ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදුකළ යාපනය සංචාරයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා 3ක් භාවිතා කළ බවට සංසරණය වන අසත්‍ය පුවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය කරුණු පැහැදිළි කිරීමක් සිදු කළේය.Sri Lanka Latest News
ඒ අනුව ජනාධිපතිවරයා ඉකුත් 31වනදා සිදුකළ යාපනය සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා කල බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව අවධාරණය කරයි.
එම සංචාරය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා භාවිතා නොකල බවත්, ඒ සඳහා සිය නිල මෝටර් රථයෙන් ගමන් කල බව ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා ඇත.










