ආණ්ඩුවට රැකියා විරහිත උපාධිධාරීන් බරක් වුවද තමන්ට එය බරක් නොවන බවත්, තමන් මිලියනයකට රැකියා ලබා දීම සදහා IT කැම්පස් රට වටා විවෘත කරන බවත් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා මේ අදහස් පළ කළේ DP EDUCATION IT කැම්පස්හි 60 වන මධ්‍යස්ථානය මහනුවර, පුස්සැල්ලාව ශ්‍රී මන්තින්දාරාම විහාරස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම මධ්‍යස්ථානයේ ස්වාමින් වහන්සේලා 16 නමක්, සිංහල ළමුන් 903ක්, දමිළ ළමුන් 112ක් සහ මුස්ලිම් ළමුන් 103 දෙනකු AI කෝඩින් සහ රොබෝටික්ස් අධ්‍යාපනය හදාරනු ලබයි.


















