තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ හෝ අමාත්‍ය ධූරයක දිවුරුම් නොදෙන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා අද (ජූනි 20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඔහු නීතිඥයෙකු මගින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම තීරණය දැනුම් දී ඇත.
ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට ගත් අවස්ථාවේදී මේ බව දැනුම් දී තිබේ.
අදාළ පෙත්සම් හෙට (ජූනි 21) නැවත විභාගයට ගැනීමට නියමිත ය.










