• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශබන්දු අධිකරණයට අපහාස කරලා! අභියාචනාධිකරණය හමුවේ චෝදනා ගොනු කරන්න මාතර මහේස්ත්‍රාත් නීතිපතිට දැනුම් දෙයි! ඇප දුන්නාට පස්සේ එපා කියද්දිත් වාහනය ඇතුළට අරන් තියෙන්නේ ගිහාන් කියලා කෙනෙක් මාතර ASP විජේසේකරට කෝල් කරලා! වාහනය නවත්වලා තියෙන්නෙත් නීතීඥවරයෙකුවත් වාහනයක් නවත්වන්නේ නැති විනිසුරු රථගාලේ! I Sri Lanka Latest News

April 26, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩකරමින් මෝටර් රථයක් අධිකරණ පරිශ්‍රයට ගැනීම තුළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කිරීමක් සිදුකර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) තීන්දු කළේය.Sri Lanka Latest News

කෙසේ වෙතත් මුල් අවස්ථාවේ අධිකරණයකට සිදුකරන ලද අපහාසයක් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ බලය එම අධිකරණයට නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට දැනුම් දී ඇත.

2023 වසරේ දෙසැම්බර් 31 වැලිගම W15 හෝටලය ආසන්නයේ සිදුවූ වෙඩිතැබීමකදී පොලිස් සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් දින 22ක් රක්ෂිත බන්ධනාගාරගත කළ ධුරයේ රාජකාරී කිරීම අත්හිටවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව අප්‍රේල් 10 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඇපමත මුදාහැරියේය.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා සිය පෞද්ගලික මෝටර් රථය අධිකරණ භූමියට ගෙන්වාගෙන ඉන් පිටව ගියේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රයට නොගෙන එන ලෙසට සහ ආරක්ෂකයින් යොදානොගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා දුන් ඇප කොන්දේසි කඩකරමිනි. 

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට අදාළ ඇප කොන්දේසි කඩකිරීම සම්බන්ධයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණි.

අද නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා සහ ඇප ලැබූ දිනයේ වාහනයේ ගමන් කළ රොෂාන් ලක්ෂිත නැමැත්තා අධිකරණයට අපහාස කර ඇති බවයි. 

” ස්වාමිනි, පසුගිය නඩු වාරයේදී මම කිව්වා මොහුට ඇප දුන්නොත් මොහු මේ නඩුවම විනාශ කරනවා කියලා. කිව්වා වගේම ඔබේ නියෝගයේ තීන්ත වේලෙන්නත් කලින් මෙම සැකකරු අධිකරණ නියෝග උල්ලංඝනය කරලා තියෙනවා. එම නියෝග වුණේ මෝටර් රථය අධිකරණ පරිශ්‍රය ඇතුළට ගෙන්වා ගැනීමට අවසර නොදීම සහ  අධිකරණ පරිශ්‍ර යෙන් පිටව යනතුරු විශේෂ ආරක්ෂාවක් ලබානොදීම කියන කාරණා. මොහු එම නියෝග දෙකම උල්ලංඝනය කර තිබෙනවා. මේක පැහැදිළිවම අධිකරණයට අපහාස කිරීමක්. මොකද එය එම මොහොතේම විදර්ශන ප්‍රනාන්දු මාධ්‍යවේදියා දෙරණ නාලිකාවේ සජීවිව වාර්තා කළා. අනිත් සියලුම මාධ්‍ය නාලිකාත් ඉතා සුළු වෙලාවක් තුළ මෙය වාර්තා කළා. ඇප දීපු එක ඇහුන මේ සැකකරුට කොහොමද ඔබේ මෙම නියෝගය පමණක් ඇහුනේ නැත්තේ. දවස් 22 ඇතුලේ හිටියත් මොහුගේ බලපරාක්‍රමය බිදිලා නැහැ කියලා ලෝකෙට පෙන්නපු එකයි මේ කළේ. ස්වාමිනි වෙන වෙන තැන්වල ජෝගි දැම්මාට අධිකරණයේ සෙල්ලම් කරන්න දෙන්න බැහැ. “

මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ගමන් කළ මෝටර් රථය අධිකරණ පරිශ්‍රය තුළට ගත් ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව ද කරුණු වාර්තා කළේය.

” ස්වාමිනි, මේ මෝටර් රථය රඳවලා තිබිලා තියෙන්නේ ඔබතුමන්ගේ නිල වාහනය නවත්වන විනිසුරු රථ ගාලේ. නීතිඥවරයෙකුවත් එම රථ ගාලේ වාහන නවත්වන්නේ නැහැ. මෙය බරපතළ තත්ත්වයක්. බෝම්බ සහිත කාර් එකක් ඔතන නැවැත්තුවාත් ඔය ටිකමයි. අපි විමර්ශනය කළා කව්ද මෝටර් රථය ඇතුළට ගන්න අවසර දුන්නේ කියලා. ස්වාමිනි දේශබන්දු තෙන්නකෝන්ගේ නඩුවට ආපු නීතිඥවරයෙකුට ඇතුළට යන්න අවශ්‍යයි කියලයි මෝටර් රථය ඇතුළට ගන්න අවසර ඉල්ලලා තියෙන්නේ. එවිට ගේට්ටුවේ සිටි පොලිස් නිලධාරියා කියා තිබෙනවා ASP ගේ අවසරය අවශ්‍යයි කියලා. එවිට මෝටර් රථයේ සිටි ගිහාන් නැමැත්තෙක් මාතර සහකාර පොලිස් අධිකාරි විජේසේකර නැමැත්තාට දුරකථනයෙන් කතා කර අවසර ලබාගෙන වාහනය ඇතුළට අරගෙන තිබෙනවා “

මෙහිදී මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා විවෘත අධිකරණය හමුවේ මෙසේ ප්‍රශ්න කළා.

” මොකක්ද සහකාර පොලිස් අධිකාරිවරයාට තිබෙන නෛතික බලය මේ අධිකරණ පරිශ්‍රයට මෝටර් රථයක් ගැනීමට අවසර දෙන්න. මොකද අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ සිදුවූ වෙඩි තැබීමෙන් පස්සේ මේ අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කළා. මටත් ඉහළින් ක්‍රියාත්මක වන්නේ මහාධිකරණ විනිසුරුවරයාගේ බලය. එක කඩාගෙන අතික්‍රමණය කරලා එන්න ASPට බලයක් ආවේ කොහොම ද? “

ඊට පිළිතුරු දුන් දිලීප පීරිස් මහතා මෙසේ කරුණු දැක්වීය.

” ඒක තමයි ස්වාමිනි. ඇප මත ඉන්න පුද්ගලයෙක්ගේ හැසිරීමක්ද මේ? සහකාර පොලිස් අධිකාරි, අධිකරණ පරිශ්‍රයේ සිටින පොලිස් නිලධාරින් සියල්ල එකතුවෙලා සැලසුම් සහගතවයි මෙය කරලා තියෙන්නේ. අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීම මටත් වඩා තිබෙන්නේ ඔබතුමාට එම නිසා එක්කෝ ඇප දී ඇති නඩුවේ ඇප නිශේද කරන්න. නැත්නම් අධිකරණයට අපහාස කිරීමේ පනතේ 11 වැනි වගන්තිය යටතේ ක්‍රියාවලියක් ආරම්භ කරලා වැඩිදුර විමර්ශන සිදුකරන තුරු මොහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්න”

අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දැක්වීය.

” ස්වාමිනි, මේ චෝදනා මම දැනගත්තෙත් අද. ඔය කියන ඔබේ නියෝගය නිකුත් වෙද්දි මගේ සේවාදායකයා සිටියේ රිමාන්ඩ් භාරයේ බන්ධනාගාර නිලධාරින් යටතේ. ඔහු අධිකරණ පරිශ්‍රයට වාහන ගන්න බැරි බව දැනුවත්ව සිට නැහැ. ඒ වගේම ඔහුට ඔබතුමන්ගේ නියෝගය ඇහිලත් නැහැ. ඔහු ඇප ලබා පහල මහලයට එද්දි සුදුපාට කාර් එකක් නවත්තලා තිබ්බා. ඔහු එකේ නැගලා ගියා. එය අධිකරණයට අපහාස කිරීමක් හෝ බලය අයුතු ලෙස භාවිත කිරීමක් නොවේ. නොදැනුවත්ව වූ සිදුවීමක්. මම සමාව ඉල්ලනවා මගේ සේවාදායකයා වෙනුවෙන් “

කෙසේ වෙතත් එහිදී මහේස්ත්‍රාත්වරයා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.

” කොහොමද දන්නේ නැහැ කියන්නේ. ඔහු ඇරෙන්න වෙන කව්ද ඒක දන්නේ. වාහනය අධිකරණ පරිශ්‍රයට ඇතුල්කිරීම තමයි මෙතන ප්‍රශ්නය. කවුරුහරි නීතියට උඩින් අතපෙවීමක් කරලා තියෙනවා පෙනෙන විදිහට ASP. 

කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ සහායට පොලිස් කණ්ඩායමක් නම්කර එවන්නැයි එම කමිටුව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

ඒ එම කමිටුව රැස්වූ අවස්ථාවේදීය.

SendShareShare
Previous Post

මෙන්න තවත් එකක්! පෙරේදා එකයි.! ඊයෙ තව එකයි! මොකද්ද මේ නුවර වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මේ කතා ටික අහන්න! ඉන්දු පාකිස්තාන් යුද්ධයක් ආවොත් අපේ රටට වෙන දේ! හෙළිකරන්න ගිවිසුම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.