සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරියක ලෙස තේරී පත්ව සිටින ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන ලෙස ඉල්ලා හෙට (08) දින මැතිවරණ කොමිසම වෙත ලිපියක් බාරදීමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කොට ඇත.
අද (07) සවස සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීන්දුව ගැනීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව හෙට දිනයේදී ඊට අදාළ ලිපිය පක්ෂ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දනගන්නට ඇත.










