හොඳ මොළකාරයා, සුපිරි ජාත්‍යන්තර සම්බන්ධතා ඇති පුද්ගලයා පත් කර ගත්තා කියලා එක රුපියලක් වැඩි වුණාද? එක ඩොලරයක් වැඩිපුර හම්බවුණාද? ඔක්කොම හම්බවුණේ ණය. වෛද්‍ය ක්ෂේත්‍රයේ විතරක් ආධාර කිහිපයක් ලැබුණා. ඒවා මානුෂිය ආධාර. ඒ වගේම Food and Agriculture Organization එකෙන් සහල් ආධාර ලැබුණා. ඒවා මානුෂීය ආධාර. අනික් ඒවා ඔක්කොම හම්බවුණේ Repurpose Found විදිහට. Repurpose Found කියන්නේ ඇලවේලි හදන්න පාරවල් හදන්න, වෙනත් දේවල් හදන්න ලැබුණු සල්ලි ටික. ඒ සල්ලි සෞඛ්‍ය අධ්‍යාපනය වගේ දේවල්වලට වෙන් කරා.” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News










