ලොව පුරා පැතිර යන ඩෙල්ටා A30 ප්‍රබේධය සම්බන්ධයෙන් ලංකාව සීරුවෙන් සිටිය යුතු බවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය විශේෂඥයින් සිය විමතිය පළ කොට ඇත.
ඔවුන් පෙන්වා දෙන්නේ රට තවමත් තර්ජනයට ලක්ව ඇත්තේ මේ වනවිට පැතිර පවතින ඩෙල්ටා ප්‍රබේධයෙන් මිස A30 ප්‍රබේධයෙන් නොවන බවකි.
එම ප්‍රබේධය සහිත රෝගීන් මෙතෙක් ලෝකයෙන් හමුව ඇත්තේ පස් දෙනෙක් පමණක් බවත්, ඉකුත් ජුනි මාසයේ සිට කිසිදු රෝගියකු ලෝකයෙන් වාර්තා වී නැති බවත් සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ නව ප්‍රබේධයන් පැමිණෙනවාද යන්න සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ දෙස බලා සිටිනවාට වඩා දැනට රට තුළ පැතිර පවතින ප්‍රබේධය දෙස බලා සිටීම වැදගත් බවකි.










