උපදේශක කාරක සභාවේ වාර්තාවල කිසිම අවස්ථාවක සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය මැතිවරණය කල් දැමීමට හෝ මැතිවරණය නතර කිරිමට හෝ නාම යෝජනා අහෝසි කිරිමට එකග වන බවට ප්‍රකාශ කර නොමැති බවත් මෙවැනි බොරු චෝදනා සිදු කළ ආණ්ඩුව සම්බන්ධයෙන් ඇත්තේ ලැජ්ජාවක් බවත් මෙම සියලු වාර්තා සටහන් සියලුම මාධ්‍ය වෙත යොමු කර සත්‍ය අනාවරණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
රජය සිදු කරන්නේ රටේ ජනතාව ගොනාට ඇන්දවීමට බවත් ඔවුන්ට අවශ්‍ය මැතිවරණ කල් දැමීමේ අභිප්‍රාය වෙනත් සිදුවීම් හරහා ඉස්මතු කිරීමට උත්සාහ කරන බවත් අගමැතිවරයා හොද ගුණධර්ම සාරධර්ම අනුගමනය කරන අයකු නම් මෙහි වීඩියෝ පට මාධ්‍ය වෙත නිකුත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.










