පාස්කු ප්‍රහාරයට සාධාරණය ඉටු වී නොමැති මොහොතක ඥානසාර හිමියන් එළියට පැමිණ කොයි මොහොතක හෝ ප්‍රහාරයක් එල්ල විය හැකි බවටත්, ඒ සදහා අවශ්‍ය බඩු ලෑස්ති කොට ඇති බවටත් කළ ප්‍රකාශය හරහා බරපතළ තත්ත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ප්‍රකාශයෙන් පසු නාවික හමුදාව පල්ලිවලට ගොස් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට කළ ප්‍රකාශය හා ඥානසාර හිමිගේ ප්‍රකාශය සමග සම්බන්ධයක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සැක මතුවන බවකි.
එමනිසා යම්කිසි හෙයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් එහි වගකීම ආණ්ඩුවත් ඥානසාර හිමියනුත් භාරගත යුතු බවද ඒ මහතා කීය.










