අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.Sri Lanka Latest News
හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වේ.
මාතර මහෙස්ත්‍රාත් අධිකරණ විසින් නියෝගයක් ලබා දී ඇතැත් පොලිස්පතිවරයා සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වනතෙක් නොහැකි වී තිබේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත ගියද එම අවස්ථවේදී නිවසේ කිසිවෙකුත් සිට නොමැති බව සඳහන්ය.
මෙම තත්ත්වය තුළ දිගින් දිගටම නිවස පරීක්ෂා කළ නිලධාරීන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුත්‍රයාගේ සහ බිරිඳගෙන් ප්‍රශ්ණ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙකු සඳහන් කළේය.










