හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද්, අද උදෑසන ගාලු මුවදොර උද්ඝෝෂණ භූමියේ උපවාසයකට අසුන් ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙසත්, මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ආර්ථික අපහසුතා සදහා කඩිනම් විසදුම් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිමින් මෙම උපවාසය ආරම්භ කිරීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.