පසුගිය අගහරුවාදා දිනයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රටේ විදේශ සංචිත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ විට, කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසා සිටියේ, ඒ පිළිබදව උත්තර දීම සදහා බදාදා දිනයේ දී අජිත් නිවාඞ් කබ්රාල් වෙනම මාධ්‍ය හමුවක් පවත්වන බවයි.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව පැවැත්වෙන ස්ථානයේ එම වේලාවටම අජිත් නිවාඞ් කබ්රාල් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින බව අමාත්‍යවරයා පවසා සිටියේ ය.
එහිදී රටේ පවතින විදේශ සංචිත සම්බන්ධයෙන් ඕනෑම ප‍්‍රශ්නයක් ඔහුගෙන් විමසිය හැකි බවද අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ ය.
කෙසේ වෙතත්, අජිත් නිවාඞ් කබ්රාල් විසින් පවත්වන්නට නියමිතව තිබුණු එම මාධ්‍ය හමුව ඊයේ දිනයේ දී නොපැවැත්වුණි.
මේ සම්බන්ධයෙන් ද මෝර්නිං පුවත්පත ඔහුගෙන් විමසා ඇති අතර, අජිත් නිවාඞ් කබ්රාල් එම පුවත්පත සමග පවසා ඇත්තේ තමන් එවැනි මාධ්‍ය හමුවක් පවත්වන බව ප‍්‍රකාශ නොකළ බවයි.
කෙසේ වෙතත්, රටේ විදේශ සංචිත ප‍්‍රමාණය වසර අවසාන වීමට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 3 දක්වා ඉහළ දමන බවට කරන ලද ප‍්‍රකාශයක්, ඊයේ දිනයේ දී මහබැංකුව විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබුණි.










