සමගි ජන බලවේගයේ අයිතිය සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී හරීන් ප්‍රනාන්දු සහ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අතර යම් කතාබහක් සිදුව තිබේ.
මෙහිදී හරීන් ප්‍රනාන්දු මහතා සිය කතාව අරඹමින් සජබය වෙනුවෙන් තමන් විශාල කැපකිරීමක් කළ බවත්, එහි නම, වර්ණය, සලකුණ ආදිය පවා තීරණය කළේ තමන් බවත් ප්‍රකාශ කොට ඇත.
කෙසේවෙතත් හරීන් ප්‍රනාන්දු මහතාගේ කතාවෙන් පසු නැගී සිටි ඩයනා ගමගේ මහත්මිය වහාම ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කොට තිබේ.
ඒ අනුව ගමගේ මහත්මිය ප්‍රකාශ කළේ පක්ෂය තිබුණේ තමන් සතුව බවත්, ඒ වනවිටත් පක්ෂයේ වර්ණය,සලකුණ සහ නම ආදිය තීරණය කර තිබූ බවත්, හරීන් ප්‍රනාන්දු මහතා ඒ කිසිවක් නොකළ බවත්ය.
කෙසේවෙතත් මන්ත්‍රීවරිය මෙම ප්‍රකාශය කර හරීන් ප්‍රනාන්දු මහතා දෙස බලවන විට සියල්ලන්ම කෑ ගසමින් ප්‍රකාශ කොට ඇත්තේ හරීන් රැස්වීමේ නොමැති බවය.
ඊට හේතු වී තිබුණේ අදාළ ප්‍රකාශය කළ සැණින් හරීන් ප්‍රනාන්දු මහතා රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන තිබීමය.