ඩක් දුවලා ආව නම් කාට වුණත් ඒ ටික හිතට දැනෙන්න ගනීවි.

අරගලය පැත්තට ආවද..? එහෙනම් ටිකක් වටපිට බලන්න..,

හැමෝටම පේනවා සිකුරුයි ඒ අඩුව..,

දවස් පනහක් සම්පූර්ණ වෙන්න කලින් අරගලයෙහි හයියට ආපු දහසකුත් එකක් කලාකරුවන් අද කෝ.., ඔබ දුටුවාද ඔවුන්ගෙන් එක් දහදෙනෙකු හෝ පිරිස අතර ඉන්නවා. දහදෙනෙක් තියා පස්දෙනෙක්වත් නැහැ… ඉන්නේ හරියටම කිව්වොත් දෙන්නයි… ඒ දමිතා අබේරත්නයි… ජෙහාන් අප්පුහාමියි… එතැනිනුත් ජෙහාන් හිර අඩස්සියේ… දමිතා විතරක් අරගලය මැද තනි කලාකාරියක විදියට ‘ගේම්’ එක ගෙනියනවා.

ඇයි එහෙම වුණේ..,

රොද බැඳගෙන එකම එක කණ්ඩායමක් ලෙස උමතුවෙන් වාගේ වීදි බැහැපු කලාකාරී අරගලයට මොකද වුණේ..?

හිතාගන්නත් බැහැ… තද කළුපාට ඇඳුම් ඇඳගෙන… බෝඩ් අතින්, කටින් උස්සගෙන… කවමදාකවත් මෙහෙව් අරගලයකට එනවා තියා… එයි කියලා හිතා ගන්නත් බැරි කලා ශිල්පීන්ද අරගලයට ආවා… එයාලා කතා කළේ ‘තව්සන්ඩ් ටෝක්’වලින්.

‘ගෝඨාභය රාජපක්‍ෂ ඔයා හිටියා ඇති… පින්සිද්ධ වෙයි යන්න… මේ අපේ රට… ඔයාලට වාගේ වෙන රටවල සිටිසන් ෂිප් අපට නැහැ… අපට තියෙන්නේ මේ රට විතරයි… ඒ රට අපට දීලා ඔයා අයින්වෙලා යන්න… Please Gota Go Home ඩිනක්ෂි ප්‍රියසාද් හරි සද්දෙට කිව්වා මතකයි.

‘මට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවන්ට ඉන්න රටක් තියලා එකක් තියෙන්න ඕනෑ… අනේ ජනාධිපතිතුමෙනි, කරුණාකරල වැඳල කියන්නම්, මේ රට අපට ඉතිරි කරලා ඔයා ගෙදර යන්න..,’

ඒ කවදාවත්ම අරගලයක් තියෙන අහලකින්වත් නොගිය සුරූපී නිළි මහේෂි මධුශංකා… ඇයද ඩිනක්ෂි වාගෙම හරිම හැඟීම්බරව වෙව්ලන හඬකින් තම ප්‍රකාශය කළේ.., තද කළුපාට ‘ටී-ෂර්ට්’ එකකින් සහ ඩෙනිමකින් සැරසීගෙනයි. හැමෝම හිටියේ කළු ඇඳගෙන… හරියටම බොහෝ ඛේදනීය මළ ගෙදරකට ආවා වාගේ… ආවේ කවුද… ආවේ නැත්තේ කවුද කියලා කියන්න බැරි තරමට ඒ දින කිහිපය තුළ දහසකුත් එකක් කලා ශිල්පීන් එක පොරයට අරගල භූමියට ඇවිදින් හිටියා… දියත උද්‍යානය පුරාද මේ කලා ශිල්පීන් පැමිණ නැඟූ පෙරළිකාර හඬ ඒ අවට ගිගුම් දන්නේ අරගලයට නොගිහින් ගෙදරට වෙලා ඉන්න අයටද පහුවදාට අරගලයට එන ගැම්ම ඇති කරමිනුයි.
කලා ශිල්පීන්ව අරගලයට ගෙන එන්නට පුරෝගාමී වූ කිරුළු නොපලන් ‘සිරස’ සුපිරි තරුව ශිහාන් මිහිරංග කිසිම බයක්, සැකක් නැතුව අරගලය තුළ ඉඳගෙන මාධ්‍යයට කිව්වේ,

‘Gota Go Home’ කියන්න එපා… එතකොට එයාලා අපෙන් හොරකම් කරපුවත් අරගෙන… ටටා… බායි කියලා යන්න යාවි… අපෙන් ගත්ත කෝටි ගණනක සල්ලි ටික ආයෙම ගන්න නම් එයාලව නීතිය ඉස්සරහට ගෙනියන්නයි ඕනෑ… අන්න ඒ වෙනුවෙන් අපි පෙළගැසෙමු.’

ශිහාන්ගේ ඒ කියමනට තරුණ හඬට ඒ වටේ හිටපු හැමෝම හුරේ තිබ්බා… ඒ විදියට කෑගහපු… කළු ඇඳගෙන අරගලයට ඇවිදින් ගෝඨාභය ඇතුළු රාජපක්‍ෂ රෙජිමයට ඇඟිල්ල දික්කරපු තව කලාකාරයන් සිය ගණනක් විය. ඔවුන් අරගලයට දුන් ‘තරු’ ගැම්ම සුළුපටු නැත.., ඒ අතර සුවිශේෂීම සිදුවීම වූයේ 69 ලක්‍ෂයේ ජයග්‍රහණය සමරන්නට 2019 ජනාධිපති ඡන්දයට ගෝඨාභය සමග වූ රාජපක්‍ෂවරුනට එදා ඡන්දය දීපු කලා ශිල්පීන් පිරිසද අරගලයට පය තැබීමය. සින්දු කියමින් අලුත් සින්දු හදමින් ඔවුන් අරගල භූමියට ආවෝය. රාජපක්‍ෂලාට හැරෙන්නට වෙන කිසිම දේශපාලන පක්‍ෂයක් වෙනුවෙන් වේදිකාවට පය තිබ්බේ නැති ඒ කලා ශිල්පීන් ‘සෙට්’ එක අරගලයේදී තරුණ, තරුණියන් පිරිවරාගෙන හරි ලස්සන ගීත ගයමින් රාජපක්‍ෂලාට විරුද්ධව පෙළ ගැසුණේ ඒ සිදුවීම් ටීවී එකෙන් දකින අයගේ සිත්-සතන් ජාත්‍යාලයෙන් හිරිවට්ටමින්ය. ‘අරගලයට’ යන්න හිතක් නැති කලා ශිල්පීන්ද පහුවදා කළු පාටට හුරු ඇඳුම් ඇඳගෙන අරගල බිමට පය තියන්න ඔවුන් දිරි දුන්නේය. ‘සරා’ට රඟපාමින් ජනතා හිත දිනූ සජිත අනුත්තරද ඒ අතර සිටියේ නිකං නෙවේය. ‘Gota Go Home’ කියන බෝඩ් ලෑල්ලක් උස්සගෙනය..,

ඒ විතරක් නෙවේය, රාජපක්‍ෂලා වෙනුවෙන් කැතට කඩේ ගිය කුසුම් රේණුලාද අරගල බිමේ හිටගෙන මාධ්‍යයට කතා කරන කොට කාට වුණත් පුදුම හිතුණේය. ඒ පුදුමය හරහා කවුරුත් ඔවුනට මුහුණුපොත හරහාද හරසර දැක්වූහ. විiුත් සහ මුද්‍රිත මාධ්‍යයද ඔවුනට හොඳ ප්‍රසිද්ධියක් දුන්හ. ඇත්තටම කලා ශිල්පීන්ගේ බේදයක් නැති ඒ වීදි බැසීම අගය කළ යුත්තකි. පවතින රජයක් වෙනුවෙන් කරන ඒ මෙහෙවර කොහොමත් අවදානම්ය. ඒත් ඔවුන් ඒ අවදානම ගත් ආකාරය උදාර විය… කවුරුත් ඒ උදාර මෙහෙවර දෙස බලාසිටියේ ආඩම්බර ලීලාවෙනි.

නමුත්..,
කියන්නට කනගාටුය. අද මෙහෙම ලියන්නට වීමත් කනගාටුය. එක්ව පෙළ ගැසී හරි උජාරුවට පැමිණි ඒ කලාකරුවන් ආ සැණින්ම වාෂ්ප වී ගොස් ඇත.

සිදුවූයේ කුමක්ද..?

ඒ කලාකරුවන් කොහිද..?

අරගල කරන්නට ඔවුන්ගේ ලෙයට දැනුණු ගැම්මට ආයුෂ තිබුණේ පැය 48ක් පමණද..?

ඒ ප්‍රශ්නවලට උත්තර කොයික වුවද ඇස් ඇර වටපිට බලනකොට අන්තිමට අරගල බිමෙහි ඉතිරි වූ කලාකරුවන් අතර වූයේ දමිතා අබේරත්න සහ ජෙහාන් අප්පුහාමි පමණය.

එහෙම වුණේ ඇයි..?

අරගලයට මැයි 9 වැනිදා මැරයන් කඩාපැනපු නිසාද..?

මහින්ද ගෙදර ගිහින් ‘නූතන ගෲෂා’ විදියට රනිල් වික්‍රමසිංහ ඇවිදින් අගමැති පුටුවේ ඉඳගත්ත නිසාද..?

එහෙමත් නැත්නම් තිරිසන් ආත්මයක් ලැබ මෙලොවට උපන් මිනීමරු ප්‍රභාකරන් කිව්වා වාගේ සිංහලයාට යමක් මතක තියෙන්නේ දවස් දෙකක් හෝ තුනක් පමණයැ’යි කියන කියමනට ඔවුන් සාක්‍ෂි දැරුවාද..?

‘අරගලය තුළ ඔබ දැන් ඉන්නේ කොයි තැනද..?’

කියා අසන්නට… ඒ ගැන යමක් කෙටියෙන් හෝ කතා කරන්නට ‘මව්රට’ අප ගත් බොහෝ උත්සාහයන් ව්‍යර්ථව ගියේය. ලස්සන කනට මිහිරි තේමා ගීතයක් වාදනය වෙනවා මිසක ඔවුන්ගේ සෙල්ෆෝන් අපට ‘Hellow’ කියා තවමත් උත්තර දුන්නේ නැත. තවත් අයගේ ෆෝන් ක්‍රියා විරහිතය… ඇතැමෙකුට කතා කළ විට තිරයෙහි මැවෙන්නේ ‘Line Busy’ කියලාය. බොහෝ විට අද හෝ හෙට උත්සාහ ගත්තත් එහි වෙනසක් සිදුවන එකක් නැත.

‘Gota Go Home’ යන ස්ලෝගන් එක අතින් ගෙන පැමිණි ඒ ජනප්‍රිය කලා ශිල්පීන් අරගලය අතහැර දැමුවාද..? නැත්නම් එය අතරමංකර ගියාද..? එහෙමත් නැත්නම් ඔවුන් ආවේ, ‘ඔන්න අරගලයට අපිත් ආවා…’ කියන ‘කික්’ එක මත ආශ්වාදයක් ලබන්නද..?

කලාශිල්පීන් පමණක් නොව සනත් ජයසූරිය ඇතුළුව පැමිණි ක්‍රිකට් තරුද අරගලයට කෙරුවේ ඒ ටිකය… බඩට මොනවත් කන්නෙ නැතුව… ඔවුහු එකිනෙකා සර්ව රාත්‍රිකව ‘Gota Go Home’ කුටියක අසුන්ගෙන සිට යන්නට ගියහ. ඔවුන් නැවැත එනු ඇතැයි අරගලයෙහි ප්‍රධාන නියමුවන් බලා සිටියද නැවැත ආවේ නැත..,

අරගලය පිනවූ එයට ශක්තියක් වූ කලාකරුවනට සහ ක්‍රිකට් තරුවලට හැමදාම අරගලයට එන්නැයි කියන්නට සදාචාරාත්මක අයිතියක් නැති වුවද, අරගලය මෙතරම් ඉක්මනින් අත්හැර දැමීම තුළ ඔවුන් ගැන කනගාටුවක් හිත කොනක ඇති වීම සාධාරණය. දමිතා අබේරත්න ‘ඕනෑවට වැඩි යැ’යි ඇතැමුන් වහසිබස් දොඩනු කනින් කොනින් ඇසුණද ඇය අරගලය මඟ දමා ගියේ නැත. ඈ තවමත් එතැනය. එකෙකු හෝ කලාකරුවන් අතර එහෙම හිටපු එක සතුටකි.

අරගලය හැර ගියා යැයි කලාකරුවනට දොස් කියන්නට බැරිය… ඒ ඔවුන්ගේ නිදහස් අයිතිය වේ.
නමුත් මෙහෙම ලියන්නට පුළුවනිය..,

ඉනික්බිති..,
‘තද කළු පාට ඇඳ පැමිණි සුවහසක් කලාකරුවෝ හිතුවාට වඩා ඉක්මනින් අරගලය හැර ගියහ..,’
අරගලයක් එතරම් ලෙහෙසියෙන් මඟ දමා ගිය හැකිද..?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හමුදාවට මෙහෙම මිනිස්සුන්ට පයින් ගහන්න පුලුවන්ද? මේ නිලධාරියාට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ලෝකෙම ලංකාව දිහා බලන් ඉන්න වෙලාවක මේ වගේ දේවල්වලින් ලංකාව තවත් ‌ලෝකෙන් කොන්වෙයිද? (VIDEO)

Next Post

රට විනාශයි! රනිල්ට ජාත්‍යන්තර පිළිගැනීමක් නෑ! ඔක්කොම එකතුවෙලා දැන්වත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදමු! -විමල්! අපි ලෑස්තියි.. මහනායක හිමිවරුත් ඒ යෝජනාව කළා! කිරිඇල්ල! මේ හදන්නේ ආණ්ඩුව වට්ටන්න! හරීන් නැගිටලා විපක්ෂනායකටයි විමල්ටයි පහර දෙයි! (VIDEO)

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.