” ලංකාවේ පාසල් සියල්ලටම එකම අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කරන්න කාට හරි වුවමනාවක් තියෙනවා නම් එක් දවසකින් ඒ දේ කරන්න පුළුවන්. පන්ති කාමර තුළ සුහුරු පන්ති කාමර ඇති කිරීම පමණයි කළ යුතුව තියෙන්නේ. ඩීපී එඩියුකේෂන් පටන් ගැන්මේදී සාමන්‍ය පෙළට ‘ඒ’ සාමාර්ථ නවයම ලබාගන්න පුළුවන් ළමයි 9000යි හිටියේ. ඒත් ගිය අවුරුද්ද වෙද්දි ඒ ප්‍රමාණය 13,500ක් වෙලා. අපි 50%කින් ප්‍රතිඵල ඉහළ නංවා තිබෙනවා. ඉතින් ප්‍රතිඵලවලින් පවා සනාථ කළ ක්‍රමවේදය පාසල් තුළට අරගෙන ගියොත් හැම ළමයෙක්ම ඒ ළමයා ගන්න තත්ත්වයට පත් කරන්න පුළුවන්. අද වඩාත් දියුණු තාක්ෂණයක් තියෙනවා.ඒ තාක්ෂණය යොදාගෙන පාසල් දහදාහම හොඳම පාසල් කරන්න බැරි ඇයි. කාට හරි අධ්‍යාපනය හදන්න වුවමනාවක් තියෙනවා නම් ඒ තීරණය අදම ගන්නත් පුළුවන්. ඒත් එහෙම වුවමනාවක් නැත්නම් මැකියාවලි කියලා තියෙන විදිහට නූගත්තු බිහි වුණොත් රට පාලනය කරන්න ලේසියි කියලා කවුරුහරි හිතනවනම් කවුරුත් මේ රටේ අධ්‍යාපනය ක්‍රමය වෙනස් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ.” යැයි ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ එහි සභාපති ධම්මික පෙරේරා මහතා පවසා සිටියේය.Sri Lanka Latest News
මහනුවර දිස්ත්‍රික්කයේ ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හි අධ්‍යාපනය ලබමින් ඒ ඒ අධ්‍යයන අදියර සම්පූර්ණ කළ සිසු සිසුවියන් අගයමින් සහතිකපත් ප්රදානය වෙනුවෙන් ඊයේ (16වැනිදා) මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැති ජයග්‍රාහී 28 වැනි සහතික ප්‍රධානෝත්සවයේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
මහා සංඝරත්නය අන්‍යාගමික පූජකතුමන්ලා මෙන්ම මහනුවර ප්‍රදේශයේ දරු දැරියන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. ඩී පී එඩියුකේෂන් අයි ටී කැම්පස් සංකල්පය යථාර්ථයක් කර ගැනීම සඳහා මහා සංඝරත්නයෙන් මෙන්ම අන්‍යාගමික පූජකතුමන්ලාගෙන් ලැබුණු සහයෝගයද ධම්මික පෙරේරා මහතා විසින් මෙහිදී ඇගයුමට ලක් කෙරුණි.
” ලෝකයේ සාර්ථකත්වයට පත් වූ සෑම පුද්ගලයෙක්ම ඒ සාර්ථකත්වයට ළඟා වෙලා තියෙන්නේ පවතින ක්‍රමවේදය වෙනස් කරමින් උඩුගම් බලා පිහිනූ නිසයි. ගඟක් දිගේ පහළට පිහිනා මුහුදට වැටෙන එක ලේසියි. උඩුගම් බලා යන එක ලේසි නැහැ. කෙනෙක් අමාරුවෙන් හරි උඩුගම්බලා යද්දී සමහරු ඒ පුද්ගලයාගේ ගමන අඩපණ කරන්න උත්සාහ කරනවා. අපිත් එක්ක පහළට පීනමු කියලා අර පුද්ගලයාගේ ගමන වෙනස් කරන්න හදනවා. හැබැයි උඩුගම් බලා පිහිනීමේ අධිෂ්ඨානය වෙනස් කරගත්තේ නැත්නම්, පවතින ක්‍රමවේදයට විරුද්ධ දිශාවට ගමන් කරන පුද්ගලයා කවදා හරි සාර්ථකත්වය කරා ළඟා වෙනවා.
ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් වැඩසටහන කියන්නේ අපේ රටේ අනාගත භාරකරුවන් උඩුගම් බලා ගෙනයන වැඩසටහනක්. අපේ ව්‍යාපෘති 325 සම්පූර්ණ කරන පිරිසට ලෝකයේ තිබෙන ඕනෑම දියුණු තාක්ෂණයක් එක්ක කරට කර තරග කරන්න පුළුවන්. ඉහළම සුදුසුකම් තියෙන වෙබ් ගොඩනගන්නෙක් වෙන්නත් පුළුවන්. මේ ව්‍යාපෘති 325 සම්පූර්ණ කළාම ලෝකයේ අමාරුම යැයි පිළිගත්ත වෙබ් අඩෙවි 10 වුණත් හදන්න පුළුවන්. ඇත්තටම ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් හරහා මේ ව්‍යාපෘති සම්පූර්ණ කරන දරු දැරියන් තවදුරටත් දැනුමෙන් මුදලින් වගේම හැකියාවන්ගෙන් දක්ෂතාවයන්ගෙන් දුප්පතුන් නෙමෙයි. ඔවුන් පවතින ක්‍රමවේදය වෙනස් කරමින් උඩුගම් බලා පිහිනා ජීවිතය ජයග්‍රහණය කරලා තියෙනවා .”යැයිද ධම්මික පෙරේරා මහතා පවසා සිටියේය.
” ලංකාවේ ආර්ථිකය හදන්නේ කොහොමද කියලා හැමෝම ප්‍රශ්න කරනවා. මේ රටේ ආර්ථිකය හදන එක හිතන තරම් අපහසු දෙයක් නෙමෙයි. මූලිකව ඒ සඳහා අවශ්‍ය වෙන්නේ වඩා ශක්තිමත් හොඳ ක්‍රමවේදයක් පමණයි. මේ රටේ හැම මනුස්සයෙක්ම හොඳයි. හොරු මංකොල්ලකාරයෝ නරක මිනිස්සු කියලා කොට්ඨාශයක් මට නම් මුණගැහිලා නෑ. හැබැයි මිනිසුන් හොඳ වෙන්න නම් ඒ මිනිසුන්ට හොඳ ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතුව තියෙනවා. වඩාත් හොඳ ශක්තිමත් ක්‍රමවේදයකට වැඩකරන මිනිසුන් හොර බොරු වංචා කරයි කියලා මම හිතන්නේ නැහැ.”
එලෙස වඩාත් හොඳ ශක්තිමත් ක්‍රමවේදයක් ඔස්සේ ලංකාවේ ආර්ථිකය සකස් කිරීමේදී මුලින්ම අවධානය යොමු කළ යුතුව තියෙන්නේ සමාජයට ප්රවේශවීමට ආසන්නයෙන්ම සිටින පරම්පරාවට බවද ඒ මහතා අවධාරණය කළේය.
” පාසල් අධ්‍යාපනය සකස් කළ යුතුයි කියලා තීරණය කරලා 2016 දී අපි පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.ඒ යටතේ මුලින්ම අපි පෙරපාසල් දාහක් හැදුවා. ඒත් රටක ආර්ථිකයක් හදනවනම් වහාම කළ යුතුව තියෙන්නේ පාසල් අධ්‍යාපනයේ ඉහළින්ම සිටින, සමාජයට මුදා හැරීමට ආසන්න පිරිසට මූලික අවධානයක් දීම කියලා අපි තේරුම් ගත්තා. ඒ අනුව අපි අපේ වැඩසටහන් සැලසුම් කළා. ඩී පී එඩියුකේෂන් කියන්නේ ඒ සැලසුමේ ප්‍රතිඵලයක්. මෙහිදී අපි මුලින්ම ගණිතය විෂය ඉගැන්වීම ආරම්භ කළා. ඉන්පසුව කොවිඩ් වයිරසයත් සමඟ අනෙකුත් විෂයන් ඉගැන්වීමත් පටන් ගත්තා. 2023 වන විට ආසියාවේ තියෙන පළවෙනි අධ්‍යාපන නාලිකාව හැටියට අපිට සම්මාන ලැබුණා. ඩීපී එඩියුකේෂන් අධ්‍යාපන ක්‍රමවේදය ආරම්භ වෙද්දී ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, කොරියාව, ඉන්දියාව වැනි රටවල් අපිත් සමග කරට කර තරග කළා. ඒත් ඒ හැම රටක්ම පරදවලා ආසියාවේ අංක එකට එන්න ඩීපී එඩියුකේෂන් එකට පුළුවන් වුණා” ලෙස ධම්මික පෙරේරා මහතා ඩීපී එඩියුකේෂන්හි සාර්ථකත්වය පිළිබඳව ද සිහිපත් කළේය.
” ළමයෙක් උඩට ගේන්න පුළුවන් වගේම ලංකාව හදන්න පුළුවන් එකම ක්‍රමවේදය අධ්‍යාපනය පමණමයි කියලා මම විශ්වාස කරනවා. තවත් විදිහකින් කියනවා නම් පොහොසත් වෙන්න පුළුවන් එකම ක්රමවේදයත් අධ්‍යාපනය විතරමයි. 1948 වෙද්දී ලංකාවේ පාසල් දෙදාහකට ආසන්න ප්‍රමාණයක් පමණයි තිබුණේ. ඒත් අද පාසල් 10100 තියෙනවා. ඒ තරම් පාසල් ප්‍රමාණයක් තිබුණත් ඒ බොහෝ පාසල්වලින් නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. මේ රටේ පාසල් වලින් ජාත්‍යන්තර අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් ලැබෙනකම් මේ රටේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. ඒ කතාව උදාහරණයකින් පැහැදිලි කරගමු. අද හිරේ ඉන්න මිනිසුන්ගෙන් 85%ක්ම අට පාස් නැහැ. එහෙම බැලුවොත් හිරේ යන මිනිසුන් බිහි කරන්නෙත් රජය විසින්ම තමයි. හැම දරුවෙක්ම තමන්ගේ දරුවෝ කියලා හිතුවොත් පාසල් නොයන දරුවන් ගැනත් හොයලා ඒ දරුවන්ව පාසල් යවන්න වැඩපිළිවෙළක් හදන්න මේ අයට පුළුවන්නේ. අඩුම තරමේ අට පාස් වෙනකම් හරි මේ රටේ අධ්‍යාපන ක්‍රමය මෙහෙයවන්න පුළුවන්කම තියෙනවනේ. හිර ගෙවල් උසාවි හදන්න සල්ලි වෙන් කළත් පාසල් හදන්න ඒ තරම් සැලකිල්ලක් දක්වන බවක් පේන්නේ නැහැ.මේ රටේ දරුවන් සියල්ලටම අඩුම තරමේ අට පාස් විය හැකි ක්‍රමවේදයක් හැදුවා නම් රටේ හිර ගෙවල් වලින් 85%ක් ඉබේම වැහිලා යනවා” යැයි පවසමින් ලංකාවේ පාසල් සියල්ල තුළම එකම අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කිරීමට කිසිවෙකුට හෝ වුවමනාවක් ඇත්නම් එය එක් දවසකින් කළ හැකි බවත් කළ යුතුව තියෙන්නේ පන්ති කාමර තුළ සුහුරු පන්ති කාමර ක්‍රමවේදය ඇති කිරීම පමණක් බවත් ධම්මික පෙරේරා මහතා පෙන්වා දුන්නේය. එලෙස සුහුරු පන්ති කාමර ඇතිකර අධ්‍යාපන ක්‍රමවේදය නිසි අයුරින් සකස් කළ පාසල්වලින් මෙවර උසස් පෙළ විභාගයේ කලා වාණිජ තාක්ෂණවේදය විද්‍යාව වැනි අංශවලින් විශිෂ්ටයන් බිහිකිරීමට හැකි වූ බවද හෙතෙම මෙහිදී සිහිපත් කර සිටියේය.
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-8.59.34-AM-scaled.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-8.59.36-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-8.59.39-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-8.59.42-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-8.59.43-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-8.59.46-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.00.09-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.00.15-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.00.22-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.00.24-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.00.29-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.00.32-AM.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.01.29-AM-scaled.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.01.30-AM-scaled.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.01.32-AM-scaled.jpeg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2024/06/WhatsApp-Image-2024-06-17-at-9.01.34-AM.jpeg)