කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන්ම ඇති බව බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉන්දියාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
පසුගියදා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා සමග විශේෂ හමුවක් පැවැති අතර, එහිදී බැසිල් රාජපක්ෂ මහතා මෙම දැනුම්දීම කර ඇති බව පැවැසේ.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාද එක්ව සිට ඇත. එම අවස්ථාවේදී පොහොට්ටුවෙන් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේද යනුවෙන් ඉන්දියාව පැත්තෙන් කර ඇති විමසීමකදී, බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ පොහොට්ටු අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියෙන්ම ධම්මික පෙරේරා මහතා සිටින බවකි.