ඩීපී එඩියුකේෂන් බුත්තල අයිටී කැම්පස් ශාඛාවේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2900 දෙනෙකුට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අද 03 (ඉරිදා) පෙරවරු 08.30 සිට බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.Sri Lanka Latest News
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ ඉලක්කය සහිතව ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන තුළින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨාමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් වේ. ඒ අනුව, බුත්තල ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මගින් මෙදින සහතික පත් ලබාගන්නා සිසු සිසුවියන් සම්පූර්ණ කර ඇති අධ්‍යාපනයේ වටිනාකම රුපියල් කෝටි 200 කි.
මෙම උත්සව අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු 6000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත ය.










